抖阴社区

                                    

'' ඊයේ ක්ලාස් එකේ රිපීට් එක.. ''

'' මො- '' ගවීෂ් උත්තර දෙන්න ගියපු එක නවත්තගත්තේ කට බෙංගාල බොක්ක තරමට ඇරගෙන.... ක්ලාස් එකේ රිපීට් එක ? - එක්කො අපි ගැළපෙන්නේ නෑ මචං !!....  හරිනේ , මුට අපි එක්ක ලියලාත් බයෝවලට හයස්ට්.. දන්න තරමින් අනිත් ඒවාත් එහෙමයි.. එක පාරක් අහන් ඉදලා මිස්ට පාඩම කියලා දෙන්න එන ජාතියේ කියලා ගවීෂ් උනත් දෙතුන් පාරක්ම දැකලාත් තියෙනවානේ...

'' හාචුහ්.. '' ගවීෂ් ඊළග හචිං එක යැව්වේ ඒ පාර නං නැගිටලා කෙලින් වෙන ගමන්... තාම අරක බලනවනේ... ගවිෂ් කතා කරන්න බලාගෙන ඉදියේ මියුන් මොනවද මොනවද හැයි හැයි ගගා කියවන පාඩම බලල ඉවර කරනකං... එව්වා ඒම ඉවර වෙනවා නං බැරිය ඉතින් .. ගවීෂ් බලන් ඉන්න උණහපුළු ලීලාව දිහා බලපු මියුන් තොල් දෙක තද කරලා රවලා , වීඩියො එක පෝස් කලේ ගවීෂ්ටත් මදි නොකියන්න රවන ගමන්....

'' ඇයි තමුසේ ? ''

'' නෑ... ඊයේ කොයි වෙලේද නින්ද ගියේ ? '' ගවීෂ් ඔළුවත් කසන ගමන් ඇහුවේ , සිරාවට ඊයේ නිදාගත්ත වෙලාවක් උට මෙලො මතකයක් තිබුනේ නැති නිසා... අන්තිමට මොකද උනේ ? මතක හැටියට , මේ යකා එක්ක නිදිමතේම ලොකු වලියක් ගියා... වලියක් නොගියා නං ඒකත් වෙනම ප්‍රශ්නයක්... හැබැයි මොකටද රණ්ඩු වුනේ කියලා මතක නෑ , නිදිමතේ මොනවා හරි කියෙව්වා වගේ නං මතකයි..... අපරාදේ කියන්න බෑ ගවීෂ්ට නිදිමත ආවාම කියවන මොන ලබ්බකවත් හරියට මතක නෑ.... හැබැයි උට ගවීෂ්ගෙනුයි ගවීෂ්ට උගෙනුයි පොඩි පොඩි ආපදා දෙක තුනක් වෙලා කියලා , බැලු බැල්මට පේනවා...

'' මං කොහොමද දන්නේ උබට නින්ද ගිය වෙලාව ?? ''

මියුන් ඇහුවේ නෝන්ඩියට ද කේන්තියට ද කියලා හිතාගන්න බැරුව මියුන්ගේ අතේ තියන එයාගේ නියපොතු පාරවල් දිහා බලපු ගවීෂ් ෂේප් හිනාවක් දාලා බඩට අත තියාගත්තේ , මියුන්ගෙන් වැදුන පාර වැදිලා තියෙන්නේ කොහේටද කියලා බඩ හරියෙන් එන සුන්දර ඇමතීම නොකිය කියන නිසා....

'' තමුසේ මගේ බඩට ගැහුව ද ? ''

'' ඇහුන්නැ ? '' මියුන් ඇහුවේ , එයාගේ වම් අතේ යට හරියක ඉදන් උඩ හරියක් වෙනකං තියෙන නියපොතු පාරවල් පේන්නම ෂර්ට් එකේ අත උඩට උස්සන ගමන්... හෙහ් හෙහ්....මේමයි , ඇත්ත වශයෙන්ම මොක නැතත් පිළිගන්න ඕන අපි වගේ දැකුම් කළු නොවුන නිසාම මිනිහාගේ අතේ තැනින් තැන දම්පාටින් නියපොතු පැල්ලම් හිටලා... හරි ඉතින් අපිත් සුදු උනා නං පාර හිටීවී ඕම !! ගවීෂ් එයාටම කියාගත්තේ මෙච්චර මූව හූරන්න ඌ කියපු කුප්ප කතාව මොකක් වෙන්නැතිද කියලා මතක් කරන ගමන්...

-Plot 23 -Where stories live. Discover now