抖阴社区

                                    

ඉරිදා දහවල මම පෙරළා ගමනට පිටත් වුනේ  ඕනෑම හදියකට මුහුණ දීමට සූදානමෙනි. මම මෙවර ගමන් කලේ මොරගහන්දියෙන් බැස මම කඩේට ගොස් පුරුද්දට තේ කෝප්පයක් වී බයිසිකලේ අර ගත්තෙමි. අද රෑ මොනවා සිදු වේ දැයි හිත යට ප්‍රශ්න කලත් මම එම සිතුවිලි යටපත් කොට ගත්තෙමි . මම කඩේට ගොස්  බයිසිකලේ අර ගත්තෙමි.    අසලි  මා යන මග බලා සිටිනවාද?  මම ඉක්මනින් එතන පසු කලෙමි . රාත්‍රී අහස පැහැදිලිව දිස් විය. මඟ දෙපස රූස්ස ගස් විය. ඒ මැදින් නිහඬවම ගමන් කලෙමි . රාස්ස කැලේට ළං වෙද්දී මට වුවමනාවෙන්ම ඒ අත බැලූවෙමි. පේන මානයක සෙවනැල්ලක්වත් නොවීය. මම හඬ නගා ඉතිපිසෝ ගාථාව කියමින් කන්ද පෑගුවෙමි. මානා පඳුරු සුළඟට සෙලවිණ. ගෙදරට ලන් වෙත්ම ගතට අළුත් ශක්තියක්ද ලැබිණ.

එක පිම්මට බයිසිකලේ අනෙක් අතට හරවන විට මගේ ඇගේ වැදෙන්නට ආ සුදුරුව මට එක්වරම පෙනුනේ නැත. මට කෑ ගැසිණ.සුදු රෙදිකඩක් හිසට බැඳගෙන සිටි රුව මා හැඳිනුයේ බයිසිකලේ ලාම්පු එළියෙනි.

"මහත්තයා .තව ඩිංගෙන් ......මං දැක්කෙම නෑ  නොවැ"

" මේ ලාල් නේද?"  කට්ටඩිරාල මා වඩාත් හඳුනගත්තේ රළු කටහඩිනි.

"ඔව් මහත්තයා මම මේ බලලා යන්න ආවා .ගෙදර උදවියට කොහොමද කියලා. මහත්තයට කරදරයක් නෑ නේ ?"

"නෑනෑ කිසි කරදරයක් නෑ. "

"හොඳමයි මහත්තයා. එහෙනම් මම යන්නම්" ඔහු පන්සල දිහාවට යන්නට විය .මම ගෙදර ආවෙමි. ඉස්තෝප්පුවේ  චිමිනී ලාම්පුව දැල්වි මළානික එළිය අතර අමර හිඳ සිටියේය.

" මං හිතුවා ඔන්න අයියා අද එන  එකක් නෑ කියලා"

" කොහොමද මල්ලි "

"වරදක් නෑ ඇත්තටම .අයිය නැති දවස් දෙක අපි සේරටම පාළුයි පාලුයි. "මම බයිසිකලේ තල්ලු කරගෙන කාමරේට යද්දි ඔහු අම්මාට මා ආ වග කියන්නට ගේ ඇතුලට ගියේය.තව මද  වේලාවකින් මම සුපුරුදු පරිදි ඇඳුම් හැඳ පසුපිලට යන විට වර්ණා මට සුපුරුදු පරිදි වතුර බේසමක් පුරවා පිටුපස තැබුවාය. ලාලිනී මැණිකේ කුස්සියේ සිට ගමේ තොරතුරක් කීවද මට ඒවා හරිහැටි ඇසුණේ නැත.කඩිනමින් මුහුණ සෝදාගත් මා මේසේ කෑමට හිඳගත්තෙමි. අමර මා ඉදිරියෙන් හිඳගෙන කොළඹ තොරතුරුත් චිත්‍රපට ගැනත් විස්තර ඇසුවේය.

මා කෑම කා අත සෝදාගත්තා පමණි. කුස්සිය පැත්තෙන් ලාලනී මැණිකේ " වර්ණා! වර්ණා! " යැයි කෑ ගසන හඬ ඇසින.

" මොකද උනේ?" කී අමර පුටුවත් පෙරලාගෙන පසු පිල අතට යද්දි මමද ඒ අනුව දිව ගියෙමි . වර්ණා ළිඳ ළඟ සිහිසුන්ව වැටී සිටියාය. ඇයට නැඹුරු වූ ලාලනි මැණිකේ

"අනේ ලොකු දුව කතා කරන්නකෝ?" කතා කරන්නකෝ?! යැයි පහත් හඬින් කීවාය. මම වතුර පනිට්ටුවක් ගෙන වර්ණාගේ මුහුණට ඉස්සෙමි. වර්ණා නංගී මද වේලාවකින් ඈ යන්තමට දෙනෙත් ඇර අවට බැලුවාය.

" මොකද උනේ අම්මා ?" කී වර්ණා හිඳගන්නට තැත් කරත්ම මමත් අමරත් ඇයට නැගිටින්නට අත දුන්නෙමි . වර්ණාගේ ගවුම සියල්ලම තෙමී තිබිණ.

" මොකද අක්කා වුනේ ?" අමර ඇසුවද අපට පිළිතුරක් ලැබුණේ නැත.

" පිලට ගොඩනැග්ගට පස්සේ මං දන්නෙ නෑ මං සිහිනැතිව වැටුනා." වර්ණා කණුවකට හේතු වී තෙහෙට්ටුවෙන් මෙන් කීවාය .

"ඇඳට යමු .ඇඳට යමු ." මාත් අමරත් ඇයව වත්තම් කරගත්තේය . වර්ණා ඇඳට යන විට නින්දෙන් අවදිව ගත් නදුනි ද නිදි මට බේරෙන දෑසින්  කාමරය දුරකට වී බලා සිටියාය .

"මොකද වුනේ?  "  ඇය ඇසුවද ඇය මෙන්ම අප සියලු දෙනා වෙතද ඒ පැනයට හරි හමන්  පිළිතුරක් නොවීය.

"මොකද වුනේ?  "  ඇය ඇසුවද ඇය මෙන්ම අප සියලු දෙනා වෙතද ඒ පැනයට හරි හමන්  පිළිතුරක් නොවීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***

සවීනිගේ සේයාරුව ඉරලා දැම්මේ කවුරු කියලද හිතන්නේ ? 💀

ඉතින් වර්ණා ට මොකක්ද උනේ ? 👀

තාමත් කතාවේ අත්භූත දේවල් වෙන ගමන් ඉන්නවා. ඉස්සරහට දැනගන්න පුලුවන් මොනාද වෙන්නේ කියලා 💀🩸

කට්ටිය කතාව හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.කතාවේ අඩුපාඩු මොනාහරි තියෙනවනම් කියන්න😁✌️

Thevi_Silva

💗💗💗💗💗💗💗💗💗💗💗💗

?????? ( ??? ?????) Where stories live. Discover now