චිමිනි ලාම්පුවෙන් එළිවුණු කාමරයට ආ මම බත් ඉදෙනතුරු පොතක් කියවන්නට සිතා මේසය අසල හිඳ ගත්තෙමි. මට බාධා නොකරන්නටදෝ අමර මා මඟහැර ගෙතුළට ගියේය .අද හවස ඔහු අහිගුන්ඨිකයන් වෙත හැසිරුනේ කොතරම් ආවේගයකින්ද? ඔහු කෙතරම් සිනාසී කතා කළත් හිත යට සඟවා සිටි කෝපය මතුවුණේ කෙතරම් සුළු දෙයකින්ද ?ඔහු එසේ හැසිරුනේ අසළීගේ සිත දිනාගන්නට විය නොහැකිද? අහිංසක අහිකුන්ඨිකයන් මේ වත්තේ ජීවත්වීම ගැන අමර විටින් විට කියන වචනවලින් ඔහුගේ අකමැත්තම ප්‍රකාශ කළේය. ඔහු එසේ හැසුරුනේ සැබවින්ම ඔහු ඔවුන් කෙරෙහි බියක් දැක්වූ නිසා නෙවෙයිද? අමර ගේ මා නොදන්නා පැත්තක් තිබේදැයි මට හැඟුණේ මේ හවසය.අසලි පිළිබඳ එවැනිම හැඟීමක් මා තුළ ඇතිවුණේ මේ හවසය. ගස ළඟදී ඈ බලෙන්ම මෙන්ම සිප ගත් ආකාරය මා කැලඹවූ අවස්ථාවක් විය. ඇය සවිනීට වඩා කොතරම් වෙනස්දැයි මට සිතින.
සවිනි!............. සවිනීට කොහොම ඇද්ද? මේ සති අන්තය නම් කෙසේ හෝ ඇය දකින්නෙමයි මම සිහින මවමින් සිටියෙමි .ඇයගේ ඡායාරූපය සැඟවූ තැනින් ගෙන බලන්නට සිතෙත්ම මම මේසයට යටින් එලූ කඩදාසි යටට අත දැමුවෙමි. මා අතට ආවේ ඡායාරූපයක් නොව කඩදාසි කැබලි කිහිපයකි. කලබල වූ මා කඩිනමින් මේසෙ එලු පත්තර කොළය මෑත් කොට බැලුවෙමි.
සවිනීගේ ඡායාරූපය තුනට ඉරා තිබිණ .මාතුල උපන්නේ කියාගත නොහැකි කෝපයක් හා වේදනාවකි. මගේම දේකට මෙවන් දෙයක් කළේ කවුද? ඡායාරූපය නිකම් නිකම්ම නිකම් කඩදාසි කැබැල්ලක් තමා. ඒත් මේ වගේ දෙයක් කවුරු කරන්න ඇද්ද? අසලිද? අසළි මාගේ කාමර දොරින් පිටවූ හැටි මට මතක් විය .නමුත් මෙය සිදුවී දවස් ගණනාවක් ගත විය හැකියි.
කලින් වතාවේත් සෙත් ශාන්තිය දා දේවිකාත් අනුකත් කාමරයට ආහ. නමුත් ඔවුන් එවන්නක් කරන්න වෙන්න බැහැනේ. නැත්නම් වර්ණද? ඇය කාමරය අස්පස් කරන්නා විටක මෙය කළාද? එසේත් නැත්නම් නදුනිද? අමරද? ඒත් මගේ සේයාරුවක් ඉරා දමන්නට ඔවුන්ට ඇති කැක්කුම කුමක්ද ?එහෙත් නැත්නම් මේ බහිරවයාගේ වැඩක්ද? බෝධිලිමාගේ ? මෙයට අද්භූත බලපෑමක් ඇත්ද ? මා සිත තුළ හැමදෙනා ගැනම සැකයක් ඇතිවින. එහෙත් මට ඒ කිසිවක් ඔස්සේ ක්‍රියා කරන්නට නොහැකි විය. පින්තූරේ කෑලි එකතු කොට මම පසුම්බියේ දමා ගත්තෙමි. නිහඩ වත රැකීම වඩාත් උචිත විය. පාඩමක් උගන්නන්නේ යැයි සිතා මම කිසිවක් නොකර සිටියේය.
මගේ මේ වෙනස කෑම මේසේ ලඟදි ලාලනී මැණිකේට පවා වැටහෙන්නට ඇත .
"මොකද පුතාද බඩගිනි නැද්ද?" යයි ඈ විමසූ විට "නෑ අම්මා අද හරි මහන්සියි." හෙටත් කොළඹ යනවනේ. ඉක්මනට නිදාගන්න ඕනේ මම කීවෙමි. වර්ණා සුපුරුදු පරිදි මට අතුරුපස ගෙනවුත් දුන්නාය. මා තුළ එයද කෑමට පිරියක් නොවීය.
