" ඇයි දනුක?" අසළි ඇසුවේය.
"වැඩක් නෑ ඔයාගේ යාළුවා බලන් ඉඳලා ගියා?" මා රහසින් මෙන් කීවේ නීලාවතී ගේ සාස්තර කීමට බාධා නොකරය.
" කවුද?" ඇයද ඒ හඬින් ම අසන විට නදුනි අප වෙතට තවත් ලං ලංවිය.
" මං ගැනද කතා කරන්නේ?" නදුනි හඬ උස්කරත්ම ඇයට නිහඩවන්නට යැයි මම සන්කලෙන්
"එන්න ටිකක් එහාට යමු ."අසලිත් නදුනිත් මා අනුව කූඩාරමින් ඈතට ඇවිද ආවෝය. මා උවමනාවෙන්ම ඇවිද ගියේ කටුස්සා රැඳී ගස අතටය. බියට මුහුණ දෙනවා මිස එය මගහැරීම නුසුදුස්සකි.
" ඔන්න ඔයාගේ යාළුව පෙන්නන්න ආවේ" මම පහත් හඬින් කීවෙමි.
"මොන යාළුවාද?" අසලිගේ කටහඬින් කුතුහලය ගෙන දුනි. නදුනි ගේ දෑස නොයිවසිලිමත් විය . ගස ළඟටම ආ මම විපරම් කර බැලූවෙමි. නදුනි යමක් කියන්නට තනත්ම මම අතින් අල්ලා ඇයව නිහඩ කළේය . මා ගස වටා ඇවිද යත්ම අසලි මගේ අතකින් අල්ලාගෙන මා අනුව ආවාය.
"මොකක්ද අනේ දනුක .කියන්නකො?" ගස් අතු සෙලවිණ. බොරුවක් කියා මා ඇයව මෙතනට ගෙන ආවා යැයි ඇය සිතුවා දැයි මම නොදනිමි. නදුනි ගසෙන් අනෙක් පසට දුවයත්ම අසලි මගේ කම්බුලක් සිපගත්තාය .මම ඇගේ අත මුදා ගත්තෙමි. මා මේ වෙලාවේ මෙය බලාපොරොත්තු නොවූවකි.
"කෝ ඉතින්? "යයි කිව් ඇගේ මුහුණ ජම්බු ගෙඩියක් සේ රතු විය.
" මං ආවේ ඔයාට කටුස්සෙක් පෙන්නන්න".
"ඔයා ද කටුස්සා?" කී ඈ අතකින් මුවවසා හිනහෙන්නට වුණාය.
"කෝ ඉතින් ඔය කටුස්සා "
"නෑ ඇත්තමයි අසලි ඌ බලන් හිටියා .ඌ දැන් නෑ නේ. "
"අවතාරයක්ද?"
"එහෙම හිතමු " මා එසේ කියත්ම නදුනි අප සිටි පැත්තට ආවාය.
"කවුද අයියා යාළුවා ?"
"කටුස්සෙක්ලු?" කී අසලි හිනැහුනාය. මට දැඩි ලැජ්ජාවක් මෙන්ම කෝපයක්ද දැනින. ඈ මා විහිළුවට ගත්තාක් මෙන් මට දැනෙන්නට විය. මා සාප කළේ ගස් අතර සැඟවී ගිය කටුස්සාට ය. අමරද අප වෙතට ඇවිද ආවේ මේ මොහොතේය. අසලි මගෙන් මදක් ඈතට වුණාය. ඇගේ කම්බුල් රත් පැහැ ගැන්වී ඇත.

YOU ARE READING
?????? ( ??? ?????)
Horror??? ???????? ?????? ????. ???? ????????? ?????? ???? ?? ??????? ??????.???? ??????? ?? ????? ?????????.?? ?? ?????? ????????? ???? ?????? ??? ???? ????? ???????? ??? ????. ?? ???? ????? ??? ??????.?? ? ??? ?????? ????? ???? ?????.????? ????? ??? ???...
part 13 ??
Start from the beginning