'' දැන් ඇතිනේ ගවිෂ් අය්යේ ? ''
'' බොට පිස්සුද ඩියෝන් ? පැය කියද රවුම් ගැහුවේ ? මාස දෙකක් ඩො දෙකක්... '' ගවීෂ් කිව්වේ ආයේම බයික් එක රේස් කරලා වේගේ වැඩි කරගන්න ගමන්.. ඩියෝන්ගේ කළු පාට යමහා එකයි , ගවීෂ්ගේ සුදු පාට යමහා එකයි දැන් හතර පස් වතාවකට වඩා විලේජ් එක පුරා සැරි සැරුවේ හෙන සද්දෙන් රේස් කරගෙනම තමයි... විලේජ් එකේ පාරවල්වල දූවිලිත් අවුස්සගෙන යමහා බයික් දෙකම පියාඹන්නේ පැයට කිලෝමිටර් බර ගණන්වල වේගෙන්... විලේජ් එකේ යොරෙල් ඒරියාස්වල ගුරුපාරවල්වල දූවිලි කුණාටු හද හද බයික් පදින එකත් වෙනම ආතල් එකක් ඉතින්....
'' එළියටත් යනවද ගවිෂ් අය්යේ ? '' ඩියෝන් ඇහුවේ ගවීෂ් අප්ලොෂ් එක ගාව බයික් එක ස්ලො කරපු නිසා.. අප්ලොෂ් එක ගාව ස්ලෝ වුනේ ගවීෂ් දන්නේම නැතුව මිසක් යන්න ඕනකමකට නෙවේ.. අනික අදම ගිහින් කේස් එකක් වැටුනොත් ආයේ මාස ගානක් කාමරේ තමයි. පස්සේ යන්න බැරිය ඕන නං .. කෝමත් ගවීෂ්ගේ එළියේ සෙටාර් එකට කියලා තියෙන්නේ මාස දෙකකට රට ගියා කියලා.. ඒ පාර උන් ටික ඇවිත් චොකලටුයි බෝතලුයි ගැන ඇහුවම දිපන්කො ඉතින් උත්තර.....
'' නැ නැ , අපි වෙස්ට් ඒරියා එක පැත්තට යමුද ? '' ගවීෂ් ඇහුවේ බයික් එක රේස් කරලා...
'' අක්කව ගන්න කිව්වා ක්ලොක් ෂොප් එකෙන්.. '' ඩියෝන් කිව්වේ වෙලාව බලලා.. පරක්කු උනොත් යොවන්දිට මල පනිනවා ආයේ දෙකක් නැ ඉතින්...
'' හරේ.. මං ඒනං ට්‍රයිඩ්‍රැක්ස් එක පැත්තට යනවා සුදු මාමත් එහේ ඇතිනේ.. '' මාස දෙකකින් සුදු මාමව දකින්නත් බැරි උනා... චූටි මාමාගෙන් තමයි දැනගත්තේ ගිය සතියේ අර කව්ද බෝයි අවිනාශ් මස්සිනා එයාගේ සුදු මාමාට ප්‍රපෝස් කරලා කියලා... පේනවනේ ගවීෂ් කුරිරු පිටුපෑම ඉතින්... මාස දෙකයි පේන්න ඉදියේ නැත්තේ , සුදු මාමත් සේරම කරගෙන හුම්... දැන් හරි ගිහින් ඉන්නේ අර කව් බෝයි බොයිපෙන් නිසා...
ට්‍රයිඩ්‍රැක්ස් එක ගාව බයික් එකත් පාක් කරලා ඒ ගැම්මටම බිමට පැන්න ගවීෂ් ආයේ පාරක් ඇතුළට යන්න කලින් බැලුවේ ඒකෙත් බෝඩ් එක වෙනස් වෙලා තියන හැටි.. කාලය මැවු වෙනසක අරුමේ තමයි ඉතින්... කාලද සුදු මාමාද දන්නැ වෙනස මැවුවේ.. එව්වා ඉතින් වෙනම කතා...
