එකටත් ළගයි... ඒත් ගවීෂ් නෙවේ තාම ඇතුළට යන්න හිතුවේ... කෝමත් හවස හතරට නැගිට්ට එකේ මොන නිදාගැනිල්ලක් ද .... ගාඩ්න් එකේ එහාට වෙන්න තිබ්බ බෙන්ච් එකේ හචිං ඇර ඇර පිනී බාන ගමන් පොන්ඩ් එක ගල්වලින් පුරවන එක තමයි ගවීෂ්ගේ වැඩේ... වළාකුළු නැති නිසාමදො , හදත් තරු පිරිවරාගෙන ලස්සනට දිලිසෙනවා..
ජබොස්... තව තඩි ගලක් පොන්ඩ් එකට විසි කරලා ගවීෂ් ෆෝන් එකෙන් බෙන්ච් එකට තට්ටු කලේ ස්ක්‍රින් එක ආයේ ඔන් කරලා වෙලාව බලලා... එකයි දහයයි... වවුල්ලුත් නිදි... හොල්මනුත් ඇති... අත්තා , මුත්තා , කිරිකිත්තාගේ ඉදන් මේ ගෙදර නෙව ඉදියේ... හීතල හුළගටත් එක්ක එතකොට නං හිරිගඩු පිපෙනවා.. අරහෙන් මෙහෙන් උස ගස්වල කොළ සිරි සිරි ගානවා...
බුදු අම්මො. මෝහිණී !!!!.. !.. එක පාර ට්‍රම්පට් සද්දයක් එක්ක ෆෝන් එකේ ස්ක්‍රින් එක ඔන් උන නිසා තව පොඩ්ඩෙන් ගවීෂ් බෙන්ච් එකෙන් බිම... කලින් සතියේ ට්‍රිප් එක යන්න තියපු එලාම් එක... වීක්ලි වැටිලා.. ගවීෂ් බැන බැන එ්ක ඕෆ් කලේ මහ රැ හාට් ඇටැක් දෙනවට... එකයි විස්සයි... හරියන්නැ මේක... බෙන්ච් එක වටේ දෙපාරක් පැදකුණු කරපු ගවීෂ් අන්තිමට කන්ටැක්ට් ලිස්ට් එකේ කොළ පාට හාට් එක ගාව අත නැවැත්තුවා... පළවෙනි පාරට මේ කෝල් එකක් ගන්නේ... !!!!! එකායි.. දෙකාායි... තුනාායි...
ටීක් - ටීක් ... ෆෝන් එක ඕෆ් නැ එහෙනම් - ඊළග එක හිතන්නත් කලින්ම රින්ග්ස් යන එක නැවතුනා... කට් කළා ද ? ගවීෂ් ස්ක්‍රින් එක ඇස් දෙක ඉස්සරහට අරන් බැලුවා... බිංදුවේ ඉදන් තත්පරේ තත්පරේ වැඩිවෙන ඩියුරේෂන් එක දැක්කම මිනිහාගේ අතත් එක්කම සීතල වෙලා ගියා... දැන් තමයි හාට් එක ආතල් ගන්න වෙලාව....
'' හ්හ් ? '' ගවීෂ් ඇස් දෙක උඩ යැව්වේ එයාගේ කටහඩේ තිබ්බ නෝන්ඩියයි කේන්තියයි දෙකම හොදට දැනෙන විදියට...
'' ඇයි ? '' මියුන් ඇහුවේත් ඒ ටෝන් එකෙන්ම තමයි..
'' ඇයි තමුසේ අාන්ස කලේ ? '' ගවීෂ් එයාටම ඔරවගන්න ගමන් ඇහුවේ ආයේම බෙන්ච් එකෙන් වාඩි වෙලා....
'' වැරදිලා..- ''
'' පොඩ්ඩක් හිටපන්... '' ගවීෂ් කලබලෙන් කිව්වේ මියුන් කෝල් එක කට් කළාද කියලා බලන්න ස්ක්‍රින් එක දිහා බලලා.. නැ තාම ටයිම් ඩියුරේෂන් එක පෙන්නනවා..
