උස ගස් උඩට වේගෙන් වැටෙන වතුර බිංදු බේරිලා තාලයක් නැතුවම පොළොවට වැටෙනවා... මහ හය්යෙන් අකුණු පුපුරනකොට ඇට මිදුළු මිදවන තරමේ සීතලක් ඇග පුරාවට කා වදිනවා..... හරියට.......හරියට.......... ඒ තත්පරේම මහ හය්යෙන් කැගහන අපැහදිලි මිනිස් කටහඩවල්වලින් පිරිච්ච අවකාශය......... උස ඕක් ගස් දෙකක් අතරවට මැදිවුන දුඹුරු පාට තෙත සපත්තු .... අප්ලොශ් එක......... !!! ඒ අත දිගේ බේරේන ලේ බිංදු......
" උබලගෙන් මොකාටද ඊළගට මැරෙන්න ඕන ? අහ් !!! "
කලබලකාරි වාතය....... මඩ පස්.... කොළ පාට ඇස් !!!!!!!
" නෑ !! එපාආආඅ !!!!!!!! "
රූප එකෙන් එක වැස්සට හේදිලා ගියෙ ගවීෂ් අවසිහියෙන්ම වගේ අත මිට මොළව ගනිද්දි.... එයාට සිහිය තියෙනව..... ඇගට පණ නැති උනත් ඇස් අරින්න බැරි අමුතුම නිද්‍රාවකින් වගේ එයා මත් වෙලා.....
ගගේ වතුර වැඩිවෙන සද්දේ....... හය්යෙන් කෑ ගහන සද්ද...... එ අතරින් ඇහෙන ඉකිබිදුම......
"අම්මා එක්ක තරහ නෑ නේ ද මගේ පුතේ ....? "
බෙල්ල දිගේ උඩට වැටිලා ගිය හිටි වැටීමට ගවීෂ් අත මිට මොළව ගත්තේ වෙව්ලන ඇස් පිහාටුවලින්.. මතකයක් ... එයාට සිහිය තිබ්බට එයාගේ බර්ඩ්‍රේන් ජානවලින් අවුස්සන අසාමාන්‍ය මතකයක්.....
රතු පාට එළිය..... එයාව කලබලෙන් වඩාගත්ත ඒ රතු පාට කාරුණික ඇස්... එයාගේ චූටි අත්වලට අහුවුන තෙත කොන්ඩේ....ඇස්වලට පේන පරාසේ මතකේ පැහැදිලි වෙද්දි ගවීෂ් ඇස් ඇරියේ කවුරුහරි බෙල්ලෙන් අල්ලගෙන ඉදල එයාව නිදහස් කළ ගානට..... වේඝර්ණ මැන්ශන් එකේ අදුරු ඩන්ජන් එකේ ගල් පොළවේ සීතලට කලින් එයාගේ කොන්ද දිගේ ඉහළට පැතිරිලා ආවේ දරාගන්න බැරි තරමේ වේදනාවක්.....
එයා තාමත් එතන..... ඇස් දෙකට පිරෙන කදුළුවලට සැරින් සැරේට බොද වෙන සිවිලිම දිහා බලාගෙන ඉදපු ගවීෂ් අත මිට මොළවගෙන කෙලින් උනේ බිත්තියට වාරු දීලා.. ඩන්ජන් එක පාළුවට ගිහින්... එයාගේ බලජානවල දුර්වල මට්ටමේ ක්‍රියාකාරිත්වය ආයෙ ඇගට දැනෙන නිසාම මරණයෙන් ඈත් උනා වගේ හැගීමත් එක්ක ගවීෂ් වැනි වැනිම කකුල් දෙකෙන් හිට ගත්තේ කටට උනපු පළවෙනි කෙළ පිඩේම තිබ්බ ලේ රහට එළියට කෙළ ගහන අතරේ !! එතනම එයාගේම ලේවලින් තෙත්වුන පොළොව උඩ අතඇරල දාල තිබ්බේ සීයගේ දඩුවම් කසය ......
