抖阴社区

                                    

"හරි එහෙනම් එහෙම කරමු"

ඉන්පසු ලාලනි මැණිකේ අමරට අඩ ගෙව් හෙයින් ඔහු ගෙතුළට ගියේය.

මම නිදන කාමරය වෙත පැමිණියෙමි. සිතේ යම්කිසි බියක් ඇතිවුවද තවත් එක අතකින් එය මනෝ විකාරයක් බව අඟවයි. කෙසේ නමුත් දෙයක් ගැන සොයාබැලීමට නම් එය අත්දැකීමෙන්ම ලද විය යුතුය. එම නිසා මගේ බිය පහ කර ගන්නට නම් මම මෙයට මුහුණ දිය යුතුය.

මම ඇඳේ ඇලවී නොයෙක් දේවල් ගැන සිතේ සිතන්නට විය .සාලයේ බිත්ති ඔරලෝසුවේ එකොළහ වදිනු මම අසා සිටියෙමි. දැන් කාමරේත් දැඩි අඳුරේය. ලාම්පුවත් නිවී ගොසිනි .මම ඇඳෙන් නැගිට්ටෙමි. සරම් ගැටේ තදකොට ගත්තේය. කිසිවකුත් නෑ යන සිතුවිල්ලෙන් නැගිට්ටෙමි. ඇඳ ළඟම කවුළුව මම හෙමින් ඇරියෙමි. සීතල සුළං පාරක් මගේ මුහුණට වැදින .ගස් අතු සෙලවිණි . අතරින් පතර කණාමැදිරි එළි කීපයක් දකින්නට ලැබිණ.
කවුදෝ පිටත ඇවිද යන්නාක් මෙන් කරස්කරස් හඬක් ඇසින. මොහොතකට මගේ හද ගැස්සුනී. අමර පිටුපස දොරින්වත් එනවාද යැයි මම අනුමාන කලෙමි.

" මල්ලි මම රහසින් මිමිනුවමි."

එහෙත් පිටත පේන මානයේ අඬ අදුරේ කිසිවෙකු නොවීය .මගේ හිතට යම්කිසි බියක් දැනෙන්නට විය .කඩනමින් මම ජනෙල් පියන වසා කමිසය හැඳ ගත්ත පසු මම සෙරෙප්පු දෙක දමාගෙන අඩ අඳුරේ අඳුරු ඉස්තෝප්පුවට පැමිණියෙමි .

රෑ අහසේ අඩසඳකි.එහෙත් සදෙන් ඉක්මවූ එළිය ප්‍රමාණවත් නොවේ.පිටත සියල්ල සෙවනැලි අඳුරය.

අර මළ පෙරේත ගද මට යළිත් දැනෙන්නට විය.ඒ අතරින් වවුලන්ගේ නාදය ද ඇසේ.

"මං බය නැහැ." මම විදුලි පන්දම එළියේ වත්ත අතට හැරෙව්වෙමි.

"ෂ්" ඒ හඬින් තිගැස්සි මා අතින් විදුලිපන්දම බිම වැටිණි. හදවත වේගයෙන් ගැහෙන්නට විය.

"අයියේ"

"මල්ලි"

"බය වුණාද?"

නෑ නෑ මම විදුලි පන්දම අහුලා ගත්තෙමි."බය වුනේ නෑ ගැස්සුනා"

"අපි යමුද?"

"යමු යමු"

"සේරම නිදි"

?????? ( ??? ?????) Where stories live. Discover now