抖阴社区

                                    

" මාත් මේ පැත්තට වැඩිය එවෙන්නෙ නෑ අපේ නැන්දා මැරුණට පස්සේ" සේනක වටපිට බලමින් කීවේය.

" මහත්තයට බයිසිකලෙන් කිසි කරදරයක් නෑනේ."සේනක ඇසුවේය.

"කරදරයක් මොකද රෝද දෙක කැරකෙනවනම් නේද මහත්තයා?" බණ්ඩාර විහිළුවක් කළේය.

"ම්ම් එක සැරයක් නම් රෝදයක් ගියා." මම කිවෙමි. මතකනේ?

" හරි හරි දැන් ඒ උනාට ලෙඩක් මොකවත් නෑ නේද ?" සේනක විපරම් කළේය .

"කිසිම ලෙඩක් නැහැ සේනක. මං තමා කරුමෙට ලෙඩ වුණේ"

" අපිට නොකිව්වට මහත්තයා මොකකට හරි බය වෙලා තියෙනවා. "බණ්ඩාර මා දෙස විමසුම් බැලුමක් හෙලී ය.

"එදා එළියේ අපි සොහොනට ගියේ එළිවෙන්නේ කිට්ටුවනේ, ඒ වෙලාවේ නම් හිතට යන්තම් බය ගතියක් දැනුනා. " කටුස්සා දුටු පුවත හෙළි කරන්නට මම මැළි වුනෙමි. එසේ කීවා නම් යකඩ වළලු පළඳින්න යැයි බණ්ඩාර යළිත් අවවාද දෙනු නිසැකය. එකම බෙරපදේ අසන්නට මා තුළ කැමැත්තක් නොවීය.

" මහත්තයාගේ මූණ ඉන්පස්සේ හීරුවේ නැහැ නේ?" බණ්ඩාර යළි ප්‍රශ්න නැගීය.

" නෑ නෑ දැන් ඒවා සේරම හරි."

" මං කිව්වෙ අර වගේ කෙනෙක්ගේ බැල්ම තියෙනකොට ඒ බැල්මට අවනත වෙනකල් ඕක වෙන්න පුළුවන්" බණ්ඩාරගේ කතාවට මට අසලි සිහි විය .බදාදා රාත්‍රී මා සැබවින්ම ඇයට අවනත වුණාද ?අඩ නින්දේ උනෙන් පෙළෙමින් සිටි මා අවදි වූයේ ඇගේ පහසෙනි. ඈ මගේ රෙදි පිළි සැකසු අන්දම මට යන්තමට මතකය. ඈ මා සමග කොතෙක් වෙලා අඩ අඳුරේ කාමරේ සිටි දැයි මට පැහැදිලිව මතකයක් නැත. මගේ මුහුණේ සීරීම් ලකුණු වලට වගකිය යුත්තේ අසලි නම් ඈ මගෙන් ආශාව සපුරා ගත්තේ නම් මා තවත් බිය විය යුතු කුමටද?

මගේ සිතුවිල්ලට බාධා කරමින් නදුනි තේ බන්දේසියක් රැගෙන ආවාය. යමක් කියමින් සිටි සේනකද කතාව නවතා ඇය දෙස බැලුවේය. බණ්ඩාරගේ දිනෙතද නදුනි වෙත යොමු විය. ඇත්තෙන්ම මේ සඳ එළියේ නදුනිගේ අහිංසක මුහුණ ඉතාම ලස්සනට පැහැදිලිව පෙනුණි. නදුනි යන්තමට හිස ඔසවා බලමින් අමුත්තන්ට තේ බන්දේසිය පෑවාය.

?????? ( ??? ?????) Where stories live. Discover now