'' හවස ක්ලාස් මට .. '' මියුන් කිව්වේ වෙලාව බලන ගමන්.... සිරාවට ? දැන් වැදගත්ම --
'' තමුසේට ක්ලාස් යන්න තරං හොදද දැන් ? '' ගවීෂ් ඇහුවේ තව වතුර එකක් වීදුරුවට පුරව ගන්න ගමන්...
'' අසනිපයක් නැ.. '' මියුන් කිව්වේ හිමින් අැදටම හේත්තු වෙලා.. ඊයේ රැ ආපු තද ඔළුවේ කැක්කුම... හීන... ඊට පස්සේ... -
''එල එල !. කාලා බීලා , නාලා යන තැනක පලයන්....'' ගවීෂ් කිව්වේ අතට ගත්ත වතුර එක මියුන්ගේ අතට දීලා , ප්ලේට් එකත් මියුන්ගේ උකුල උඩින් තියලා නැගිටලා...
'' තමුසේ කොහේද යන්නේ ? ''
'' පොඩි වැඩ වගයක්....ඇයි ? '' ගවීෂ් ඇහුවේ යන්න ගියපු ගමන අත ඇරලා ඒ පරක්කුවටම ආයේ ඉදපු තැනින්ම වාඩි වෙන ගමන්...
'' නිකන්.. ''
'' නිකන් ම ද ? ''
'' හ්ම්...කොහෙද මේ ? ''
'' සුදු මාමා දීග ගියපු ඉසව්ව.. '' ගවීෂ් හිනා වෙලා කිව්වේ ආයේම නැගිටලා බයික් එකේ යතුර අතට ගන්න ගමන්....
'' අහ්.. ''
'' කාපන් දැන්.. මං කනකං කෙළ ගිලිනවා.... '' ගවීෂ් කිව්වේ එහෙමම බිත්තියට හේත්තු වෙන ගමන්...
'' මගේ ෆෝන් එක ? '' මියුන් ඇහුවේ පිගාන පැත්තකින් තියලා....
'' පැහිච්චකම් නැතුව ඕක කනවා නං කාපන්.. නැත්තන් ****න්... ! '' ගවීෂ් කිව්වේ එයාගේ රින්ග් වුන ෆෝන් එක කනේ තියාගන්න ගමන්...
'' ඔව් යොවන්දි කියන්න... නැ නැ , මේ දැන් එනවා.. ඔතන ඉන්න... නෑ නෑ , ඕන නෑ මං එන්නම්... ඒම පරක්කු වෙන්නෑ මෝඩි.... මාත් එක්කනේ යන්නේ යන තැනක.. බය වෙන්නේ මොකටෙයි ? ඔහොම ඉන්න මේ දැන් එනවා හොදේ... '' ගවීෂ් කෝල් එක කට් කලේ මියුන් කැම එක පැත්තකින් තියලා නැගිටපු විදිය බලාගෙන.. අම්මපා කියන දෙයක් අහන එකෙක් නං බැරිය...
'' කන්න බැරිද දැන් තමුසේට ? '' ගවීෂ් කේන්තියෙන් ඇහුවේ මියුන්ගේ ටීෂර්ට් එකේ කරෙන් ඇදලා ගන්න ගමන්... ඊයේ රෑ දහයකින් ගුටි කාලා වගේ ඉදියාට මොකද දැන් නං මියුන් ගවීෂ්ගේ අත් දෙකෙන්ම අල්ලලා පැත්තකට තල්ලු කළේ ගවීෂ් දඩාං ගාලා දොරේ වැදෙද්දි....

- 27 -
Start from the beginning