'' ගවීෂ් !! ''
'' අහ්....අරවින්ද්.. '' ගවීෂ් ටිකක් ගැස්සුනේ අරවින්ද් කතා කරපු විදියට...
'' උබ දැන්ම බය වෙලා ද ? '' අරවින්ද් නොන්ඩියට ඇහුවේ ගවීෂ්ගේ එහා පැත්තෙන් හිටගෙන... ඊළග ආශක්‍යසිංහ උරුමය... ගවීෂ් එහාට උනේ අරවින්ද් ගාව ඉන්න කිසිම උවමනාවක් තිබ්බේ නැති නිසා.. මෙතන වෙන කවුරුත් නැති උනත් , අරවින්ද් එක්ක ඉන්නවා කියන්නේ ලේ නහර කෝප වෙන වැඩක්... එපාම කරපු එකෙක් , ආශක්‍යසිංහලා කොහොමත් ඒමයි.. බහුතරය ඉතින්...
'' බය වෙන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලාවත් උබ දන්නවැයි ?'' අරවින්ද් ආයේ ඇහුවේ අත් දෙක බැදගෙන ඉස්සරහා බලාගන්න ගමන්...
'' ඕපදූප හොයන්නැනේ උබ වගේ.. '' ගවීෂ් ආප්සසට කිව්වේ අරවින්ද් කේන්තියට අත මිටමොළව ගන්න විදියත් බලාගෙන...
'' විහිළු ද තමුසේට ? ජගුවර් ආයේ මතු වෙලා.. අවුරුදු විස්සකට පස්සේ !!! '' අරවින්ද් කිව්වේ ගවීෂ් ආයේම ගැස්සිලා යද්දි...
'' ආයේ ඇවිත් කියන්නේ කෝම ද ? '' ගවීෂ් ඇහුවේ අරවින්ද් කිව්ව එක ඇහුනේ නැති ගානට...
'' ජගුවර් අඩි සලකුණු සොහොන් මළුව පුරාම තිබුනා.. ඇයි උබට වෙනසක් දැනුනේම නැද්ද ටිකකට කලින් වට පිටාවේ ? !! ''
'' තමුසේ දැක්කද ? '' ගවීෂ් ආයේම ඇහුවේ දෙවෙනි කොටස ඇහුනේ නැති ගානට....
'' එන්න යමං.. සීයාලා දැන්ම එන එකක් නැ... '' අරවින්ද් කිව්වේ ගවීෂ්ට මළුව පැත්තට කතා කරන ගමන්... වෙනදා උනා නං මුන් දෙන්නා මේ වෙනකොට මරාගන්නවා උනත් , ඇති වෙලා තියන තත්වෙත් එක්ක දෙන්නා ඊට වඩා සන්සුන්.... කොටින්ම පරම්පරා තුනක් තිස්සේම වෛර කරන විමල් ආශක්‍යසිංහත් , ආර්ය වේඝර්ණාරච්චිත් මේ වෙලාවේ මූණට මූණ බලාගෙන ඍෂිතුමා එක්ක බරපතළ කතාවක.....
'' ඒ උබේ සීයා ද ? '' ගවීෂ් හිමින් ඇහුවේ ඒ පැත්ත ආයේම බලලා..
'' ඇයි ? ''
'' නැ උබ කළුයි..'' ගවීෂ් ගානක් නැතුවම කියලා දැම්මේ සාක්කුවට අත් දෙක ඔබාගෙන පිටිපස්සේ සොහොන් මළුව පැත්තට යන ගමන්... අරවින්ද් කියවෙන්න ආපු වචන ටික නවත්තගත්තේ ඉන්න තැන මතක් කරලා...

- 26 -
Start from the beginning