'' ගවීෂ්....... '' මෙතුල ගවීෂ්ගේ උරහිසින් අල්ලලා පිටිපස්සට ඇද්දේ මියුන් අත ආයේම සාක්කුවට ඔබාගන්න අතරේ... මේ කොල්ලාේ දෙන්නාගේ ලව් ලැන්වේජ් දැකල මෙතුලට කැරකැවිල්ලත් වගේ... හායි , හලො මුකුත් නැ කෙලින්ම ඇගිල්ල !!!... අනික් අතට ගවීෂ්ගේ මිඩ්ල් ෆින්ග සැලියුට් එක වගේ නෙවේ කොහෙත්ම මියුන් ඒක කරද්දි... ඒක ගවීෂ්ටම තේරුනේ මියුන් ඒම කරද්දි යටි බඩ හිරිවැටිලා ගිය විදියට... හරිම යුනික් , එක යට කොස් සී වයිබ් එකක් තියෙනවා මියුන්ගේ ඒ වෙලාවට... මියුන් කතා නොකරම ආයේ හැරුනේ ගවීෂ් පැටලෙන්න වචන අහුලද්දි.....
'' ගවීෂ්.... '' ඒ පාර යොවන්දි මැද්දට පැන්නේ ගවීෂ්ව ඇත්තටම සෙන්ස් එකට ගෙනැල්ලා... මුළු ටයිට්රැක්ස් එකම ෆ්රී ෂො එකක් වගේ බලන් ඉන්නේ සිද්ධිය දිහා... එයාට කලබල කරන්න නොදී අතින් අල්ලගෙන ඉදපු යොවන්දිට පුටුවෙන් නැගිටින්න කියලා සන් කරලා ගවීෂ් පිටිපස්සට තල්ලු කරපු පුටුව ආයේ ඒ ගැම්මටම ඉස්සරහට තල්ලු කලා.... මේසේ උඩ තියලා තිබ්බ එයාගෙ වොලට් එක , වොච් එක , බයික් එකේ කී එක සේරම එකතු කරගෙන ගවීෂ් ටයිඩ්රැක්ස් එකේ දොරත් ඇරගෙන එළියට ගියේ වින්ඩ් චැම්ප් එක සලාාාාං ගාලා දොරේ වදිද්දි...
'' සුදු මාමේ ගිහින් එන්නම්... '' යොවන්දි සුදු මාමාට කියලා , ඈත ඉදපු අවී මාමාටත් අත වනලා ගවීෂ්ගේ පිටිපස්සෙන් දිව්වේ මියුන්ව දැක්කත් ඇති ගවීෂ්ගේ යකා ඉහට නගිනවා කියලා දන්න නිසා.. කෙල්ලට තාම මතක , කොල්ලො දෙන්නා බෙල්ල මිරිකගත්ත විදිය තමයි... හරිනේ.. යොවන්දි එළියට යනවත් එක්කම ගවීෂ් බයික් එක රේස් කලේ එතන දූවිලිත් අවුස්සලා...මියුන්ව දකිනකොට බයික් එක රේස් කරන එක ගවීෂ්ගේ හැටි ද !!!! සුදු බයික් එක දුඹුරු පාටයි .!!! කොයි වෙලේ හරි බ්රේක් එක අත ඇරුන දවසක තමයි මූ පාඩමක් ඉගෙන ගන්නේ.. යොවන්දි බැන බැනම බයික් එක ගාවට ගියේ ගවීෂ්ගේ අතේ තිබ්බ හෙල්මට් එක ඉල්ලගන්න...
'' ගවීෂ් ඇයි මේ .. ? '' යොවන්දි කතා කලේ ගවීෂ් හෙල්මට් එක දුන්නා නෙවේ යොවන්දිගේ ඇගට දමලා ගැහුව නිසා... ඒ පාර ටිකක් හය්යෙන් වැදුන නිසාමද කොහේ කෙල්ල බය වෙලා... ෂික්.. උබේ විකාර කේන්තියට ඒකි මොනවා කරන්න ද ගවීෂ්...
'' අහ්..'' ගවීෂ් එයා ගැනම ෂොක් එකෙන් මිමිණුවේ හුස්මක් අරන් බයික් එක නතර කරලා... යොවන්දි අතේ තියාගෙන බලාගෙන ඉදපු හෙල්මට් එක ආයේ එයාගේ අතට ගත්ත ගවීෂ් යොවන්දිට ළගට එන්න කියලා ඔළුව වැනුවේ වචනයක්වත් කතා කරන්නේ නැතුව...
'' ඒක ඉවරයි... මෙන්න දැන් ගන්න...'' ගවීෂ් පුළුවන් තරම් නෝමල් විදියට කිව්වේ හෙල්මට් එක ඒ සැරේ හිමින් යොවන්දිගේ අතට දීලා... යොවන්දි මුකුත් කියන්නැතුව හෙල්මට් එක අතට ගත්තා....ඒත් කෙල්ලගේ මූණ තාම අවුල්.... අනේ දෙය්යනේ ගවීෂ් මොනවා කරන්න ද ? මටත් දුක හිතෙනවා.. මටත් ඉරිසියා හිතෙනවා.. මටත් තරහා යනවා... දෙය්යනේ මනුස්සයෙක්නේ මාත්.... !!!! එකම වැරැද්ද තමුසේ කොච්චර පර්ෆෙක්ට් මනුස්සයෙක් උනත් , හිත ගියේ අර්ධ පරිණාමික ගස් ගදයෙක්ට උණ එක !!!!.... තව ටික දවසකින් යොවන්දිගෙන් කන පැලෙන්න පාරක් කනවා ගවීෂ් තමුසේ... ගවීෂ් හිතුවේ යොවන්දි මුකුත් කියන්නැතුව බයික් එකට නැගපු විදියට.... හැම මගුලම එයාට හරහටමයි !!!...
.
.
.
.
.
.
.~ මතු සම්බන්ධයි ~

- 22 -
Start from the beginning