'' ටයිඩ්‍රැක්ස් එකට පැනගත්ත මිනිත්තුවේ කලබලෙන් ලියමි ,
මේ මිනිස්සු මගේ ගැන අැහැගහගෙන ඉන්නේ හරියට මං මේ දැන් පැනලා යයි ගානට !. ඔයා හොදින් නේද මගේ ඇපල්මල ? සමහර විට ඔයාගෙන් උත්තරයක් අහන්න වෙන එකක් නැහැ දැන්ම... සමහර විට අපිට අද මුණගැහෙන්න අවස්ථාවක් ලැබුනොතින්..... (දෙවියනේ ඒම ලැබුනොත් කොච්චර දෙයක්ද !!) ..
පරණ පුරුද්දට වෙලාව අඩු විත්තිය අමතක වෙලා දිගට ලියවෙනවා සිනල්යා... මට කියන්න ඕන උනේ , මං පොදු පුස්තකාලයේ පුස්කොළපොත් තියන අංශෙට පැන්නා... ( ඇත්තටම ඔයත් ඉදියා නම් ඒක ලොකු වික්‍රමයක් වෙන්න තිබ්බා..).. ඒත්, මට ඒ පොත හොයාගන්න බැරි උනා, මං දන්නෑ ඒත් මට හිතුනේම මට කලින් කවුරුහරි ඉක්මන් වෙලා තියෙනවා.. සමහර විට ළගදි , සමහර විට ගොඩක් කාලේකට කලින්ම...
මේසේ යට තියාගෙන ලියුම් ලියන බූතයා...
ප.ලි - ( තව වෙලාව තියෙන විත්තිය හිතුන නිසා ලියමි. )
ඔයා ලොකු නංගියි චූටි නංගියි ප්‍රශ්න අතරට පනින්නේ නැති තරමට මං කැමතියි !. වේඝර්ණ පවුලට ඇගිලි ගහනවා නෙවෙයි මේ , ඒත් මට ඔයාව පරිස්සම් කරගන්න පුළුවන් සීමාවෙන් පිට ඔයාට මොනවා හරි උනොත් , මං එයාලාට කොච්චර දරුණු වෙයි ද කියාල මංවත් දන්නේ නැහැ සිනල්යා....
ඊටත් පසුව - තව මිනිත්තුවක් විතර තියෙනවා වගේ , !! ඉතින්... ඔයාගේ හිනාව කලින් වගේම ඇති කියලා මවාගන්නවා මම. ඒක එහෙම නේද ? මේ සුමාන තුනට ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා හිතෙන එකෙන් මට මිදෙන්න බැරිවෙයි !!..
.
.
.
.
.
.
.
.
මගේ ඇපල්මල !!! ,
ඉතින් මුලින්ම සුබ පැතුම් ලොකු අම්මේ !! ( එහෙනම් ඔයාගේ චූටි නංගි ඉස්සර උනා නේ ද ? ) එක දෙයක් මගේ මැණික, ඔය ඉපදුන්නැති දරුවොන්ගේ පිටින් කලහා යන්න නොදී පරිස්සම් කරගන්න.... කවුරු වුනත් ඒ ඔයාලාගේ වේඝර්ණ ලේ නේ ද ?
බන්ෂ් එකේ ඍෂිවරු ආයේත් කලබලයි.... මට විශ්වාසයක් නෑ , අපේ අප්පච්චියි ඔයාලාගේ අප්පච්චියි මේක හොදින් විසදගනි ද කියලා.. ( ඔයා දන්නවා ඒ දෙන්නාට කවදාවත් දෙයක් හොදින් ඉවර කරගන්න බැරි විත්තිය....)
