හතර වෙනි කෝල් එකත් , රින්ග්ස් ගිහින්ම කට් වෙද්දි ගවීෂ් මහපට ඇගිල්ලේ නියපොත්ත කටින් ගලවල ගත්තේ නොඉවසිල්ලෙන්.... මියුන් පාවිච්චි නොකරන වෙලාවට ෆෝන් එක තියන්නේ ඕෆ් කරලා... දැන් රින්ග්ස් යනවා කියන්නේම ෆෝන් එක තියෙන්නේ මියුන්ගේ අතේ කියලා ගවීෂ්ට අමුතුවෙන් කියන්න ඕන නැ... දැන් මෙතනින් ගිහින් විලේජ් එක වටේ ඌව හොයාන්න ගවීෂ්ට කොහෙත්ම වෙලාවක් නෑ , මොකද තව පැයකින් දෙකකින් අවසන් වතාවත් පටන් ගන්නවා... මොකද අනිද්දා යාදම් උත්සවේ... අද බන්ෂ් එක ආශක්‍යසිංහලාගෙනුයි , වේඝර්ණාරච්චිලාගෙනුත් පිරිලා... හෙටින් පස්සේ ආයේම අවුරුදු විසි පහකට , පරම්පරා දෙක අතරේ කිසිම සම්බන්ධයක් නැහැ... මොකද වේඝර්ණලා වගේම ආශක්‍යලා වෛරයෙන් වුනත් මුහු වෙන එකම අවස්ථාව තමයි යාදම් උත්සවය...
'' ආන්ස කරපන්.. ''
'' කොහෙද තමුසේ ආ ? ''
'' මේ වැඩ අස්සේ මට පිස්සු හදවන්න එපා මෝඩයො !! ''
ගවීෂ් එක පිට එක මැසේජස් ටික දාගෙන ගියේ , ඩිලිවර්ඩ් හරි දෙක දිහා බලාගෙන... එහෙමයි නේහ්.. නටාගනින් එහෙනං ඕන විදියකට... ගවීෂ් ෆෝන් එකත් සාක්කුවේ ඔබාගන්න ගමන් නැගිට්ටේ ආශදීගෙන් ඊළග කෝල් එක එන්න කලින්...
'' ගවීෂ් අය්යේ , පහළ ආශක්‍යසිංහලා යාදම් කවය හදනවා.. අපිත් ඒක හදන්න උදව් කරන්න ඕන නේ.. ? '' ආශදී කිව්වේ ගවීෂ් දිහාවට දුවගෙන එන ගමන්...
'' උන් ඒක පටන්ගෙන ද ? යොවන්දි කො ? '' ගවීෂ් ඇහුවේ නොදැනිම ෆෝන් එක ආයේ අතට ගන්න ගමන්...
'' හරි... මොකක් හරි..උබයි මායි කතා කරමු මේක..'' ගවීෂ් ඊළග මැසේජ් එකත් සෙන්ඩ් කළේ ආයේ ආශදී දිහා බලන ගමන්...
'' යොවන්දි අක්කියි , වාශිත්නුයි උඩ... ඩියෝන් ගියා කර්ව් එකේ වැඩේ බලන්න... ''
'' දැනට උබ ෆිට් කියපන්... කො තමුසේ නැද්ද ? '' අන්තිම මැසේජ් එකත් දාලා ගවීෂ් ෆෝන් එක සාක්කුවට ඔබාගත්තේ , ආශදීට ඔළුව වනන ගමන්... වෙනදා උනා නං , මේම දෙපාර තුන්පාර මැසේජ් දැමිලි නෑ , හැබැයි සුදු මාමා කිව්ව ඒවාත් මිනිහාට පොඩ්ඩක් සැරට වැදිලා තියෙන්නේ.....
