抖阴社区

part 14??

31 3 2
                                    


චිමිනි ලාම්පුවෙන් එළිවුණු කාමරයට ආ මම බත් ඉදෙනතුරු පොතක් කියවන්නට සිතා මේසය අසල හිඳ ගත්තෙමි. මට බාධා නොකරන්නටදෝ අමර මා මඟහැර ගෙතුළට ගියේය .අද හවස ඔහු අහිගුන්ඨිකයන් වෙත හැසිරුනේ කොතරම් ආවේගයකින්ද?  ඔහු කෙතරම් සිනාසී කතා කළත් හිත යට සඟවා සිටි කෝපය මතුවුණේ කෙතරම් සුළු දෙයකින්ද ?ඔහු එසේ හැසිරුනේ අසළීගේ සිත දිනාගන්නට විය නොහැකිද? අහිංසක අහිකුන්ඨිකයන් මේ වත්තේ ජීවත්වීම ගැන අමර විටින් විට කියන වචනවලින් ඔහුගේ අකමැත්තම ප්‍රකාශ කළේය. ඔහු එසේ හැසුරුනේ සැබවින්ම ඔහු ඔවුන් කෙරෙහි බියක් දැක්වූ නිසා නෙවෙයිද? අමර ගේ මා නොදන්නා පැත්තක් තිබේදැයි මට හැඟුණේ මේ හවසය.අසලි  පිළිබඳ එවැනිම හැඟීමක් මා තුළ ඇතිවුණේ මේ හවසය. ගස ළඟදී ඈ බලෙන්ම මෙන්ම සිප ගත් ආකාරය මා කැලඹවූ අවස්ථාවක් විය. ඇය සවිනීට වඩා කොතරම් වෙනස්දැයි මට සිතින.

සවිනි!............. සවිනීට කොහොම ඇද්ද? මේ සති අන්තය නම් කෙසේ හෝ ඇය දකින්නෙමයි මම සිහින මවමින් සිටියෙමි .ඇයගේ ඡායාරූපය සැඟවූ තැනින් ගෙන බලන්නට සිතෙත්ම මම මේසයට යටින් එලූ කඩදාසි යටට  අත දැමුවෙමි. මා අතට ආවේ ඡායාරූපයක් නොව කඩදාසි කැබලි කිහිපයකි. කලබල වූ මා කඩිනමින් මේසෙ එලු පත්තර කොළය මෑත් කොට බැලුවෙමි.

සවිනීගේ ඡායාරූපය තුනට ඉරා තිබිණ .මාතුල උපන්නේ කියාගත නොහැකි කෝපයක් හා වේදනාවකි. මගේම දේකට මෙවන් දෙයක් කළේ කවුද?  ඡායාරූපය නිකම් නිකම්ම නිකම් කඩදාසි කැබැල්ලක් තමා. ඒත් මේ වගේ දෙයක් කවුරු කරන්න ඇද්ද? අසලිද?  අසළි මාගේ කාමර දොරින් පිටවූ හැටි මට මතක් විය .නමුත් මෙය සිදුවී දවස් ගණනාවක් ගත විය හැකියි.
කලින් වතාවේත් සෙත් ශාන්තිය දා දේවිකාත් අනුකත් කාමරයට ආහ. නමුත් ඔවුන්  එවන්නක් කරන්න වෙන්න බැහැනේ. නැත්නම් වර්ණද? ඇය කාමරය අස්පස් කරන්නා විටක මෙය කළාද? එසේත් නැත්නම් නදුනිද? අමරද?  ඒත් මගේ සේයාරුවක් ඉරා දමන්නට ඔවුන්ට ඇති කැක්කුම කුමක්ද ?එහෙත් නැත්නම් මේ බහිරවයාගේ වැඩක්ද? බෝධිලිමාගේ ?  මෙයට අද්භූත බලපෑමක් ඇත්ද ? මා සිත තුළ හැමදෙනා ගැනම සැකයක් ඇතිවින. එහෙත් මට ඒ කිසිවක් ඔස්සේ ක්‍රියා කරන්නට නොහැකි විය.  පින්තූරේ කෑලි එකතු කොට මම පසුම්බියේ දමා ගත්තෙමි. නිහඩ වත රැකීම වඩාත් උචිත විය. පාඩමක් උගන්නන්නේ යැයි සිතා මම කිසිවක් නොකර සිටියේය.

?????? ( ??? ?????) Where stories live. Discover now