'' තමුසේ යන්න දැන්.. '' ගවීෂ්නුත් එතනම තණ බිස්සෙන් වාඩි වෙලා කිව්වේ මියුන්ගේ හිතුවක්කාර උත්තරේ හොදටම දැනගෙන...
'' උබ කියනකංමයි ඉදියේ.. '' මියුන් නෝන්ඩියට කිව්වේ ගවීෂ් කියපුවා සත පහකට ගණන් ගන්නැතුව... එකත් එකටම මෙච්චර කට්ටක් කාලා ඇතුළට ආවා නං මියුන් එච්චර ලේසියට යන්නැ කියන්න ගවීෂ් හොදටම දන්නවා... එතකොට මියුන් කෝල් එක ආන්ස කරද්දිත් ඉදලා ඇත්තේ මේ ළග... ම්ම්.... වෙඩින් එක කෙරෙන්න ඕන නං තාප්පේ උස්සගන්න කියන්නලු සීයාට... කන් දෙක ගිනි ගන්නවා වගේ දැනෙද්දි ගවීෂ් කකුල් දෙක අස්සේ මූණ ඔබාගත්තේ එයාගේ රතුපාට ඇස් දෙක හංගගන්න.... හැබැයි මියුන් එක්ක දවල් තිබ්බ කේන්තිය නිවිලාත් නැ ගවීෂ්ගේ.... එකත් එකටම මහ රැ මොනව ද විලේජ් එකේ කරන්නේ ?
බෑග් එකෙන් මොනව ද මොනව ද තඩී පොත් වගයක් එළියට ඇදපු මියුන් එයින් දෙකක් ගවීෂ්ට දුන්නා.... මේ මහ රෑ ? පොත් ? සිරියස්ලි ???? ගවීෂ් කටත් ඇරන් බලන් ඉදියේ පොත් දෙක අතට ගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරැව...
'' හොස්පිට්ල් රෙකෝඩ්ස් ? '' පොත්වලින් ආපු සුවදින්ම ගවීෂ් හිතාගත්තේ ටිකක් එහාට වෙන්න කනුවේ එල්ලලා තිබ්බ කහ පාට ඇන්ටික් ගාඩ්න් ලැම්ප් එක උගේ ගෙදර වගේ ගලවපු මියුන් ඒක ගෙනැල්ලා ගවීෂ්ගෙයි එයාගෙයි අතර මැදින් තියද්දි... මොකො බනින්න ද ඉතින්..? ගවීෂ් දිහා බලන්නවත් මහන්සි නොවුන මියුන් , එයාගේ බෑග් එකේ තිබ්බ තර්මො කප් එකයි , ස්පෙක්ස් දෙකයි , ඉයර්ෆෝන්ස් කේස් එකයි එළියට අදිනවා ගවීෂ් බලාගෙන ඉදියා... දැන් මේකට ද මෙහේ ආවේ..
'' මං දිහා බලන් ඉන්න නෙවේ තියෙන්නේ... '' මියුන් ඔළුව උස්සන්නැතුවම කිව්වේ ගවීෂ් නහයෙන් පිඹලා රවද්දි... අනේ බලන්නම කෙනානේ....
'' ඒ සෙල්ෆ් කන්ෆිඩන්ස් දැක්කම අම්බානෙක පව් කියලත් හිතෙනවා... '' ගවීෂ් ආපස්සට නෝන්ඩියට කිව්වේ ඒ තත්පරේත් මියුන් දිහා බලලා... බලන් ඉන්න හිතෙන්නැත්තන් තමුසේට වෙනම ලෙඩක් වෙන්න ඕන ගවීෂ්... මේ සති දෙකේම තිබ්බ කලබල ගතිය එක තත්පරේට නැති වෙනවා , කහ එළිය වැටුන මියුන්ගේ මූණ දිහා බැලුවම... ගවීෂ් තාම බලන් ඉන්නේ එයා දිහා කියලා තේරුන මියුන් පොත එහෙමම තියලා ස්පෙක්ස් දෙක උඩින් ගවීෂ් දිහා බැලුවා... මියුන් එහෙමම මිඩ්ල් ෆින්ග එකෙන් ගවීෂ්ට සැලියුට් කලේ නෝන්ඩියට... ගවීෂ් ආපස්සට රවලා මියුන්ගේ අතේ මැණික් කටුව ගාවින් අල්ලලා අත පහළට දැම්මේ ඇස් දෙකත් පුංචි කරලා..

- 23-
Start from the beginning