抖阴社区

part 11??

41 4 13
                                    

*. : 。✿ * ゚ * .: 。 ✿ * ゚ * . : 。 ✿ *

ඒ රාත්‍රියේ අසලිත් ,දේවිකාත්, අනුකත් ලාලනි මැණිකේගේ ගෙදරින් පිටව ගියේ අපේ ගෙදරින් රෑ කෑම ටිකකුත් කෑමෙන් පසුවයි. දෙහි කැපිල්ලෙන් පසු හැම දෙනාම විසිරගිය පසු අමුත්තන් හැටියට ඉතිරි වූයේ ඒ තුන්දෙනා පමණයි. බැංකුවේ අප සතර දෙනා හැරෙන්නට අමර හා වර්ණා ද අප සමග කෑම මේසෙට හිඳ ගත්තේය.

අපි නොයෙක් විහිළු තහළු කළෙමු. එක එක දේවල් කතා කලෙමු. සෙත් ශාන්තියෙන් පසු හැමගේම සිත් සැහැල්ලූවා සේය .හැමෝම වෙනදාට වඩා සතුටකින් සිටින බව පෙනුණි. නදුනි පෙනෙන අහලක නොවූවාය .පසුදා පාසල් යා යුතුයි කී ඈ නිදාගන්නට ගියා යැයි ලාලනී මැණිකේ කීවාය. ලාලනි මැණිකේ නීලාවතී හා කාල්ට කෑම ඔතා ගෙනයන්නට දුන් බව සඳහන් කළාය .දවසක වැඩඇරී සාස්තර අහන්නට අහිගුණ්ඨික තානායමට එන බව අසලි යළිත් මතක් කළාය .

අමර තෝරා බලා මේසේ පුටුවක හිඳගත්තේ අසළීගේ මුහුණ දෙස එක එල්ලේ බැලීමට බව මට තේරුනේ පසුවයි . වරක් වර්ණා මගේ පිඟානට යමක් බෙදූ විට අනෙක් පසින් අසලිද මට යමක් බෙදුවාය. අනතුරුව දෙදෙනාම සිනාසුනි. මට සවිනි මතක් විය. එදා රාත්‍රියේ මම කිසිදු කරදරයකින් තොරව නිදා ගත්තෙමි. එළිවන යාමේ මා අවදිව ගත්තේ සුළඟේ හමායන සිරිසිරි පොද වැස්සක හඬ අසමිනි .සියලු වස්දොස් සේදී ගියාක් මෙනි .මගේ ගතටද නව පනක් දැනුණි . වෙනදා මෙන් වෙහෙසකර ගතියක් නොතිබිණ. දෙහි කැපිල්ල හැම දෙනාගේම සිතට සහනයක් ගෙනාවා යැයි පැහැදිලි විය.

පොඳ වැස්ස පහව ගිය පසු සූර්යයා නැගී ආවේය . වත්ත පාමුල අහිකුණ්ටක කූඩාරම අසල ගවයාගේ හඬ ද මට පැහැදිලිව ඇසුනි. වැස්සෙන් පසු අවට සියල්ලම අලුත් වී නැවුම් බවක් පෑය .මම නදුනිව බයිසිකලේ හිඳුවාගෙන පාසල් ළඟට ඇරලා කාර්යාලයට එද්දී අසළි මා එන තෙක් මග බලා සිටියාය. ඇගේ මුහුණ සිනහවෙන් පිරිලා ය.ඇය මාගේ නවාතැනට ආ ගමනින්ම ඇය සමග මම තවත් සුහද වූවා සේය .

"ඔයාලගේ ගෙදර හැමෝම හොඳයි අනේ" ඇය කීවාය ."වර්ණාත් ලස්සනයි නේද ?"

"මම නම් ඉතින් ඔච්චර බැලුවේ නැහැ .මගේම නංගිලා වගේනේ මේ දෙන්න .මේ ඒක නෙමෙයි ඕගොල්ලෝ ඊයේ කරදරයක් නැතුව ආපහු ගියා නේද?"

?????? ( ??? ?????) Where stories live. Discover now