![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අවට දෙපසම මානා පඳුරු දැක ගන්නට හැකි විය. රැහැයියන්ගේ හඬත් ,සිසිල් සුළඟත් පමණි.අසලි ගේ නවාතැනට යනතෙක් කඳු ගැටයේ මද නැග්මක් විය . එහෙත් තේ කෝප්පය බීහෙයින් මට යම්කිසි ශක්තියක් ලැබී ඇති බැවින් කඳු නැග්ම අපහසුවක් නොවීය . අසලි ගේ නවාතැන ට ටිකක් සේන්දු වන විට ගෙදර දොරකඩ සුදු එළිය දැල්විණ. තාප්පෙන් මෙපිටට එයින් මද එළියක් ගලා ආවේය. මෙතන පසු කලාට පසු ගමන පහසු විය. පාර පැතලි විය. මග තුළ කිසිවකුත් ගමන් ගන්නා බව නොපෙනේ . බයිසිකලයේ ඉදිරියේ වූ කණාමැදිරි එළිය පාරේ යාන්තමට මග දෙපස එළිය කළේය .අවට තිත්ත කළුවර විය .සඳ එළිය ද අවට අඳුර දුරු කිරීමට සමත් නොවීය.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. රාස්ස කැලේට ළංවෙත්ම මට යළිත් බයිසිකලයෙන් බසින්ට සිදු විය. මෙතන කඳු ගැටේ නැග්ම වැඩිය. පාගන්නට බැරි තැන මම හතිහරිමින් බයිසිකලය ඉහලට තල්ලු කරගෙන ගියෙමි. එක්වනම ඉදිරියෙන් සිහින් හඬක් ඇසෙන්නට විය. මගේ හදවත ගැස්සිණ. ඉදිරියට යත්ම තවත් එම හඩ පැහැදිලි විය.ගෙජ්ජියක් සෙලවෙන්නාක් බඳු හඩකි.
"චිලිං චිලිං සලංසලං" අඳුරේ කිසිවකුත් නොපෙනේ . මම ගමන මදකට නැවැත්තුවෙමි. එම හඬ නැවතුනාක් මෙන් විය. යළිත් චිලිං චිලිං සලං සලං හඬ ඈසෙන්නේය. . මම හොඳින් අඳුර දෙස බැලුවෙමි. කිසිවකුත් නැත. හිතේ මැවුණ දෙයක් දැයි මම සිතුවෙමි. රාස්ස කැළේ පසු කළ සැණින් මම බයිසිකලයට නැග පෑගුවෙමි. පාරේ යළිත් සමතලාවකි.

YOU ARE READING
?????? ( ??? ?????)
Horror??? ???????? ?????? ????. ???? ????????? ?????? ???? ?? ??????? ??????.???? ??????? ?? ????? ?????????.?? ?? ?????? ????????? ???? ?????? ??? ???? ????? ???????? ??? ????. ?? ???? ????? ??? ??????.?? ? ??? ?????? ????? ???? ?????.????? ????? ??? ???...
part 09??
Start from the beginning