අහ්.... ඌහ්... මොනවද මේ කොන්දේ ඇනෙන්නේ ??? හීනේ ඉදපු ලස්සන සුරංගනාවිත් ගියානේ......... ම්හ්හ්... මේ මොකද මේ එළිවෙලා ??? ගවීෂ් අතපය හිරි ඇරියේ බිම නිදාගෙනමදො මන්දා රිදෙන්න අරන් තියන කොන්ද අත ගාන ගමන්..... ඔළුවත් කසන ගමන් මිනිහා , අැදේ රෙද්දෙන්ම අල්ලන් කෙලින් උනේ ඔළුව දෙපැත්තට වනන ගමන්.... මහ කාළකණ්ණි ජීවිතයක්නේ ගවීෂ් මේක.... අහ්හ්හ් මොකද මේ වයින් බෝතලේ බිම ??? අහ්හ්හ්හ්හ්.... සේරටම කලින් වොෂ්රූම් යන්න ඕන ,ගවීෂ් නිදිමතේම වයින් බෝත්ලේ කකුලෙන්ම එහාට පෙරළලා දාලා නැගිට්ටේ තඩි ඈනුමකුත් යවන ගමන්..... ඊයේ බීපු බීමට පුංචි වකුගඩුවේ ඉදන් හොදටම පීඩිත වෙලාද කොහේ.....
දත් මදින්න කම්මැලිකමට , නිකන් සීතල වතුරෙන්ම මූණ හෝදගෙන මිනිහා එළියට ආවේත් වතුර බේරි බේරිම.....කාමරේ පිස්සු නටලා වගේ.....තියන ස්ට්‍රේස් මොනවද කියලා හිතෙන්නේ කාමරේ දැක්කම..සුදු මාමාගේ කාමරේට උඩ දාන් ආවාට තාම ඇදුම් සේරම ඇද උඩ .... ඒ ඇදුම් උඩම ඊයේ රෑ මල පැනලා විසි කරලා දාපු ෆෝන් එක සුවසේ නිදි බව දැක්ක ගවීෂ් ඒක අතට ගත්තේ දෙවෙනි ජයග්රාහි ඈනූමත් යවන ගමන්.... එළිය වැටිලා තියන විදියට , දවල් වෙලා කියලා මිනිහාට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නෑ....
හහ්.... ෆෝන් එක ඕෆ් කළාට පස්සේ කෝමත් කෝල් කරලා නෑ...ගවීෂ් හිතුවේ ඊළගට පොප් අවුට් වුන අවී මාමාගේ කෝල් එකොළහ දිහා ඇස් පුංචි කරන ගමන් ... ඒ මොකද අප්පේ අර ? අවී මාමාගේ නම්බරේ උනාට , ඒක ගන්න ඇත්තේ සුදු මාමා කියලා ගවීෂ් දන්නවා... එතකොට තව සේව් කරලා නැති නම්බ එකකින් කෝල්ස් දෙකයි.... ගවීෂ් අවි මාමාගේ නම්බ එකට කෝල් බැක් කළේ එ් පරක්කුවට.... මොකක් හරි හදිසියක්ද දන්නෑ .. ෂිට් අරුගේ කෝල් නිසානේ මේක ඕෆ් කරලා තියන්න වුනේ..... !!!!....
'' අහ් අවී මාමේ.... '' ගවීෂ් කතා කළේ කලබලෙන්....
'' අහ් ඕම ඉන්න පොඩි මෑන්ස්.... '' අවිනාශ් කිව්වේ ගවීෂ් හුස්මක් ගනිද්දි... ප්‍රශ්නයක් නෑ... හොදින් එයාලා දෙන්නා......
'' හලෝ !!! '' සුදු මාමා කතා කළා ද කෑගැහුවද කියලා හිතාගන්න බැරි උන ගවීෂ් ෆෝන් එක පොඩ්ඩක් කනෙන් එහාට කළේ ඇස් දෙකත් ලොකු කරන ගමන්...
