抖阴社区

                                    

"මං නම් ඕවා ගණන් ගන්නේ නෑ."
"බල බල ඉඳලා හරියන්නෙ නෑ අපි ඉක්මනට ආරක්ෂාවක් කර ගමු." ලාලනී මැණිකේ කීවාය.

මඳ වේලාවකින් නදුනි කාමරයට පැමිණියාය."අයියෙ මේ අම්මා කිව්ව මෙන්න මේ තෙල් ටික ඔය මූනේ ගාන්න ගාන්න කියලා"

මා අකැමැත්තෙන් වුවද බෙහෙත් තෙල් මූණේ උලා ගත්තේය.

"මොකක්ද අයියේ මූණට උනේ"

"නෑ නංගි මේ ඊයෙ රෑ කැරපොත්තෙක් කාලා"

"අයියෝ එහෙමද !කෝකටත් අයියේ හොඳට දොර ජනෙල් වහලා නිදාගන්න"

එවිටම එතනට වර්ණාත් පැමිණියාය." අම්මා කියනවා මොකක් හරි උනොත් ආරක්ෂාවක් කරගන්න ඕන කියලා.කවුරුහරි හොඳ කට්ටඩියක් අල්ලලා නුලක් මතුරලා.................."

"අමර මල්ලි අපි යමුද පාර දිහාවට" මම ඇගේ කතාවට බාධා කරමින් කීවෙමි. තවදුරටත් මට ඔය මනස්ගාත කතාවලට සවන් දෙන්නට කැමැත්තක් නොවීය.

ඉන්පසු අප දෙදෙනා නොයෙක් කතා ගැන රසවත් පොත්පත් ගැන නාට්‍ය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තෙමු.අප ආපසු අවේ ඉර බැස යද්දීය. එයින් පසු මම ලිඳ වෙතට ගොස් ඇඟ සෝදා ගත්තෙමි. මුළුතැන් ගෙයින් ලාලනී මැණිකේ සහ ලොකු දුවනියන් කෑම පිසුණු ලබනු මට පෙනේ.

කාමරයට ආ පසු මම ගෙදරින් ගෙනා නවකතාව කියවන්නට ඇඳේ ඇලවුනෙමි. මා පොත කොතරම් කියෙව්වාද යන්න මට මතක නැත. මා නැවත ඇස් ඇරියේ අමර දොරට තට්ටු කොට කෑම ලෑස්තියි කියද්දීය. ඒ වන තෙක්ම මා නින්දෙන් පසු වී ඇත.

රෑ කෑමෙන් පසු අප දෙදෙනාම සාලයේ අඩ අදුරේ හිඳ මඳ වේලාවක් සතුටු සාමීචී කතාවක යෙදුනෙමු.
මට වෙලාවක් එක එක දේවල් ගැන සාකච්ඡා කරමින් සිටි මට අමර යෝජනාවක් ගෙන ආවේය.
"අයියේ අපි යන්ද අර කන්ද පාමුලට"

"මොකද අයියා කියන්නේ අපි යමුද?"

"මගේ අකමැත්තක් නම් නෑ ඒත්......."

"ඇයි අයියා බය වෙලාද?"

"මං මොකටද බය වෙන්නේ?.මටත් ඕනෙ එතනට ගිහිල්ලා සැකේ නැති කරගන්න."

"ඒක තමයි මාත් හිතුවේ අපි යන්ද අද?"

"අයිය නිදාගත්තම මම රෑ 12ට විතර ඇවිල්ල දුරට තට්ටු කරන්නම්"

?????? ( ??? ?????) Where stories live. Discover now