" අයියට මොකක් වෙලාද?" ඇයද ඇසුවාය.
" අයියටත් තියෙන්නේ සාස්තරයක් අහගන්න?" මා සමගම එකට කෑම මේසෙට හිඳගත් අමරකීවේය.
"මටත් එහෙම හිතුනා."
" අපෝ අයියා අර අහිකුණ්ටිකයො ළඟට නං යන්න එපා. උන් අලි හොරු දැක්කනේ"
" එහෙම සැක කරන්න එපා මල්ලි" යැයි මා කීවේ මගේම සැකය ගැනත් සිතමිනි .
"අපිට වෙලාවකට පුළුවන් ඕනෙම කෙනෙක්ව සැක කරන්න. ඒකෙන් වෙන්නේ අපිට කේන්ති යන එක විතරයි "
"වෙන්න පුළුවන් අයියා. ඒ වුණත් ඒ වෙලාවේ නම් මට හොඳටම කේන්ති ගියා. අනික පිරිත් පොතේ කොළයක්නේ. "
අමරගේ නොදුටු පැත්තක් අද මා දුටුවැයි කියන්නට සිතුනද මම එය නොකීවමි. "නිදිමතයි "කියා මම කාමරයට වැදුනෙමි .ඒ රාත්‍රිය වෙනදාට වඩා වේලාසනින් නින්දට ගියද රැ මැදියමේ මට ඇහැරුනේය. පිටත කොළ සරසර ගානා හඬක් විය. මට මතක් උනේ නීලාවතී හා කාල්. ඔවුන් මේ වත්ත වටේ රෑ තිස්සේ ගමන් කරන්නෙද? ඔවුන් සිටීමත් එක අතකට ආරක්ෂාවක් විය හැකිය. දැන් නින්ද මගෙන් ඈත්විය. සවීනීගේ සේයාරුව ඉරා දැමීම මගේ හිතට වද දෙන්නට විය. අසලි බලෙන් මෙන් මගේ මුහුණ සිප ගත් ආකාරයද මතක් විය. නොදැනීම මම ඉතාමත්ම අවධියෙන් සිටියෙමි.මේ මැදියම් රැයේ මගේ ඉඳුරන් ද පිබිදී ඇත..මම දොර හැරගෙන පිටතට ගියෙමි. සිතෙහි කිසිදු බියක් නම්නොවීය. ආකාසේ මද සඳ එළියක් විය .ගස් අතු අතර කණාමැදිරි එළි එළිය දුටුවේය. මම නිරුවත් දෙපා වලින් වත්ත මත සිටගෙන සිටියෙමි .අඩ හෝරාවක් පමණ සිටී මම යළි කාමරයට ආවෙමි.හදිසියේම මාගේ සිරුරට මහත් අප්‍රාණික ගතියක් දැනින .එහෙත් සියලුම දේවල් ගනන් නොගන්නක් මෙන් සහනදායී නිදිබර සුවයක් ඇති විය . ඇඳට වැටුණු සැනින් මම නින්දට වැටුනෙමි.
මා අවදි වූයේ පිටත නදුනිගේ කටහඬ අසමිනි. නිකමට කම්මුල් අතගා බැලුවමට එහි වූ සීරීම් ලකුණ දැනුණි . මගේ අඩමානේ හරි විය .පිටුපස පිලේ කණ්ණාඩි කෑල්ල ළඟට රැවුල බෑමට ගොස් බලද්දී වම් කම්බුලේ වූ පැහැදිලි සීරීම් ලකුණු තුන පැහැදිලිවම පෙනිණ. රැවුල වැවෙන්නට හැරියොත් හොදද? මාගේ මුහුණ ගෙදර අයට මෙන්ම වැඩපලේ අයටද නොපෙනෙන්නට මා උදයේ හැසිරුණේය .මේ තරමක් දුරට සාර්ථක විය .මා සමග බයිසිකලේ නැගී ගිය නදුනිත් ඒ දුටුවේ නැත. නමුත් කාර්යාලයේදී අසලි ගෙන් එය සඟවන්නට මට අපහසු වුණේය .
"ඔයාගේ කටුස්සද අද මූණ හීරුවේ.?" අසලින් මට කොලොප්පමක්ද කළාය.
" ඕව හැමදාම තියෙන්නේ නෑනෙ අසලි" මම සියල්ල සැහැල්ලුවකට ගෙන කීවෙමි.
කාර්යාලයට ආ බණ්ඩාරද මා සමඟ මේ ගැන දොඩමළු විය.
