"දැන්ම....පහළට.... වරෙන්.... "
අරවින්ද්ගේ අති ගෞරවණීය ඇමතුම ...
" කොහේ පහළටද ? අත්තම්මාද ??? මොකක්ද වෙන්නේ ? "
" නෑ !!!තමුසෙලාගේ රටක් වටින මැන්ශන් එක පහළට ඕයි !! වරෙන් මෙතන මිනීමරා ගැනීමක් තියෙන්නෙ..."
" මොන --- හිටහන් මම එනව...." ගවීෂ් කිව්වේ ඇදෙන් බිමට පනින අතරේ.... එයාගේ කබඩ් එකෙන් අතට අහුවුන ටී ෂර්ට් එකක් අරන් ඒක අස්සට බෙල්ල ඔබාගන්න අතරේ ගවීෂ් වේඝර්ණ මැන්ශන් එකේ පඩිපෙළ් දිගේ පහළට දුවන් ගියේ , කලබලෙන්ම ෆෝන් එක සාක්කුවට ඔබාගෙන....
මැන්ෂන් එකේ මේන් ගේට් එකෙන් එළියට යන පරක්කුවට සෙනග රැස්වෙලා ඉන්නව දැක්ක නිසාම මිනිහා ටිකක් ස්ලෝ කලේ එයාව දැකපු ආශදීත් එතනට දුවන් එද්දි... අනෙ අම්මපා මෙ කෙල්ලොත් ඉතින් ඕපදූපයක් නන්....--
" මේ ගවීෂ් අය්යෙ.. ඔයා යන්න එපා...." ආශදී කිව්වේ කලබලෙන්ම ගවීෂ්ව මේන් ගේට් එකෙන් ඇතුළට තල්ලු කරන අතරෙ....
" හොව් හොව්ව්.ඇයි මේ.. මොකක්ද වෙන්නෙ ?? යකෝ මගේ මැන්ශන් එක මේක...."
" යන්න එපා කිව්වම !!!!! අර ආශක්‍යසිංහලාත් ඉන්නව....."
" ආශාක්‍යසිංහලා ?? යකො ! උන් මොකද අපේ සීමාවට කඩන් පැන්නේ ?? කෝ අහකට යන්න මොකද වෙන්නෙ බලන්න..... " ගවීෂ් කිව්වෙ කෙල්ලව පාස් කරගෙන සෙනග අස්සෙන් ඔලුව දාන ගමන්.... ගවීෂ්ව අදුරගත්ත බර්ඩ්‍රේන් යොරෙල්වරු ඉක්මනින්ම එහාට වෙලා එයාලගෙ අනාගත උරුමයට ඉඩ දුන්නේ තාමත් ප්‍රධාන අවධානය එහෙමම වේඝර්ණ මැන්ශන් එක ඉස්සරහම තිබ්බ දඩුවම් පීඨිකාවට යොමු වෙලා තියෙද්දි.....
" අඩියක් තියන්නෑ එකෙක් ඉස්සරහට !!! තොපිලා සේරම මරනව දැන ගනින්.... "
දෙය්යනේ ඒ ක්‍රිෂ් !!!! ගවීෂ් නැවතුනෙ ඇස් හීනි කරගන්න අතරෙ.... වේඝර්ණලගේ දඩුවම් පීඨිකාවට තියල දම්වැල්වලින් ගැටගහල ඉදියේ......... ඩ්‍රෑන් !!!! ඩ්‍රෑන් තකහෂි !! ඩ්‍රෑන් බාගෙට මැරිල වගේ... අපේ කවුද යකෝ ඩ්‍රැන්ව ඇල්ලුවේ ?? ගවීෂ් තාම බලන් ඉදියේ ආශදීත් අන්‍තිමට දුවන් ඇවිත් ගවීෂ් ගාවින්ම හිටගනිද්දි.....
" තමුසෙලාගෙන් මොකා ගාවද මේකේ යතුර තියෙන්නෙ කියපන්, එකෙක් නෑර කුඩු කරනව වහල් සත්තු !! මගේ කොල්ලට අත් තියන්න !! " අරවින්ද් ක්‍රිෂ්ව පිටිපස්සට අදිද්දිත් ක්‍රිෂ් කෑගැහුවේ එයාලට් අටෑක් කරන්න අඩියක් තියපු වේඝර්ණලව ආයෙ අඩියක් පස්සට තියන්න සලස්වන අතරෙ......
