抖阴社区

                                    

'' තමුසේ ඉතින් මට ඕන්නැති දෙයක් කරන්න හදන්නැති.... ''

'' දැක්කම හෙන ආස හිතෙනවා කියලා හිතන් ඇත්තේ... අනේ පලයන් නිකන්.... '' මියුනුත් නෝන්ඩියටම උත්තර දුන්නේ ගවීෂ් තොල් දෙක තද කරගනිද්දි...

'' ඔව් ඔව් තමුසේට ඩ්‍රෑන්ට තරං නං ආස හිතෙන්නැතුව ඇති... අපි ඉතින් සුදු නෑනේ....  '' ගවීෂ් අතඅරින්නේ නැතුවම කිව්වේ පරණ ඇරියස් එකත් මතක් කරන ගමන්.. ඒම අමතක කරන්න පුළුවන් ද ?

'' මං කොහොමත් කන්නේ ඩාක් චොක්ලට් විතරයි.. ''

'' අහ් ? ''

'' හයයි කාලයි.. ඕන නං තව පරක්කු වෙලාම පලයන්.. '' ගවීෂ් තවත් මුකුත් කියනකං බලාගෙන නොහිටපු මියුන් ෆෝන් එකෙන් වෙලාව බලලා කියන ගමන් නැගිට්ටේ පාඩමත් පොඩ්ඩකට නවත්තන ගමන්... සති දෙකකින් විතර අතට ලැබුන ෆෝන් එක උදේ පාන්දර ඕන් කරද්දි නොටිෆිකේෂන් බා එකේ පිරුන ගවීෂ්ගේ මිස්කෝල්ස් ගොඩට ෆෝන් එක යථා තත්වේට ගන්නම මිනිහාට හෙන වෙලාවක් ගියා... ෆෝන් එක අතේ තියන් , ඌම මිස්කෝල් ගහලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙවේ කෝමත් පිස්සු නිසා කියලා මියුන් හිතන් ඉන්නේ... ඌ දන්නවැයි , චීස් පෆ් කියලා සේව් කරපු නම බලන්න ආසාවට ගවීෂ් නිකන් ඉන්න ගමනුත් ඕකට මිස් කෝල්ස් ගහලා බැලුව විත්තිය ? අඩුම මියුන්ට මතකේටවත් ආවේ නෑ , ගවීෂ් මිස්කෝල්ස් ගහලා තියෙන්නේ මොකට ද කියලාවත්.. මිනිහාගේ හිතේ ඌ ගවීෂ්ව සේව් කරන් ඉන්න විදිය තාමත් ටොප් සීක්‍රට් එකක් කියලා...

'' ආයේ උබ මේ හරියට එනව ද ? '' ගවීෂ් ඇහුවේ යන්න කලින් මියුන් දිහාවට හැරෙන ගමන්... කතා කරනවා කතා කරනවා කියලා හිතන් ආපු මෙලො දෙයක් කතා කරපු බවක් නං දෙන්නගේම මතකේ නැ...

'' තමුසේ ඉන්න තැනක් කියන්න.. මං එන්නං.....  '' තත්පර දෙක තුනක් නිශ්ශබ්දව ඉදපු මියුන් කිව්වේ ගවීෂ් කට අයිනෙන් හිනා වෙද්දි.. ඌම ඇහුවා එහෙනං අන්තිමේදි.... 

'' හොයාගනින් එහෙනං පුළුවන් විදියකට... '' ගවීෂ් කිව්වේ මියුන්ට මිඩ්ල් ෆින්ග එකෙන් සැලියුට් කරලා , ගං ඉවුරට ගොඩ වෙන ගමන්.... අල්ලයි මගේ නැට්ට ගහේ..... හොයාගෙන එන්නැතැ කොයි ලෝකෙන් හරි , ඒම කට්ටකුත් කන්න ඕන ඔය යකා...

-Plot 23 -Where stories live. Discover now