නීලාවතීගෙන් සාස්තර අහන්නට යන ඇතැමෙක් ලාලනි මැණිකේගේ
වත්ත පැත්තෙන් යති. එයට ගෙදර කිසිවෙකුගෙන් අවහිරයක් නොවීය. නීලාවතී විටෙක තම්බන මඤ්ඤොක්කා වල සුවඳ මගේ කාමරයටත් දැනෙයි. කුඩාරම දෙසින් බල්ලා බුරන්නේ ඉතාම කලාතුරකිනි .කාල් වඳුරා කර තබාගෙන ගේ ඉදිරියෙන් යනවා මා දුටුවේ කිහිප සැරයක් පමණි. ඔහු ඇතැම් දිනෙක බදුල්ල සිට නුවර පෙදෙස්වල ගොස් වඳුරා නටවා මුදල් එකතු කරගෙන ආ බව මට කීවේය . නීලාවතී තැම්බූ මඤ්ඤොක්කා ගෙනවුත් තම පාසල ළඟ තබාගෙන විකුණන බවද නදුනි හෙළි කළාය."ඔය ජරාව කාලා බඩේ අමාරුවක් හදාගෙන එහෙම එන්න එපා." ලාලනී මැණිකේ ඇගේ පොඩි දුවට තරවටුවකුත් කළාය.
" මම ජරාව කන්නෙ නෑ අම්මේ. මඤ්ඤොක්කා විතරනේ කෑවේ" නදුනි අමනාපෙන් කීවාය.
අහිකුන්ඨිකයන්ගේ ජීවිතේ කෙතරම් සැහැල්ලු දැයි මට සිතුනේ ඊළඟ වතාවේ ඒ කූඩාරම වෙතට ගිය විටදීය. එය සිදුවූයේ සතියේ බදාදා දවසක අනුකටත් දේවිකාටත් සාස්තර අහගන්න ඕනෑ වූයෙනි. එදින ඔවුන් අසළි සමග වැඩ ඇරී ආවෝය.
"ඕගොල්ලෝ හැමදාමත් මේ පැත්තට ඇවිදං එනවා නම් කොච්චර ශෝක් ද? " යැයි මම කීවෙමි .
"අපි කට්ටියම එකට ඉන්න තැනක් ගමු. "අසලි කීවද "අපි දැන් ඉන්න තැන කිසිම කරදරයක් නෑ "අනුක ඒ කතාව මගහැරියේය.
අසලි හැම අවස්ථාවකම මට තව තවත් ලං වෙන්නට තැත් කරන්නේ යැයි මට හැඟී ගියේය. ඇය හා සමග මිතුරු වෙන්නට නම් මාගේ ආසාවක් නොවීය. අප වත්තට ඇතුළු වෙත්ම නදුනි අප වෙත දුව ආවාය. ඇය අසළීගේ අතේ එල්ලි සතුටින් යමක් කීවාය.
ඒ අනුව අප සියලු දෙනාම පුරුදු පරිදි කූඩාරම දෙසට යද්දී පසු පසින් දුම් කඳක් නැගිණ. අදත් කාල් පෙනෙන්නට නොසිටියේය. බුලත් හපමින් අප වෙතට ආ නීලාවතී කීවේ කාල් ළඟට ගිය බවයි. මෙවරද ඇය වඩාත් උවමනාවෙන් බැලුවේ අසළි දෙසයි. මුලින්ම සාස්තර ඇසුවේ දේවිකායි. ඔවුන්ට පවසෙන දේ ගැන එතරම් උනන්දුවක් නොවූ හෙයින් මම අවට බැලුවෙමි. ගස් අතු අතර බලා සිටියා වූ යෝද කටුස්සා යළිත් මගේ ඇස ගැටුණේ මෙසේ බලද්දීය. ඌව අසලි ට පෙන්වන්නට සිතා ඇය වෙතට හැරී නිහඬව ඇගේ අතකට තට්ටු කරත්ම යමක් කියාගෙන ගේ දෙසින් දුව ආ නදුනිගේ හඬට බිය වුණු කටුස්සා අතුපතර සැඟවුණේය.

YOU ARE READING
?????? ( ??? ?????)
Horror??? ???????? ?????? ????. ???? ????????? ?????? ???? ?? ??????? ??????.???? ??????? ?? ????? ?????????.?? ?? ?????? ????????? ???? ?????? ??? ???? ????? ???????? ??? ????. ?? ???? ????? ??? ??????.?? ? ??? ?????? ????? ???? ?????.????? ????? ??? ???...