"නෑ මට ඉස්සෙල්ල ඇහුනා කවුද එළියෙ ඇවිදින වගේ ඒකයි මං එළියට ආවේ"
"කවුද"
"මං හිතුවේ මල්ලි ඒ පැත්තෙන් ආවා කියලා"
"නෑ මං ආවේ නෑ"
අප දෙදෙනා පුදුම වුනි.
"අයියා මාව බය කරනවනේ"
"යමු යමු යන මගුලේ ගිහින් එමු"
මම විදුලි පන්දම ගෙන මග එළිය කළෙමි. අමර මට ඉස්සර උනේය. අපි වත්ත පසු කරමින් ඉදිරියට යන්නට විය. "අපි මොකටවත් බය වෙන්න ඕනේ නෑ මල්ලි සේරම තියෙන්නේ හිතේ"
"ඒකනං ඇත්ත අයියා"
"ඕවා බොරු මනස්ගාත වෙන්න ඇති"
ඉන්පසු අප මඟ දිගට යන ගමන් සිංදුවක් මිමුණුවෙමු.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. පාර දෙපස කැලේය .ගෙවල් අඳුරේය. වමතින් දැන් පෙනෙන්නේ කඳු ගැටයයි. "ආන් අතන තමයි බැසිලිස්ගේ පැළ තිබුනේ. යන්ද එතනට?"
"යමු මල්ලි මම මොකෙක්ටවත් බය නෑ"
අපි ගස් කඳු පීරගෙන කන්ද ඉහළට නැග්ගේය. මට මහන්සි දැනිනි. අමරද හති හලමින් බඩ ගාගෙන කඳු ගැටේ නැග්ගේය.එය දැක අප දෙදෙනාම සිනාසුනේය.
කඳුගැට ඉහළ සිට බලද්දී පහළ වගා කල හේන් බිම් , වල්පැළෑටි, පොඩි පඳුරු, ගස් අතරින් පතර පෙනෙන්නට විය. එහෙත් පේන අහලක අතු පැළක් නම් නොවීය. ගස් කීපයක් පමණක්ම තිබිණ.
අපේ සිනාහඬ යටපත් කරමින් එක්වනම "චික් චික්" යන හඬක් ඇසෙන්නට විය.
"මොකෙක්ද ඒ?"
"මොකෙක් හරි කුරුමිණියෙක් වෙන්නැති"
ඉන්පසු මම අනික් පස හැරෙත්ම ගහක් දෙසින් අඳෝනා හඬක් නැගෙන්නට විය.
එම හඬ ඇසී අපි දෙදෙනාම ගොළු වී නොසෙල්වී සිටියෙමු. හඬ කෙමෙන් කෙමෙන් එය ඇසී තුනී වී ගියේය.
මම විදුලි පන්දම් එළිය ගස් අතට එල්ල කළෙමි. එවිටම මම දුටුවේ ගස් අතු අතර කොල පාටට දිලිසුන ලොකු බෝතල් අඩි දෑසකි.
අමර "අහ්" යයි කියවිණ.
මමද තත්පර කීපයක් ගල් ගැසී බලා සිටියෙමි. හෝතම්බුවෙක්, උනහපුළුවෙක් මං මටම කියා ගත්තෙමි. ඒ අතරට ගිහින් බලන්නටද මට සිතුන නමුත් මාගේ හද බියෙන් සලිත කරවන්නට විය.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඒ දෑස් ඔරවාගත් ගමන් ය. දෑසේ කඳුළු පිරිලාය. සියල්ල අඳුරේය.ඉන්පසු අමර මගේ අතින් අල්ලා ඇද ගස් පඳුරු බිඳගෙන කන්ද පහළට දුවන්නට විය .මම "මල්ලි මල්ලි" කියා කෑ ගසමින් ඔහු පස්සේම වැටුනෙමි.
අප නැවතුනේ පාරට ඇවිදින්ය. අපි හති හලමින් තත්පර කීපයක් බලා සිටීමු.
"මොකෙක් උනත් ආයෙනම් මං එහෙ යන්නේ නැහැ."අමරකීවේය.
අපි හැකි ඉක්මනින්ම ගෙදරට පැමිණීයෙමු. මම කාමරයට වැදී දොර ජනෙල් සියල්ල වසා දැමුවමි. බොහෝ වේලාවක් යන තෙක් මට නිදාගත නොහැකි විය. සාලයේ බිත්ති ඔරලෝසුවේ පාන්දර තුන වදිනු මට ඇසින.
≻───── ⋆✩⋆ ─────≺
Guyes. ඉතින් ඔයාලට මේ කතාවේ ටිකක් කුතුහලයක් එහෙම දැනෙනවා ඇති මොකක්ද මේ වෙන්නෙ කියලා.ඉතින් කතාවේ ඉතුරු ටිකත් බලාගන්න මේ කතාවත් එක්ක හැමෝම එකතු වෙලා ඉන්න .🤫
කොළපාට ඇස් කාගේද? 💀
අද්භූත දේවල් ගොඩක් තව ඉස්සරහට සිද්ධ වෙනවා.ඒ වගේම තව අලුත් චරිත කිහිපයකුත් මේකට එකතු වෙනවා.🤐😛
ඉතින් මේ කතාව අවසානයක් වෙනකන් ඉන්න කියලා.මම හැමෝටම කියනවා.😛
So please read this and like,comment & share this story 🤗❤️Thevi_Silva 😚🌹
💀🩸

YOU ARE READING
?????? ( ??? ?????)
Horror??? ???????? ?????? ????. ???? ????????? ?????? ???? ?? ??????? ??????.???? ??????? ?? ????? ?????????.?? ?? ?????? ????????? ???? ?????? ??? ???? ????? ???????? ??? ????. ?? ???? ????? ??? ??????.?? ? ??? ?????? ????? ???? ?????.????? ????? ??? ???...
part 03??
Start from the beginning