'' මහ මොකෙක්ද මන්දා.. '' යොවන්දි කිව්වේ ගවීෂ් දිහා බලලා බෙල්ලත් ඇල කරලා.... ගවීෂ් එක පාරට කෙලින් උනේ යොවන්දිගේ බෙල්ලේ තැනින් තිබ්බ නිල් පාට සලකුණුවලට... ගවීෂ් ඒක දැක්කා කියලා තේරුන යොවන්දි ටක් ගාලා ටී ෂර්ට් එක හදාගත්තේ බිම බලාගෙන...
'' සවුසේගේ බෙල්ලට මොකද උනේ ? ''
'' මුකුත් නෑ.. ''
'' මේ මේ. මට බොරු කරන්න ලැස්ති වෙන්න එපා.. මොකද උනේ කියපන් '' ගවීෂ් සැර කලේ කේන්තියට... ඇහුවාට ගවීෂ්ගේ යටිහිත හේතුව දැනගෙන ඉදියා කිව්වොත් වැරදි නෑ...
'' සීයා ද ? '' යොවන්දි සද්දයක් නැති නිසාම ගවීෂ් ඇහුවේ සද්දේ අඩු කරලා.. .
'' සීයාගේ වැරැද්දක් නෙවේ ගවීෂ්.. දන්නවානේ සමහර දේවල් අපිට නවත්තන්න බැ.... '' යොවන්දි හිනාවක් මවාගෙන කිව්වේ පොත් ටික එකතු කරගන්න ගමන්..
'' පොඩ්ඩක් ඉදපන්. අපි පොඩ්ඩක් කතා කරමු. '' ගවීෂ් එහෙම සිරියස් පිට කියන්නේ කලාතුරකින්... ඒත් ඒ කියන සැරේට ඒක කියන්නේ හදවතින්ම තමයි.. ඇරැත් පිට වෙන විස්තර කිසි දෙයක් දන්නැතුව දැන් ළිං මැඩියෙක් ගානට තමයි මිනිහාට දැනෙන්නේ....
'' මොනවා කතා කරන්නද ? හිතන්න දෙයක් නෑ මෙතන... ඔය ගණන් ටික හදලා දාන්න.. ''
'' අපි දෙන්නාම දැන් පොඩි ළමයි නෙවේනේ යොවන්දි. පොඩ්ඩක් වාඩි වෙයන් කතා කරන්න.... '' ගවිෂ් ටිකක් තදින් පුටුව යොවන්දිට තල්ලු කරලා කිව්වේ යොවන්දි එ් පාර ලොකු හුස්මක් පිට කරලා පුටුව උඩින් ඔහේ වාඩි වෙද්දි...
'' හරි මං අහන එකට ඔව්ද නැද කියන්න...'' ගවීෂ් පුළුවන් තරම් සන්සුන් විදියට ඇහුවේ යොවන්දි ඔළුව වනද්දි.. යොවන්දි එහෙම ලේසියට එළියට විවෘත වෙන චරිතයක් නෙවේ කියන්න ගවීෂ් හොදටම දන්නවා....
'' සීයා ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාවා ? '' එයා අහන ප්‍රශ්නෙට උත්තරේ දැනගෙනම ගවීෂ් ඇහුවා.. කෙහෙම්මල් උගුරේ මොනාද හිර වෙලා ඒ අස්සේ... යොවන්දි හිමින් ඔළුව වනනවා ගවීෂ් බලාගෙන ඉදියා.. හරි ප්‍රශ්නයක් නෑ. ඒක එයා බලාපොරොත්තු වුන උත්තරේනේ කොහොමත්... දැන් ඉතිරි එක ප්‍රශ්නයයි... ගවීෂ් හුස්මක් ගත්තා... තව එකක් ගත්තා...

- 11 -
Start from the beginning