වෙනදාට කැෂුවල් අදින එකා , අද සුදු ෂර්ට් එකේ අත වැලමිට ගාවට නවලා.... කලු කලිසමට යට කරලා... ඉස්සරහා සාක්කුවෙන් යන්තං එළියට පැනලා තිබ්බ ටයි එකෙන් අද මොකක් හරි ඉවෙන්ට් එකක් තිබිලා කියලා හිතාගන්න එක ගවීෂ්ට මහ දෙයක් නෙවේ.... සේරමත් හරි.. සේරම හරි... ආපු වෙලාවේ ඉදන් අර ගිටා කොල්ලා එක්ක මොකක් ද අච්චර කිංකිණි සලන්න තියෙන්නේ... !!! සුදු ෂර්ට් එකට හෙන නළුවා කියලා වෙන්නැති හිතන් ඇත්තේ අර්ධ පරිණාමිකයා..... පිළිගනින් ගවීෂ් උබ ජිවිතේට දැකලා නැ තාම ඌ හරියට හිනා වෙනවා.. !!! හහ් දැන් දැක්කේ....ඔය හිනා වෙන්නේ යස අගේට !!!! හෙන හිනා ඇති... දත් ටික කඩලා දාන්න තියෙන්නේ ඕකාගේ...
'' අරක බලන්නකො-. '' යොවන්දි කිව්වේ ගවීෂ්ට ඔළුව උස්සන්න කියලා තට්ටු කරන ගමන්... ඔළුව උස්සපු ගවීෂ් දිහායි , යොවන්දි කියන සිද්ධිය දිහායි බැලුවේ මාරුවෙන් මාරුවට බලපු මෙතුල තොල් දෙකත් තද කරගෙන හිනාව නවත්තගත්තේ එහා පැත්තේ කෙළවරේ මේසේ ඉදපු අවිනාශ් දිහා බලන ගමන්...එතනත් ඒ සංසිද්ධියම තමයි.... සින්ග් කරන්න අලුතින් ආව පොඩි කොල්ලා ඩ්රෑන්ගෙන් මියුන් ගිටා එක ඉල්ලගෙන වාඩි වෙලා .... ඩ්‍රෑන් ඉනට අත් දෙකත් තියාගෙන බැන බැන මියුන්ට ප්ලේ කරන්න ටියුටෝරියල්ස් දෙනවා.. ඩ්‍රෑන් මෙතුලව හොයාගෙන ආවේ මෙතුල කාලේකට කලින් ලියපු සිංදුවක ලිරික්ස් එයාගේ සිංදුවකට ගන්න පර්මිෂන් ඉල්ලගෙන... කොල්ලව දැක්කම ආපු අදහසට තමයි මෙතුල ටයිඩ්‍රැක්ස් එක ඇතුළ පුංචි ස්ටේජ් එකක් හදලා වෙනස් කලෙත්...
ඩ්‍රෑන් මික්ස් යොරෙල් කෙනෙක්... ආශක්‍යසිංහ පැත්තටවත් , වේඝර්ණ පැත්තටවත් නැති අතිශය සාමාන්‍ය යොරෙල් කෙනෙක්... සාමාන්‍යයි කිව්වට , ඩ්රෑන්ගේ පාටේ ඉදන්ම අසාමාන්‍යයි... ඩ්රෑන්ව මුලින් දැක්ක වෙලේ මෙතුලගේ ඔළුවට ආවේ ජැපනිස් ඇනිමි එකක ලයිව් වර්ෂන් එකක්... කොටින්ම අර මූණේ ඇදලා තියන චූටි රතු පාට ලප පවා ඒ විදියටම ඩ්රෑන්ගේ කම්මුල්වල තිබුනා... ගිටා එකත් එල්ලගෙන , යන්තං බඩ පේන ක්‍රොප් ටොප් ටයිප් ටී එකක් ඇදගෙන ඉදියම ඒම පේන්නැත්තන් නේ පුදුම....ඩ්රෑන්ගේ කළු ස්ට්‍රේට් කොන්ඩේ හාෆ් අප් හාෆ් ඩවුන් ස්ටයිල් එකට උඩට කරලා බැදලා තිබ්බා.. හීනි ජපන් ඇස් , එක්ක ඩ්රෑන්ට තිබ්බේ ඇවිදින ඩෝල් කෙනෙක් වගේ ලුක් එකක්.. නැත්තන් ඉතින් අර ජිවිතේට කෙල්ලො මිස කොල්ලො දිහා බලන්නැ කිය කිය ඉදිය ක්‍රිෂ්ට මේම වෙයිද....දැනුත් පේනවනේ ඩ්රෑන්ව මේ දැන් කන්න පුලුවන් ගානට බලන් ඉන්න හැටි....

- 22 -
Start from the beginning