පහු ගිය සති දෙකට යොරෙල් විලේජ් එක පුරාවටම තිබ්බේ අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක්.... කවුරු මොනවට ලැස්ති වෙනවද හිතාගන්න බැරි ඒ නිශ්ශබ්දතාවේ ඇතුලේ කිසිම දෙයක් සිද්ධ නොවුනම නෙවේ.... ඇත්තටම ඒ නිශ්ශබ්දතාවේ ඇතුළේ දැනටම තියෙන්නේ ඉදිරි කැළඹීමක පෙර ලකුණු.....
ගිය සතියේ, බන්ෂ් එකේ වතාවත් ඉගෙන ගන්න වාශිත් ඍෂි කුටියට ගිය වෙලේ, අහඹු විදියට ෆෝන් එකේ කැමරාවට අල්ලගෙන තිබ්බ විමල් ආශාක්‍යසිංහ එක්ක කතා කරන ඉසිවර වේඝර්ණාරච්චිගේ ෆොටො එක ඒවායින් වැඩිම බරපතළකමක් තිබ්බ දේ විදියට ගවීෂ්ට කියන්න පුළුවන් ... ඉසිවර වේඝර්ණාරච්චි සීයාගේ දකුණු අත වගේ... සහය පෙළ ඩවුන් බර්ඩ්‍රේන් විලේජ් එකමත් ඉසිවර වේඝර්ණාරච්චිට ලැදියි.... එහෙම එකේ විමල් ආශාක්‍යසිංහ , හදිසියෙ ඉසිවර වේඝර්ණාරච්චි මුණ ගැහෙනවා වාශිත් හොරෙන් කැමරාවට අල්ලගෙන තිබ්බේ මෙච්චර වෙල සන්සුන්ව තිබ්බ හැමදෙයක්ම උඩු යටිකුරු කරලා... වාශිත්ට හැබැයි දොළහා උනාට හෙනම වැඩ්ඩා කියන්නේ නිකන් නෙවේ......... කිසිමබ් විදියකින් අහුනොවෙන තරම් පරිස්සමට කොල්ලා ඉක්මන් තීරණයක් එවෙලේ අරන් තිබ්බා.... ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ගවීෂ් , ඩියෝන්ව ඩවුන් බර්ඩ්‍රේන් විලේජ් එකේ ඔත්තු බලන්න දැම්මේ සේරටම කලින් වේඝර්ණ පවුලට එන්න පුළුවන් තර්ජන ගැන පරිස්සම් වෙන්න ඕන නිසා....
අනිත් පැත්තෙන් මියුන්ගේ මාලේ ගැන දන්නේ කවුද කියන ප්‍රශ්නේ.... !! මියුන්ගෙන් ඒ ගැන ඇහුවට හරි උත්තරයක් නොලැබුන නිසාම ගවීෂ් දවස් දෙක තුනක් යනකන්ම ඌ එක්ක කතා නැතුවත් ඉදියේ නැට්ට ලෙසටම පාගගෙන.... යොවන්දි ගැන හයිලයිට් කරලා ඇහුවම පවා මියුන් උත්තර දෙන එක මගඇරියේ ගවීෂ්ව තවත් පටලවන අතරෙ.....
යොවන්දි එයයි මියුන් ගැනයි යමක් දන්න බව ගවීෂ් මේ වෙද්දි හොදටම දන්නවා.... ඒත් යොවන්දි ? පොඩි කාලේ ඉදන්ම එයා එක්ක හැදුන අක්කව එක විනාඩියකටවත් අවිශ්වාස කරන්න ගවීෂ් ලෑස්ති නැහැ... යොවන්දිගේ ඕරා එක දුර්වලයි , එයා කවදාවත් බලජාන හසුරුවන්න උනන්දු උනේ නැහැ.. එහෙම කෙනෙක් මෙච්චර දෙයක් ගැන හිනෙන්වත් හිතන්නේ නැති බව ගවීෂ්ට විශ්වාසයි... ඒත් !!!! --- නැ !! ඒ ඒකි නෙවේ..... ගවීෂ් මුමුණගත්තේ විශ්වාසෙන්..... අරවින්ද්ට උනත් තියෙන්නේ සැකයක් විතරයි ... උට ඔප්පු කරන්න බැහැ ඒ ගැන දශමෙක දෙයක්වත්.....
