'' හලොව් පොඩි මෑන්... අන්න ඔයාගේ සුදු මාමා කවුන්ට එක ගාව.. '' ඉස්සරහා මේසේට කොක්ටේල් එකක් සර්ව් කරපු අවිනාශ් ගවීෂ්ව අදුරගෙන සැලියුට් කරලා කිව්වේ ගවිෂ් විහිළුවට වගේ රවද්දි... පහළ තට්ටුවම වගේ පිරිලි තිබ්බේ බාර්ලි සුවද මිශ්‍ර වුන අමුතුම සුවදකින්...
'' කවුන්ට එකටත් දැම්මද ඒ ඩිංගට ? හහ්.. '' ගවීෂ් ඇහුවේ අත් දෙකත් බැදගෙන කවුන්ට එක දිහාවට එබෙන ගමන්... මං නැති උනොත් සේරම ඉවරයි කියන්නේ නිකන්ද ... මොකක්ද බිල් එකක් ගැන නවත්තන්නැතුව කස්ටමර් එක්ක කියවන මෙතුල දිහා බලපු අවිනාශ්නුත් හිනා වුනේ ඔළුව දෙපැත්තට වනලා.. එක අතකට අවිනාශ්ටත් ෂුවර් නැ මේ කොල්ලාව කවුන්ට එකේ තියන්න... කොල්ලව උස්සන් යයිද මන්දා කවුන්ට එකේ තියලා...
'' එයාමනේ කවුන්ට එක ඉල්ලගත්තේ.. ආ නැද්ද අවි ? '' ඒ කවුද ඒ මැද්දෙන් ඇඩ් දාපු කෙනා.. ගවීෂ් ආයේ රවලා බැලුවේ කොක්ටේල් එක බිබි ඉදපු කෙනා දිහා.. කවුද බොලව් මගේ මස්සිනාට අවි අවි ගාන එකා ? දැකලා පුරුදුයි ටිකක්... ඩයස්ගේ නංගිද ? ආහ් මේ මෙයා... අර අරයා... කවුද කවුද නම.... ආාාාා-- හ්.... ක්‍රිෂ්... කොහෙද දන්නැ මෙයාගේ පුරු පුරු මල්ලි බබාහ් ? පොඩ්ඩක් ඉන්න පෝඩ්ඩක් ඉන්ට.... මේ අවිනාශ්කාරයා කෝමද ආශක්‍යසිංහලාව දන්නේ ? !!
'' ආහ් පොඩි මැන්... මේ ක්‍රිෂ්.. දන්නවත් ඇති සමහරවිට.. ක්‍රිෂ් මේ පොඩි මෑන්ස්.. අපේ මෙතුගේ නෙෆිව්.. '' අවිනාශ්ගේ හදුන්වාදීම වැඩක් නැද්දත් මන්දා...
'' හොද අතිත කතාවක් තියේ නේහ් මලයා අපිටත් ? '' ක්‍රිෂ් නෝන්ඩියට ඇහුවේ ගවීෂ් එහා පැත්තේ ටේබල් එකේ පුටුවත් ඇදලා අරගෙන එකෙන් වාඩි වෙද්දි... අක්කා කියන එකක් තමයි අක්කේ , ඒවා අමතක නොවන කතා.... ගවීෂ් හිතින් කිව්වේ ක්‍රිෂ්ගේ මූණ දිහාම රවලා බලලා....
'' තමුසේ මොකද බර්ඩ්‍රේන් යොරෙල්ස්ලා එක්ක කරන්නේ ? '' ගවීෂ් ක්‍රිෂ්ගෙන් ඇහුවේ මියුනුත් මෙහේ නතර වෙලා ඉදියානේද කියලා මතක් කරගෙන... දැන් නේ මෙතන වෙන දේවල් එළියට එන්නේ... මස්සිනාව ආයේම ඉන්ටවීව් කරලා ගන්න වෙනවා වගේ...
'' බුදු අම්මො මෙයා මට ගහයිද මන්දා ? '' ක්‍රිෂ් හිනා වෙවීම නෝන්ඩියට අවිගෙන් ඇහුවේ ගවීෂ් අත මිට මොළවගනිද්දි.... මේකිගේ කට බලහන්කො... ආශක්‍යසිංහලා !! සේරම එකයි... එදා තනියම ඩ්‍රොප් සෝන් එකේ ෆයිට් එකට එන්න කියලා , ආශක්‍යසිංහලා සෙට් වෙලාම එයාට ගහපු එක හෙන ලොකු කමක් කියලා වෙන්නැති හිතන් ඉන්නේ.... කෝමත් ඒ සිද්ධියෙන් පස්සේ , අරවින්ද්ව අල්ලගෙන රිටර්න් එක දෙන්න තමයි ගවීෂ් මග බලාගෙන ඉන්නේ....

- 12 -
Start from the beginning