"මහත්තයා මේක නම් බලන් ඉඳලා හරියන්නෙ නෑ.මහත්තයට කාගේ හරි බැල්මක් වැටිලා තියෙනවා. "
"නෑ බණ්ඩාර මං හිතන්නේ මේ සේරම අල්ලලා දාලා කොළඹ ගියාම හරි."
" ඒ වුණාට මහත්තයා......"
" නෑ නෑ අපේ අම්මත් කියනවා මේ ටිකේ හරි අපලයි කියලා. "
"මේවා සේරම කවද හරි ඉවර වෙන්නත් එපැයි මහත්තය .ඕකත් එක්ක සෙල්ලම් කරන්න එපා ඔය දිෂ්ටිය අරන් දාන්න ඕනේ. අද වැඩ ඇරිලා යම් අපි වලල්ලක් බලන්න."
" මට වලල්ලක් ඕනේ නැහැ බණ්ඩාර .වැඩ ඇරිච්ච හැටියේ මට ඕන බස් එකේ කොළඹ යන්න. එතකොට සේරම හරි."
"මහත්තයට සේරම විහිළු "
"මං දන්නෙ නෑ. මට මේව හරි හිතට වදයක්"
" ඒ උනාට හිත දුර්වල වෙන වෙලාවල් තියෙනවා"
"ටික දවසක් යද්දි මේ දේවල් ඕක්කොම හරි .කොළඹ ගියා නම් මේ කිසි දෙයක් නැහැ."
මේ කතාව දිගින් දිගටම යාමේ තේරුමක් නොවූයෙන් මම බංකුවෙන් නැගිට්ටෙමි .
"බණ්ඩාර මට කොළඹ ගියාම සේරම හරි කියල දන්නවනේ" කතාව නතර කලින්ම බණ්ඩාර සුසුමක් හෙළුවා පමණි.
"මහත්තයා ඕනෑ දෙයක් කරගන්න" යැයි ඔහුගේ මුහුණේ විය. ඇත්තෙන්ම කොළඹ ආ පසු සිරීමේ ලකුණු මැකී යත්ම සවිනී දකිත්ම මාගේ සිතේ වූ කලකිරීම් පහව ගොස් සතුටක් දැනුණි . සවිනීත් මමත් කොළඹ ඉන්දියානු කඩයකින් දවල් කෑම ගෙන සෙනසුරාදා හවස් වෙනතුරු මුහුදු වෙරළේ ගත කළෙමු. මැණිකේගේ ගෙදර කළ ශාන්ති කර්මය වත්ත පහළ අහිගුන්ඨිකයන් ආ වග මම ඇයට හෙළි කලෙමි. එහෙත් ශාන්ති කර්මයට මා හවුල් වූ හැටි හෝ පිරිත් පොත අතුරුදහන් වූ හැටි ඇයට හෙළිකලේ නැත. ඇය මේ කතා කතාබහින් නවාතැනේ උදවිය ගැනත් බැංකුවේ අය ගැනත් තරමක් දුරට දැන ගත්තාය.
ඉරිදා දහවල මම පෙරළා ගමනට පිටත් වුනේ ඕනෑම හදියකට මුහුණ දීමට සූදානමෙනි. මම මෙවර ගමන් කලේ මොරගහන්දියෙන් බැස මම කඩේට ගොස් පුරුද්දට තේ කෝප්පයක් වී බයිසිකලේ අර ගත්තෙමි. අද රෑ මොනවා සිදු වේ දැයි හිත යට ප්‍රශ්න කලත් මම එම සිතුවිලි යටපත් කොට ගත්තෙමි . මම කඩේට ගොස් බයිසිකලේ අර ගත්තෙමි. අසලි මා යන මග බලා සිටිනවාද? මම ඉක්මනින් එතන පසු කලෙමි . රාත්‍රී අහස පැහැදිලිව දිස් විය. මඟ දෙපස රූස්ස ගස් විය. ඒ මැදින් නිහඬවම ගමන් කලෙමි . රාස්ස කැලේට ළං වෙද්දී මට වුවමනාවෙන්ම ඒ අත බැලූවෙමි. පේන මානයක සෙවනැල්ලක්වත් නොවීය. මම හඬ නගා ඉතිපිසෝ ගාථාව කියමින් කන්ද පෑගුවෙමි. මානා පඳුරු සුළඟට සෙලවිණ. ගෙදරට ලන් වෙත්ම ගතට අළුත් ශක්තියක්ද ලැබිණ.
එක පිම්මට බයිසිකලේ අනෙක් අතට හරවන විට මගේ ඇගේ වැදෙන්නට ආ සුදුරුව මට එක්වරම පෙනුනේ නැත. මට කෑ ගැසිණ.සුදු රෙදිකඩක් හිසට බැඳගෙන සිටි රුව මා හැඳිනුයේ බයිසිකලේ ලාම්පු එළියෙනි.
