抖阴社区

                                    

හිතාගන්න බැරි කාලයක් තිස්සේ එකදිගට පැවත ආපු යාදම් ගිවිසුම , අදින් අවුරුදු හත්සීයකට කලින් කොහොම නමුත් හො කැඩිලා තිබුණා... පෙළපත් දෙකටම තිබුන ආසන්නම මතකය වුනේ ඒක.. හිතාගන්න බැරි තරම් භයානක තත්වයත් එක්ක , පරණ පුරාවෘත්ත ඇත්ත බව ඔප්පු වෙලා තිබුණා... පුරුදු විදියටම භයානක අවසානයකට පස්සේ හුළග නිශ්චල වෙලා තිබුනා... කුණාටුවකින් පස්සේ.... හුළග නිශ්චල වෙන්නේ කාලේකට විතරයි... මොකද තව කුණාටුවක් අනාගතයේ එන්න තියෙන නිසා ... ආහ් නෑ !! - සමහර වීට ඒ හැම කුණාටුවකටම වඩා දරුණු එකකට අනාගතේ ඉඩ තිබුන නිසා වෙන්නත් පුලුවන්...

මෙතුල , ගවීෂ්ගේ උරහිසෙන් අල්ලගෙන ඉස්සරහට තල්ලු කලේ කොල්ලාගේ කකුල් දෙක පැකිලෙන විදිය දැක්ක නිසාමයි... බන්ෂ් එක ගාව කලබලයි... දන්න වේඝර්ණලා අතරේ , කවදාක්වත් දැකලා නැති ආශක්‍යසිංහලා පවා ගවීෂ් දිහා බලනවා ගවීෂ්ට දැනෙනවා... කලබලෙන් බන්ෂ් එකේ නටබුන් කොටස පහු කරලා ඇතුළු මළුවට ඇවිදගෙන ගිය ගවීෂ් පොඩ්ඩකට නැවතුනේ යන්න තැනක් හිතාගන්න බැරුව... මහ අපරාධයක් වෙලා වගේ සේරමලා කලබලයි... තාම එළිවෙන්න ළං වෙලා නිසා , හැමෝගේම ෆෝන් ටෝච්වල එළියෙත් අඩුවක් නෑ.. ඒ අස්සේ නිල් ඇස් , රතු ඇස්... කවදාවත් මෙහෙම දවසක් දැකලා නැති නිසාම මෙතුලත් ටිකකට නැවතුනේ ගවීෂ්ගේ උරහිසෙන් අල්ලගන්න ගමන්...

'' සුදූ !! '' සවින්ද ඒපැත්තට දුවගෙන ආව නිසාම මෙතුල විනාඩියකට සැහැල්ලු වුනා...

'' ගවීෂ් යන්න ... '' සවින්ද කිව්වේ කලබලෙන් ගහ පැත්තට ඉගි කරලා... හැම තැනම අමුතු නිශ්ශබ්දතාවයක්.... එයා දිහා හැරුන ගවීෂ්ට මෙතුල ඔළුව වැනුවේ ගවීෂ් සම්පූර්ණ සෙනගේම අවධානය අරන් ගහ පැත්තට ඇවිදගෙන යද්දි...

''අර වේඝර්ණ ඊළග කොල්ලා.... ''

''හ්ම්ම්... ආර්ය වේඝර්ණාරච්චිම තමයි.. පේන්නැද්ද .. ''

වේඝර්ණලා කෙසේ වෙතත් ආශක්‍යසිංහලා නම් මුමුණන විදිය ගවීෂ්ට ඇහෙනවා... පඩිපෙළ නැගලා ගහ ගාවින් නැවතුන ගවීෂ් වට පිට බැලුවේ මුකුත් හිතාගන්න බැරැව... සීයායි තව කවුරුහරියි ඍෂිතුමා එක්ක බර කතාවක තාමත්.. එතනට යන එක හොද අදහසක් කියලා නොදැනුන නිසාම ගවීෂ් එතනින් නැවතුනා.....

-Plot 23 -Where stories live. Discover now