抖阴社区

                                    

ඩ්‍රෑන්ව මියුන් එක්ක තිබ්බම , දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් මැචින් කපල් එකක්... ඩ්‍රෑන්ගේ අමුතු ෆෙමිනින් ගතියට , මියුන්ගේ රෆ් පර්සනැලිටි එක ක්‍රොස් වෙන්නේ හරියට රත්තරන් රසදිය ගානට... අර ඇනිමිවල ඉන්න අයිඩියල් බීඑල් කපල් එක....!! කොටින්ම යොවන්දිට විතරක් නෙවේ මේ බලන් ඉන්න මෙතුලට පවා ඒම හිතෙනවා.... ඒම එකේ දෙන්නා හිනා වෙවි ඉන්නකොට ගවීෂ් මේම විකාර කියවන තත්වෙට වැටෙන එකට වැරැද්දක් කියන්නත් බැ.... ඉතින් ඇත්ත තත්වේ මොකක්ද දැනගෙන ඉදියත් මෙතුල නෙවේ කටක් ඇරියේ.... මියුන්ට කතා කරන්න එපා කිව්වේත් ගවීෂ්මනේ.... එකත් අතටම ගවීෂ්ගේ හිතුවක්කාර ගති මට්ටුවෙන්නත් ඕන... පේනවනේ දැනටම ගවීෂ්ගේ ඇස් දෙක ගිනියම් වෙලා රතු පාටට....

'' මල සමයං..!!!  යමං ගෙදර යොවන්දි.. '' ගවීෂ් බැරිම තැන කිව්වේ පුටුව පිටිපස්සට කරලා නැගිටින ගමන්...  පුටුව පිටිපස්සට කරපු සද්දේට ඒ පාර නම් අදාළ කෙනාගේ විතරක් නෙවේ මුළු ටයිඩ්‍රැක්ස් එකේම අවධානේ ගවීෂ්ට හම්බුනා කියලා දැක්ක මෙතුල යන්තං හිනාවක් දාලා ගවීෂ්ව ආයේ වාඩි කෙරෙව්වේ ගවීෂ් ඔරවගෙනම අත් දෙකත් බැදගෙන වාඩි වෙද්දි... මොකද දන්නැ බලන්නේ තව.. දෙන්න තියෙන්නේ එකක් ගිටාර් එකෙන්ම විසි වෙලා යන්න... එයාව දැන් දැක්ක මියුන්ට මිඩ්ල් ෆින්ග එකෙන් සැලියුට් කරපු ගවීෂ් ගේමටම ස්ටේජ් එක දිහා බලාගෙන ඉදියේ තත්පර දෙක තුනක් ඇතුළත මියුන් ගිටා එක පැත්තකින් තියද්දි... කිසිම කලබලයක් නැතිව එතනින් බැහැපු මියුන් කෙලින්ම එයාලාගේ මේසේ පැත්තට එයි කියලා නම් ගවිෂ් කියටවත් හිතුවේ නැ...

ඩග් ඩොග්.. ඩග් ඩොග්... ඩග් .... මියුන්ගේ අඩි සද්දේ එක්කම තාලේට ගවීෂ්ගේ හාට් එක ආතල් ගන්නවා... ඒත් මිනිහා තාම අත් දෙක බැදන් රවාගෙන...රතු පාට වුන ඇස් දෙකෙන්ම මියුන්ගේ යට ඉදන් උඩටම විනිවිද යන බැල්මකින් ගවීෂ් බැලුවේ මේ දැන් මියුන්ගේ බෙල්ල මිරිකන්න පුලුවන් ගානට ... එච්චර ද ? නෑ !!! .... ගවීෂ් එයාගේ මූණ දිහා බලනකං ඉදලා සාක්කුවෙන් අත එළියට ගත්ත මියුන් , එයාගේ වම් අතේ මිඩ්ල් ෆින්ග එකෙන් ගවීෂ්ට සැලියුට් බැක් කලේ ගවීෂ් පුටුව පස්සට තල්ලු කරලා පුපුර පුපුර නැගිටිද්දි.....

-Plot 23 -Where stories live. Discover now