抖阴社区

- 76 -

36.5K 2.6K 792
                                    

මේ ගුරු පාර දිගේ , දුවන හැම දවසකම ඒමත් නැත්තන් බයික් එක රයිඩ් කරන හැම දවසකම වගේ ගවීෂ්ට කොහොමටත් තිබ්බේ සෑහෙන කලබලයක්.... ඒත් අද ? හුළං කපාගෙන ඉස්සරහට යන්නේ කොච්චර වේගෙකින්ද  ඒ තරම්ම අමුතුම  බලයකින් එයාව පිටිපස්සට අදිනවා වගෙයි මිනිහාට දැනෙන්නේ... 

වටවෙලා ඉදපු මිනිස්සු එයාගේ බයික් එකට ඉඩ දෙන්නේ නැති තැන ගවීෂ් දත්මිටි කාගෙනම බයික් එක පාක් කරලා යතුර ඇදල ගත්තේ , සෙනග එහාට තල්ලු කරන් ඉස්සරට ඇදෙන අතරෙ..... සෑහෙන සෙනගක්, බර්ඩ්‍රේන් වගේම ඩ්‍රොමිඩා යොරෙල්ස්ලා පවා නොසන්සුන්ව මුමුණන වචන ගවීෂ්ගෙ කකුල් පණ නැති කරනවා...

ඒ ඉහළට නැගෙන දුම් වළලුවල දුමාරෙන් විලේජ් එක දැනටම අමුතු අලු පාටක් අරගෙන... ඝන දුමාරය මැද්දෙන් අපැහැදිලි මිනිස් රූප සේරම ගවීෂ්ට පේන්නේ බොද වෙලා.... ඇගට පණ නැති ගතිය නිසාමදෝ එයා තියන අඩියක් අඩියක් ගානේ විසි වෙනවා ගවීෂ්ට දැනෙනවා.... දුමාරේ අතරින් ටිකෙන් ටික පැහැදිලි වුනේ  සියඹලා ගහෙන් මෙපිටට තනිකරම , තද තැඹිලි පාට බුර බුරා නැගෙන ගිනිදැල්  සම්පූර්ණයෙන් ගිලගනිමින් , නැ ගිලගෙන තිබ්බ ටයිඩ්‍රැක්ස් එක..... ! 

සෙනග අතරේම  වාරු නැති ගතියට ඔලුව කැරකෙද්දි, ගවීෂ් අඩියක් පස්සට තිබ්බේ කිසිම ශක්තියක් නැති ගානට... ඒ දුම්‍ වළලුවලට හුස්ම හිරවෙනකොට, එයා දණිස් දෙක අල්ලගෙන ඔළුව බිමට පහත් කරගත්තේ කෙලින් හිටගන්න මහන්සි වෙන අතරේ..... 

'' හරිම අපරාදයක්...... ''  ඇත්තටම කණගාටුව තැවරිලා තිබ්බ අහලා පුරුදු , ඒත් කවදාවත් ආයේ අහන්න බලාපොරොත්තු නොවුන කටහඩක්.... 

" අ...අ...අයෝද්ම....!!!'' එයාගේ එහා පැත්තේ  සුපුරුදු මූණ දිහා බලපු ගවීෂ් කෙදිරුවේ තව අඩියක් ඉබේම පස්සට තියලා.... 

" ඉස්සෙල්ලා කෙලින් හිටගන්න දරුවො..... "  ඒ කටහඩ සන්සුන්... ඉන්න.. එයා ඇත්තටම එතන ඉන්න මනුස්සයෙක් නෙවේනේ.. එයා... ආ-ආත්මයක්....... ලාකඩ දාලා මකල තිබ්බ , වේඝර්ණ උරුමය.... අයෝද්ම.... එදා ගුහාව ඇතුළෙදි කිසිම උත්තරයක් නැතුව අතුරුදහන් උන මාස්ට අයෝද්ම.......

" ඔහොම තත්පරේකට සන්සුන් වෙලා මම ඔයාට එවපු පණිවිඩය මවාගන්න.... " අයෝද්මගේ කටහඩ පැතිරිලා ගියෙ වටේ පිටේ මිනිස්සුන්ගේ ඝෝෂාවෙන් ගවීෂ්ව මුදවන අතරෙ... හැමදේම සන්සුන්....හරියට එතන හිටගෙන ඉදියේ , අයෝද්මත් එයත් විතරක් වගේ..... අනිත් හැමදෙයක්ම පරණ කතාවක ස්ලෝමෝශන් රූප ගානට අපැහැදිලියි.... පණිඩිවය ??? 

-Plot 23 -Where stories live. Discover now