'' යවන්නැතුව කන්නද දැන් මේක ගත්තේ ? ''
'' උබ කාට යවන්න ද ගත්තේ ? '' මියුන් ඇහුවේ ගවීෂ්ගේ ලැන්ටන් එකේ මැසේජ් එක දැනටම කියවලා තිබ්බ නිසා...
'' කාට හරි.. උබට මොකට ද ? ''
''ලොකු අම්මා කෙනෙක් ඉන්නේ , උබ මේන් ෆැමිලි නේහ් ?? '' මියුන් ආපහු ඇහුවේ ගවීෂ් එහෙම තමයි කියන්න ඔළුව වනද්දි... ඒක එහෙමයි කියලා දන්නැති වෙන්න බැ මෙයා ?
'' දැන් මේන් ෆැමිලි... මොක ද ලොකු අම්මා නැති වෙලා ගොඩක් කල්... ''
'' අහ්...''
'' මර්ඩ එකක්.. '' ගවීෂ් කිව්වේ මියුන්ගේ මූණ දිහා කෙලින් බලන ගමන්.... මියුන්ගේ කළු පාට ෂර්ට් ඒකේ ගලවලා තිබ්බ බොත්තම් දෙක අතරින් පපුවට වැටිලා තියන සුරය දිහා බලපු ගවීෂ් ආයේ අහක බලාගත්තේ ලොකු හුස්මක් අරගෙන....
'' මේක උබේ තාත්තාට ද ? '' මියුන්ගේ ලැම්ප් එක අතට අරගෙන හරවලා බලන ගමන් ගවීෂ් ඇහුවේ , මියුන් ඒ තත්පරේට ගවීෂ්ගෙන් ලැම්ප් එක උදුරලා ගනිද්දි..
'' තමුසේ කියවන්න එපා. !! ''
'' පුහ්... කෝමත් ඕක කියවන්න සෙනෙරත් පරණවිතානටම එන්න කියන්න වෙනවා.. '' ගවීෂ් නෝන්ඩියට කිව්වේ එයාගේ ෆ්ලෝටින් ලැම්ප් එක පත්තු කරලා , මියුන්ගේ ලැම්ප් එක දිහාවට ලයිටර් එක දික් කරන ගමන්... අදුරුම අදුරු ගග අයිනේ අතරින් පතර නිවිලා යන පහන් එළි මැද්දේ ලයිටර් එකට පත්තු උන බකට් එකට මියුන්ගේ මූණ එළිය වෙනවා ගවීෂ් බලාගෙන ඉදියා...
'' ඕම ඉදපන් ... '' මියුන් ඒක ගග දිගේ පා කරන්න කලින් ගවීෂ් මියුන්ව නැවැත්තුවේ එයාගේ වැලමිටෙන් අල්ලගන්න ගමන්....
'' ඇයි ? ''
'' විෂ් එකක් කරපන් ඉතින්.. ''
'' මට ඕන්නෑ. '' මියුන් හිතුවක්කාර විදියට කිව්වේ ගවීෂ්ගෙන් වැලමිට ගසලා එහාට ගන්න ගමන්...
'' ඕන්නෑ කිව්වට තමුසේට විෂ් එකක් තියේ..... ''
ගවීෂ් යන්තං හිනා වෙලා කිව්වේ මියුන්ගේ ලැම්ප් එක එහා පැත්තෙන්ම ලැම්ප් එක හිමින් තියලා මියුන් දිහා බලන ගමන්.... ගවීෂ් දිහා බලනවා වෙනුවට වතුර උඩින් පරිස්සමට තියපු ලැම්ප් එක දිහා බලපු මියුන් එයාගේ ලැම්ප් එකට පුංචි තල්ලුවක් දිලා අත ඇරියේ ගවීෂ්නුත් ආපස්සට හිනා වෙලා ලැම්ප් එක හිමින් අත අරිද්දි.... ගග හරිම මන්දගාමී විදියට ඒවා එහාට අරන් යනවා බලාගෙන ඉදිය ගවීෂ් , ගල දිගේ උඩට උනේ හුස්මක් ගන්න ගමන්.... මියුන් තාම ගල පල්ලෙහා වතුරයි , එළියයි දිහා බලා ගෙන...

- 33 -
Start from the beginning