抖阴社区

                                    

මා අවදි වූයේ පිටත නදුනිගේ කටහඬ අසමිනි. නිකමට කම්මුල් අතගා බැලුවමට එහි වූ සීරීම් ලකුණ දැනුණි . මගේ අඩමානේ හරි විය .පිටුපස පිලේ කණ්ණාඩි කෑල්ල ළඟට රැවුල බෑමට ගොස් බලද්දී  වම් කම්බුලේ වූ පැහැදිලි සීරීම් ලකුණු තුන පැහැදිලිවම පෙනිණ. රැවුල වැවෙන්නට හැරියොත් හොදද?  මාගේ මුහුණ ගෙදර අයට මෙන්ම වැඩපලේ අයටද නොපෙනෙන්නට මා උදයේ හැසිරුණේය .මේ තරමක් දුරට සාර්ථක විය .මා සමග බයිසිකලේ නැගී ගිය නදුනිත් ඒ දුටුවේ නැත. නමුත් කාර්යාලයේදී අසලි ගෙන් එය සඟවන්නට මට අපහසු වුණේය .

"ඔයාගේ කටුස්සද අද මූණ හීරුවේ.?"  අසලින් මට කොලොප්පමක්ද කළාය.

" ඕව හැමදාම තියෙන්නේ නෑනෙ අසලි"  මම සියල්ල සැහැල්ලුවකට ගෙන කීවෙමි.
කාර්යාලයට ආ බණ්ඩාරද මා සමඟ මේ ගැන දොඩමළු විය.

"මහත්තයා මේක නම් බලන් ඉඳලා හරියන්නෙ නෑ.මහත්තයට කාගේ හරි බැල්මක් වැටිලා තියෙනවා. "

"නෑ බණ්ඩාර මං හිතන්නේ මේ සේරම අල්ලලා දාලා කොළඹ ගියාම හරි."

" ඒ වුණාට මහත්තයා......"

" නෑ නෑ අපේ අම්මත් කියනවා මේ ටිකේ හරි අපලයි කියලා. "

"මේවා සේරම කවද හරි ඉවර වෙන්නත් එපැයි මහත්තය .ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා ඔය  දිෂ්ටිය අරන් දාන්න ඕනේ. අද වැඩ ඇරිලා යම් අපි වලල්ලක් බලන්න."

" මට වලල්ලක් ඕනේ නැහැ බණ්ඩාර .වැඩ ඇරිච්ච හැටියේ මට ඕන බස් එකේ  කොළඹ යන්න. එතකොට සේරම හරි."

"මහත්තයට සේරම විහිළු "

"මං දන්නෙ නෑ. මට මේව හරි හිතට වදයක්"

" ඒ උනාට හිත දුර්වල වෙන වෙලාවල් තියෙනවා"

"ටික දවසක් යද්දි මේ දේවල් ඕක්කොම හරි .කොළඹ ගියා නම් මේ කිසි දෙයක් නැහැ."
මේ කතාව දිගින් දිගටම යාමේ තේරුමක් නොවූයෙන් මම බංකුවෙන් නැගිට්ටෙමි .

"බණ්ඩාර මට කොළඹ ගියාම සේරම හරි කියල දන්නවනේ" කතාව නතර  කලින්ම බණ්ඩාර සුසුමක් හෙළුවා පමණි.

"මහත්තයා ඕනෑ දෙයක් කරගන්න" යැයි  ඔහුගේ මුහුණේ විය. ඇත්තෙන්ම කොළඹ ආ පසු සිරීමේ ලකුණු මැකී යත්ම සවිනී දකිත්ම මාගේ සිතේ වූ කලකිරීම් පහව ගොස් සතුටක් දැනුණි . සවිනීත් මමත් කොළඹ ඉන්දියානු කඩයකින් දවල් කෑම ගෙන සෙනසුරාදා හවස් වෙනතුරු මුහුදු වෙරළේ ගත කළෙමු. මැණිකේගේ ගෙදර කළ ශාන්ති කර්මය වත්ත පහළ අහිගුන්ඨිකයන් ආ වග මම ඇයට හෙළි කලෙමි. එහෙත් ශාන්ති කර්මයට මා හවුල් වූ හැටි හෝ පිරිත්  පොත අතුරුදහන් වූ හැටි ඇයට හෙළිකලේ නැත. ඇය මේ කතා කතාබහින් නවාතැනේ උදවිය ගැනත් බැංකුවේ අය  ගැනත් තරමක් දුරට දැන ගත්තාය.

?????? ( ??? ?????) Where stories live. Discover now