'' ආයේ අසනිපද ? '' ගවීෂ්ගේ ඇස් ආයේ රතු පාට වෙනවා බලාගෙන ඉදපු මෙතුල ඇහුවේ ගවීෂ්ගේ නළලට අත තියලා බලලා...නෑ හැබැයි කොල්ලට උනකුත් නෑ.. මෙතුල හිතුවේ ගවීෂ් මෙච්චර වෙලා අතේ තිබ්බ ඉතිරි ඇපල් කැල්ලත් සම්පූර්ණයෙන්ම කටේ ඔබාගෙන ගිලින දිහා බලාගෙන...
'' මං ගියා.... මේක ඇතුළේ මහ ගස් ගදයි... '' ඊළගට ගවීෂ් හිතුවක්කාරකමට ඇදෙන් බහිනවා මෙතුල බලාගෙන ඉදියා... එයාගේ කාමරේට ගිහින් දොරත් වහලා දාපු ගවීෂ් බැග් එකේ තිබ්බ ටිපි ටිප් පැකට් එක කැඩුවේ අහුරක්ම කටේ ඔබාගෙන ගන්න ගමන්.. ඒ අහුර ගිලින්න කලින් ඊළග අහුරත් කටේ ඔබාගත්ත ගවීෂ් ඇද ගාවම බිමින් වාඩිවුනා... ඇපලුයි ටිපි ටිපුයි... අවුලක්මත් නැ හැබැයි.. විනාඩි පහකින් ටිපි ටිප් පැකට් එක පැත්තකින් තියපු ගවීෂ් ආයේ නැගිට්ටේ එයාගේ මේසේ උඩ තිබ්බ වතුර බෝතලේත් අතට අරගෙන... මිනිහා යුද්ධේට යන්න වගේ වතුර බෝතලේ කරේ තියාගත්තා... එහෙමම ගිහින් මියුන්ගේ කාමරේ දොරට තට්ටු කරපු ගවීෂ් බලන් ඉදියේ එයා දොර අරිනකං...
එකයි... දෙකයි.. තු - ...... මියුන් දොර ඇරියා.. දොර ඉස්සරහ හිටගෙන ඉදියේ ගවීෂ් කියලා දැක්ක මියුන් උරහිස් දෙක ඇකිළුවේ මුකුත්ම කියන්නේ නැතුව... ඇයි දැන් මෙතනින් කඩාගෙන ගියේ ගස් ගදයි ගාගෙන...ඔන්න ආයේම එකයි දෙකයි තුනයි... ගවීෂ් මියුන්වත් තල්ලු කරගෙනම කාමරේ ඇතුළට පැන්නේ තාමත් ඇතුළේ ඉදපු සුදු මාමාවත් නොදැක්ක ගානට... වතුර බෝතලේ කැප් එක කඩපු ගවීෂ් කිසිම ගානක් නැතුව මියුන්ගේ ඇදේ කෙළවරක ඉදන් අනිත් කෙළවරටම වතුර බෝතලය හැලුවේ මෙතුලයි මියුනුයි මුකුත් හිතාගන්නත් කලින්...
'' ඒයි..පිස්සුද තමුසේට ? '' මියුන් කට අරින්නත් කලින් මියුන්ගේ වතුර බෝතලේත් කඩලා ගත්ත ගවීෂ් ඒකත් අර විදියටම හලාගෙන හලාගෙන ගිහින් බෝතලේත් අැද උඩටම විසි කරලා හෙන වීරකමක් කලා වගේ එහා පැත්ත හැරුනේ ගවීෂ්ට ගහන්න පැනපු මියුන්ව මෙතුල පිටිපස්සට ඇදලා ගනිද්දි...
ඇයි දැන් මං ඒම කලේ ? අදාළ නැනේ ..මට ඕන නිසා කළා.. ආවා මෙතන හිනා වෙන්න මාත් එක්ක... සුදු මාමා මියුන්ව අල්ලන් ඉන්න බව ෂුවර් එකටම දන්න නිසාම එයාගේ මිඩ්ල් ෆින්ග එකෙන් මියුන්ට සැලියුට් කරපු ගවීෂ් ආයේ මියුන්ගේ කාමරේ දොරත් දඩාස් ගාලා වහගෙනම එළියට ගියේ ට්‍රෝජන් යුද්ධේ දින්න ගානට....

- 9 -
Start from the beginning