ගවීෂ් අමාරුවෙන් ඇස් ඇරියේ , ඔක්සිජන් අඩු තෙතමනය පිරිච්ච වාත්රාශයේ හුස්ම ගන්න දගලන ගමන්... නහය විනිවිදගෙන ගියපු පුස් ගදට හුරුවෙනකම් විනාඩියක් ඉදපු ගවීෂ් බර වෙලා තිබ්බ ඔළුව අල්ලගත්තේ බිත්තියට වාරු දීලා කෙලින් වෙන ගමන්.... අරවින්ද් උන් දෙන්නාවත් ඇදගෙන මෙලෝ වගතුවක් නැතුව දුවගෙන ගිය බවයි ප්රපාතකින් එයාලා හිර වුන විදියයි ඇරෙන්න එතනින් එයාට කිසි දෙයක් ගවීෂ්ට මතක නැති තරම්..... පල්ලමත් එක්ක සද්දේ ළග ඇහෙද්දි සේරම අදුරු වුනා.... ඒත් මියුන් එයාව යන්තම් අල්ලගන්නවා ගවීෂ්ට ලාවට මතකයි.... ඇස් අරිනකොට මේ කොහේ ද ගුහාවක් අස්සේ ??? මොන මගුලක්ද ඒ සිද්ධ වුනේ !!!!!!!!!!
'' අරවින්ද් !!!! '' එයාගේ එහා පැත්තේ තාමත් වැටිලා ඉදපු අරවින්ද්ව අදුරගත්ත ගවීෂ් මිනිහාට තට්ටු කළේ කලබලෙන්....
'' ඕයි මේහ්හ් !! '' ගවීෂ් ආයේම අරවින්ද්ගේ උරහිසට කකුලෙන් ඇන්නේ වටේ පිටේ වෙන දෙවල් හිතාගන්න බැරුව... කොහොම ද මෙතනට පහත් උනේ ? !!! එහෙන් මේ යකා මේ මැරිලාද.... ෂිට්... මූසලයා මැරෙන්න වෙන වෙලාවක් තිබ්බේම නැද්ද!!
'' ඕයි අරවින්ද්, දැන් නැගිටලා මියුන් කොහේද කියලා ආයේ මැරියන්..... කෝ...'' ගවීෂ් ආයේම පයින් එකක් ඇනලා බැලුවේ අරවින්ද්ගෙන් මෙලෝ ප්රතිචාරයක් නැති නිසා... සාම්ත මූ සිරාවට සෙත්තපෝච්චි ද ? එහ්හ්.. වැරදිලාවත් -
'' මගුලක් කරන්න එපා ඇ.!!! ඒයි !!! නැගිටපන්... '' ගවීෂ් ඒ පාර හේත්තු වෙලා ඉදපු ගුහා බිත්තියෙන් සෙනිකව එහාට වෙලා සම්පූර්ණ හය්යම දාලා අරවින්ද්ගේ උරහිසෙන් අල්ලලා හෙලෙව්වේ කලබලෙන්..
'' අහ්හ් තොගේ !!!! '' අරවින්ද් ශාප කළේ ගවීෂ් ආපස්සට උට කකුලෙනුත් පයින් පාරක් ගහලා පැත්තට වෙද්දි.....
'' ගහන්න එපා යකො... මගේ කොන්ද අවුල්... '' අරවින්ද් ආයේ ශාප කළේ කළේ ගවීෂ් ආයේම කේන්තියට උගේ කකුලට පයින් පාරකුත් අනිද්දි... හිතන් ඇති මැරුනා වගේ ඉන්න එක හෙන ආතල් කියලා හහ්..... !! අරවින්ද් කොන්දත් අල්ලන් එහා පැත්ත හැරුනේ වේදනාවට කෙදිරි ගාන ගමන්....
'' තමුසේට නැගිටින්න පුළුවන් ද ? කො මියුන් !!! '' ගවීෂ් කලබලෙන් ඇහුවේ අදුරු ගුහාව ඇස්වලින් පීරන ගමන්....
