''තමුසේ ඇහැරිලා මොකද කරන්නේ ? '' ගවීෂ් ඇහුවේ බෙන්ච් එකට ඇගිල්ලෙන් අනින ගමන්..
'' ....... ''
'' ෆෝන් එක අතේ තියාගෙන මොනව ද කරන්නේ උබ ඔච්චරටම ? '' මියුන්ගෙන් උත්තරයක් නැති නිසා ගවීෂ් දෙවෙනි ප්රශ්නෙත් ඇහුවා...
'' ............ ''
'' ෆෝන් එකෙනුත් ගිටා ගහන්න ඉගෙන ගන්නව ද ? .. '' ගවීෂ් තුනිවෙනි ප්රශ්නෙත් ඇහුවේ මියුන්ගෙන් සද්දයක් නැති තැන.. ස්පීච්ලස් වෙන්න එපැයි.... අතටම අහුවුනානේ...
'' තමුසේට ඇහෙනව ද ඕයි ? මං තමුසේට කතා කරන්නේ..... '' ගවීෂ් ආයේම කිව්වේ කේන්තියටම කටහඩ වෙව්ලද්දි... යකො වයසට ගරු කරලා උත්තර දීපන් අඩුම... ගස් ගදයා... !!! ගවීෂ් කිව්වේ බෙන්ච් එකටත් පයින් පාරක් ගහලා...
'' තමුසේ එළියේ ද ? හිටපන් ටිකක් බෙන්ච් එක කඩන්නැතුව....'' මියුන් සැර කලේ ගවීෂ්ව නිරුත්තර කරලා.. වීඩියො කෝල් ද ? නැ... එතකොට -
'' ආහ් ? ? කොහෙද ඉන්නේ උබ ? '' ගවීෂ් ෂොක් එකේ ඇහුවේ වට පිට බලන ගමන්... කොහෙද කට් කරලා ඉවරනේ... මහ රැ එකට මේම ආතල් දෙන්න නරකයි මොනවා උනත්... දැන් ඉතින්- ගවිෂ්ගේ බ්රේක් නැති හිත නැවතුනේ ඈතින් ඇහුන අඩි සද්දේට... හොව්!!! මට කියන්න එපා---
'' සීයාට කියලා තියපන් වෙඩින් එක කෙරෙන්න ඕනං , ඒකට කලින් තාප්පේ ටිකක් උස්සලා තියාගන්න කියලා... '' මියුන්ගේ කටහඩ ආපු දිහාවට ගවීෂ් හැරුනේ වේඝර්ණ මැන්ෂන් එකේ තාම වහලා තියන ගේට්ටුව දිහයි ඈත පේන මැන්ෂන් එක දිහයි බලලා.. දෙය්යනේ මූ ඇතුළේ !!!!!යකො..මෙච්චර කල් ජිවිතේ මෙච්චර තර්ජනේක ද තිබිලා තියෙන්නේ.... මේක අස්සට සද්ද නැතුවම එන්න ආශක්යසිංහ කෙනෙක්ට මොන හය්යක් ද ??
'' තමුසේ කොහොම ද ඇතුළට ආවේ ? '' පපුව හරහා පටිය යන විදියට සයිඩ් බැග් එකක් දාගෙන ෆෝන් එක අතේ තියාගෙන ඉදපු මියුන් දිහා බලපු ගවීෂ් ඇහුවේ නොදැනිම අඩියක් ඉස්සරහට තියලා.. කොහෙද මියුන් නෙවේ උත්තර දුන්නේ... එයාගේ උත්තරේ දීලා එක පාරක් දුන්නා නම් ආයේ ආයේ කියන පුරුදු කොහොමත් මියුන් ගාව තිබ්බේ නැති තරම්.... මියුන් උගේ ගෙදර වගේ බෙන්ච් එක ගාව තණ බිස්සෙන් වාඩි වෙනවා ගවීෂ් බලාගෙන ඉදියා.. දැන් මොකද කරන්නේ ? වෙන කවුරුහරි දැනගත්තොත් ආශක්යසිංහ කෙනෙක් මේක ඇතුළෙම කියලා ? !!!

- 23-
Start from the beginning