" එහෙනම් උබලා පැරදුනොත් අරවින්ද්ටත් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ වහළ උඩට නැගලා ඒකම කරන්න වෙයි... "
" ඒකටඅපි පැරදෙන්න එපැයි..... "
" ඇයි අපි පරදින්න උබලට අපි මොක්කු වගේද පේන්නේ ? " ඩියෝනුත් ආපස්සට කට ගැහුවේ ගවීෂ්ටත් වඩා හය්යෙන්...
" ලෑලි ඉරන වඩුමඩුවක් වගේ... "
" උබලට.... !!!"
" ඩියෝන් !! ඩියෝන් !! වාඩ් වෙයන්.. " ගවීෂ් කිව්වේ ඩියෝන්ව එක්දාස්විසිදෙවෙනි පාරටත් ඇදල වාඩි කරවන ගමන්.... මේ මනුස්සයාගේ කේන්තිය එක්ක කොහොමද කියහන්කෝ මහා සමාදාන ප්ලැන් එක ක්‍රියාත්මක කරන්නේ ? අනික හෙනම අසාධාරණයි යකෝ !! මියුන්ට සිංදු කියන්න පුළුවන් වෙන්න ඇත්තේ ලොකු අම්මාගෙන්.... ලියුම්වල හැටියට භාතිය ආශාක්‍යසිංහට තාලෙට අප්පුඩියක් ගහන්න බෑ ඔන ඔට්ටුවක්... ඒම එකේ හරි නම් ඌ ඉන්න ඔනෙත් වේඝර්ණ ටීම් එකේ චහ්... අර්වින්ද්කාරයා මෙතන පරණ තරහක් පිරිමහනවා...කු. හ. ක. යා !!
"ඔන්න අලුත් සිංදුවක් එහෙනම්.... " අරවින්ද් කිව්වේ වේඝර්ණලා ටිකත් එයාලගේ සන්තකේටම තිබ්බ බොංගෝ එක අරන් ඒ පැතිවලට හැරිලා වාඩි වෙද්දි.... මෙතන තනිකර තියෙන්නෙ මරාගැනීමක් !! ඇයි වෙන මොකක් හරි වගේ පේනවද ? හහ්....
" අනන්තයට යන පාර දිගෙ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ... "හරිත නිම්නයේ සීතල අතරින්...
පිනි වැස්සේ....
අනන්තයට යන පාර දිගේ...
ඇය එනවා....
ප්‍රාර්ථනාවේ....
මල් පොකුරු අරන්....
සීතල පිනි වැස්සේ...."" උබල..." අරවින්ද් කිව්වේ ගවීෂ්ට උඩින් ආශදී දිහා හැරෙන අතරෙ.... ඔව් ඌ පවා දන්නවා වේඝර්ණලාගේ සිංදු කියන්න පුළුවන් එයාට විතරයි කියලා.... හැබැයි අපරාදේ කියන්න බෑ වේඝර්ණලා සෙට් එකේම අඩුව පුරවන්න පුළුවන් විදියේ හරිම යුනික් පවර්ෆුල් කටහඩක් තමා කෙල්ලට තිබ්බේ.....
" ඉගිබිගි පානා නෙතු මානේ ඉදිමි නැවතීලා....
නොඉදුල් හාදුව ළග හෙව්වේ සෙනෙහේ නොවේද මා....
මතු හිමි නොවුනට කම් නැ ශියාවේ.....
දනිමී පමාවත් මගෙමයි....
නොහෙලූවානම් මා මුලාවේ
අදටත් නුඹේ ළගමයි...