"මහත්තයා .තව ඩිංගෙන් ......මං දැක්කෙම නෑ නොවැ"
" මේ ලාල් නේද?" කට්ටඩිරාල මා වඩාත් හඳුනගත්තේ රළු කටහඩිනි.
"ඔව් මහත්තයා මම මේ බලලා යන්න ආවා .ගෙදර උදවියට කොහොමද කියලා. මහත්තයට කරදරයක් නෑ නේ ?"
"නෑනෑ කිසි කරදරයක් නෑ. "
"හොඳමයි මහත්තයා. එහෙනම් මම යන්නම්" ඔහු පන්සල දිහාවට යන්නට විය .මම ගෙදර ආවෙමි. ඉස්තෝප්පුවේ චිමිනී ලාම්පුව දැල්වි මළානික එළිය අතර අමර හිඳ සිටියේය.
" මං හිතුවා ඔන්න අයියා අද එන එකක් නෑ කියලා"
" කොහොමද මල්ලි "
"වරදක් නෑ ඇත්තටම .අයිය නැති දවස් දෙක අපි සේරටම පාළුයි පාලුයි. "මම බයිසිකලේ තල්ලු කරගෙන කාමරේට යද්දි ඔහු අම්මාට මා ආ වග කියන්නට ගේ ඇතුලට ගියේය.තව මද වේලාවකින් මම සුපුරුදු පරිදි ඇඳුම් හැඳ පසුපිලට යන විට වර්ණා මට සුපුරුදු පරිදි වතුර බේසමක් පුරවා පිටුපස තැබුවාය. ලාලිනී මැණිකේ කුස්සියේ සිට ගමේ තොරතුරක් කීවද මට ඒවා හරිහැටි ඇසුණේ නැත.කඩිනමින් මුහුණ සෝදාගත් මා මේසේ කෑමට හිඳගත්තෙමි. අමර මා ඉදිරියෙන් හිඳගෙන කොළඹ තොරතුරුත් චිත්‍රපට ගැනත් විස්තර ඇසුවේය.
මා කෑම කා අත සෝදාගත්තා පමණි. කුස්සිය පැත්තෙන් ලාලනී මැණිකේ " වර්ණා! වර්ණා! " යැයි කෑ ගසන හඬ ඇසින.
" මොකද උනේ?" කී අමර පුටුවත් පෙරලාගෙන පසු පිල අතට යද්දි මමද ඒ අනුව දිව ගියෙමි . වර්ණා ළිඳ ළඟ සිහිසුන්ව වැටී සිටියාය. ඇයට නැඹුරු වූ ලාලනි මැණිකේ
"අනේ ලොකු දුව කතා කරන්නකෝ?" කතා කරන්නකෝ?! යැයි පහත් හඬින් කීවාය. මම වතුර පනිට්ටුවක් ගෙන වර්ණාගේ මුහුණට ඉස්සෙමි. වර්ණා නංගී මද වේලාවකින් ඈ යන්තමට දෙනෙත් ඇර අවට බැලුවාය.
" මොකද උනේ අම්මා ?" කී වර්ණා හිඳගන්නට තැත් කරත්ම මමත් අමරත් ඇයට නැගිටින්නට අත දුන්නෙමි . වර්ණාගේ ගවුම සියල්ලම තෙමී තිබිණ.
" මොකද අක්කා වුනේ ?" අමර ඇසුවද අපට පිළිතුරක් ලැබුණේ නැත.
" පිලට ගොඩනැග්ගට පස්සේ මං දන්නෙ නෑ මං සිහිනැතිව වැටුනා." වර්ණා කණුවකට හේතු වී තෙහෙට්ටුවෙන් මෙන් කීවාය .
"ඇඳට යමු .ඇඳට යමු ." මාත් අමරත් ඇයව වත්තම් කරගත්තේය . වර්ණා ඇඳට යන විට නින්දෙන් අවදිව ගත් නදුනි ද නිදි මට බේරෙන දෑසින් කාමරය දුරකට වී බලා සිටියාය .
"මොකද වුනේ? " ඇය ඇසුවද ඇය මෙන්ම අප සියලු දෙනා වෙතද ඒ පැනයට හරි හමන් පිළිතුරක් නොවීය.
***
සවීනිගේ සේයාරුව ඉරලා දැම්මේ කවුරු කියලද හිතන්නේ ? 💀
ඉතින් වර්ණා ට මොකක්ද උනේ ? 👀
තාමත් කතාවේ අත්භූත දේවල් වෙන ගමන් ඉන්නවා. ඉස්සරහට දැනගන්න පුලුවන් මොනාද වෙන්නේ කියලා 💀🩸
කට්ටිය කතාව හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.කතාවේ අඩුපාඩු මොනාහරි තියෙනවනම් කියන්න😁✌️
💗💗💗💗💗💗💗💗💗💗💗💗