抖阴社区

                                    

මගේ මේ වෙනස කෑම මේසේ ලඟදි ලාලනී මැණිකේට පවා වැටහෙන්නට ඇත .

"මොකද පුතාද බඩගිනි නැද්ද?" යයි ඈ විමසූ විට "නෑ අම්මා අද හරි  මහන්සියි." හෙටත් කොළඹ යනවනේ. ඉක්මනට නිදාගන්න ඕනේ මම කීවෙමි. වර්ණා සුපුරුදු පරිදි මට අතුරුපස ගෙනවුත් දුන්නාය. මා තුළ එයද කෑමට පිරියක් නොවීය.

" අයියට මොකක් වෙලාද?" ඇයද ඇසුවාය.

" අයියටත් තියෙන්නේ සාස්තරයක් අහගන්න?"  මා සමගම එකට    කෑම මේසෙට හිඳගත් අමරකීවේය.

"මටත් එහෙම හිතුනා."

" අපෝ අයියා අර  අහිකුණ්ටිකයො ළඟට නං යන්න එපා. උන් අලි හොරු දැක්කනේ"

" එහෙම සැක කරන්න එපා  මල්ලි" යැයි මා කීවේ මගේම සැකය ගැනත් සිතමිනි .

"අපිට වෙලාවකට පුළුවන් ඕනෙම කෙනෙක්ව සැක කරන්න.  ඒකෙන් වෙන්නේ අපිට කේන්ති යන එක  විතරයි "

"වෙන්න පුළුවන් අයියා. ඒ වුණත් ඒ වෙලාවේ නම් මට හොඳටම කේන්ති ගියා. අනික පිරිත් පොතේ කොළයක්නේ. "

අමරගේ නොදුටු පැත්තක් අද මා දුටුවැයි කියන්නට සිතුනද මම එය නොකීවමි. "නිදිමතයි "කියා මම කාමරයට වැදුනෙමි .ඒ රාත්‍රිය වෙනදාට වඩා වේලාසනින් නින්දට ගියද රැ මැදියමේ මට ඇහැරුනේය. පිටත කොළ සරසර ගානා හඬක් විය.  මට මතක් උනේ නීලාවතී හා කාල්. ඔවුන් මේ වත්ත වටේ රෑ තිස්සේ ගමන් කරන්නෙද? ඔවුන් සිටීමත් එක අතකට ආරක්ෂාවක් විය හැකිය. දැන් නින්ද මගෙන් ඈත්විය. සවීනීගේ සේයාරුව ඉරා දැමීම මගේ හිතට වද දෙන්නට විය. අසලි බලෙන් මෙන් මගේ මුහුණ සිප ගත් ආකාරයද මතක් විය. නොදැනීම මම ඉතාමත්ම අවධියෙන් සිටියෙමි.මේ මැදියම් රැයේ මගේ ඉඳුරන් ද පිබිදී ඇත..මම දොර හැරගෙන පිටතට ගියෙමි. සිතෙහි කිසිදු බියක් නම්නොවීය. ආකාසේ මද සඳ එළියක් විය .ගස් අතු අතර කණාමැදිරි එළි එළිය දුටුවේය. මම නිරුවත් දෙපා වලින් වත්ත මත සිටගෙන සිටියෙමි .අඩ හෝරාවක් පමණ සිටී මම යළි කාමරයට ආවෙමි.හදිසියේම මාගේ සිරුරට මහත් අප්‍රාණික ගතියක් දැනින .එහෙත් සියලුම දේවල් ගනන් නොගන්නක් මෙන් සහනදායී නිදිබර සුවයක් ඇති විය . ඇඳට වැටුණු සැනින් මම නින්දට වැටුනෙමි.

?????? ( ??? ?????) Where stories live. Discover now