සෙනසුරාදා උදේ අවදි වන විට මගේ කම්මුලේ වූ සීරීම් සලකුණු සියල්ල මැකී ගොසිනි .මොර ගහ හන්දියේ සිදුවූ බොහෝ සිදුවීම් ද සිහිනයක්ම පමණි. සෙනසුරාදා හවස සවිනී මුණගැසුන විට අනෙක් සියල්ලම මට අමතකව ගියේය .අප දෙදෙනා කොළඹ චිත්රපටියක් නරඹන්නට ගියෙමු.එය කුතුහලය දනවන ඉංග්රීසි චිත්රපටයක් විය. මම සවිනීගේ අතින් අල්ලාගෙන චිත්රපටිය නැරඹුවෙමි. චිත්රපටියෙන් පසු අපි සාප්පු සවාරියක ද ගියෙමු. සවිනී මට වැහි කබායක් අරන් දුන්නාය.
" දැන් ඔයාට බයිසිකලේ යනකොට කුඩයක් ගෙනි යන්න බෑනේ .ඒ නිසා මේක බයිසිකලේම පිටිපස්සේ තියාගන්න ."
ඇය මා ගැන කොතරම් සොයා බලනවාදැයි මට ඒ තුළින් ම දැනිණ .අප මුහුදු වෙරළ අසල අවන්හලකින් රෑ කෑම ගත්තෙමු. ඇයව කොළඹ නිවසට හැරලා මා නුගේගොඩ අපේ ගෙදරට ආවේ යම්කිසි තෘප්තියකිනි.සතියක්ම ඇයගෙන් වෙන්වී දුර පලාතක රැකියාව කිරීම මෙන් නොව ඇය සමග පැය කිහිපයක් ගත කිරීමද සුන්දර විය.
ඉරිදා දිනය මම අලස ලෙස ගතකළෙමි. නංගි මගේ රෙදි ටික සෝදා දුන්නාය. අම්මා පිසු බත් ද මම රස කරමින් කෑවෙමි. මොරගහ හන්දියේදී මා මුහුණ පෑ සිදුවීම් කිසිවක් මම ඔවුන්ට හෙළිනොකළෙමි. මොරගහ හන්දිය තාවකාලික නැවතුම්පලක්ම පමණි.
ඉරිදා දවල් කෑමෙන් පසු මඳ වේලාවක් විවේක ගත් මම සූදානම් කල ඇඳුම් අතර සවිනි තෑගි කල වැහි කබාය ද ගමන යාම සඳහා අසුරා ගත්තෙමි. තව සති අන්තයක් ගිහින් බැවින් නුවරට ගමන් ගනිද්දී මට සිහි වූයේ රෑ තනිවම නවාතැනට යන ගමන ගැනයි. පෙරවතාවන්හිදී අත්දැකීම් සිහින පමණක් වුවද මේ වතාවේදී මා මුහුණපාන්නෙ කුමන අවස්ථාවකටදැයි ගැන කුතුහලය මා තුළ විය.
නුවරින් මොරගහ හන්දියට ගිය අන්තිම බස් රථයට මා ගොඩ වූයේ වන දෙයක් වනවා යැයි සිතමිනි. බස්රිය අවසන් නැවතුමට ලංවෙද්දිම මම සෝදිසියෙන් වටපිටාව බැලුවෙමි. එසේ කළේ මා පසුගිය වතාවේ මගේ කුඩේ යටට ආ ගැහැණිය මෙන් මේ වතාවෙත් කවුරුන් හෝ මගදී මුණ ගැසුනොත් ඔවුන් කවුරුන්දැයි තහවුරු කරගන්නටය .අවසානයේ ඉතුරු වූයේ කලිසම් හැදි තරුණයින් දෙදෙනකුත් වයසක මැදි වියේ මිනිසෙකුත් පමණි. ඔවුන් හැම දෙනාම අඳුර අතට විසිරගිය පසු මම හෝටලයට ගොඩ වුණෙමි. ගමගේ හෝටලයේ මගේ බයිසිකලේ දොර ළඟම ඇතුළත තබා තිබුණේය. මම උණු තේ කෝප්පයක් බි මුදල් ගෙවා මුදලාලිට ස්තුති කර බයිසිකලේ දම්වැල් රැහැණින් මුදා පිටතට ගෙන එයට නැංගෙමි.

YOU ARE READING
?????? ( ??? ?????)
Horror??? ???????? ?????? ????. ???? ????????? ?????? ???? ?? ??????? ??????.???? ??????? ?? ????? ?????????.?? ?? ?????? ????????? ???? ?????? ??? ???? ????? ???????? ??? ????. ?? ???? ????? ??? ??????.?? ? ??? ?????? ????? ???? ?????.????? ????? ??? ???...