'' තමුසේ හිතන්නේ මං අතඅරියි කියලා ද? '' අරවින්ද් ඇහුවේ එයාගේ අතේ තිබ්බ හෙල්ල ගවීෂ්ගේ වම් කකුල ගාවම එහා පැත්තේ බිම පසාරු කරගෙන යවන ගමන්... පෙරහැරට විනාඩි දහයයි !!! සේසත් හදන්න ආශක්‍යසිංහලා කොච්චර මැරුණද කියන්න අරවින්ද් හොදටම දන්නවා !!... නිශා අක්කයි , මෙවීනායි කොච්චරක් කියලා නං නිදි මැරුව ද .... අර එකින් එක පාට කර කර කොච්චර දුකක් වින්දාද.. නිශා අක්කට නොපෙනුනත් එයා හරිම ආසාවෙන් ඒවාල චිත්‍ර ඇන්දේ කියන්න අරවින්ද් දන්නවා...
'' උබලා කෝමද කියන්නේ , අපියි සේසත් ටික විනාස කළේ කියලා.. ඒකේ කැත දරාගන්න බැරුව උබලාගේම කවුරු හරි කළා ද කවුද දන්නේ ? ආහ් ? . ''
'' බලාගෙන කතා කරපන් තමුසේ.... '' මියුන් මැද්දෙන් පැන්නේ ඩියෝනුත් අඩි දෙකක් ඉස්සරහාට තියද්දි.... මොකක් ඉවසුවත් නිශා අක්කාට කියන දෙයක් නම් මියුන් ඉවසන්නෑ...
'' උබව අදාළ කරගත්තේ නෑ , පැන පැන දෙන්නැතුව ඉදපන්.... '' ගවීෂ්නුත් ආපස්සට කිව්වේ ආයේම අරවින්ද් දිහාවට හැරෙන ගමන්... ගවීෂ් ,අරවින්ද්ගේ පැත්තෙන් ඉදපු මියුන් දිහා බලන්න වෙන් කළේ තත්පරයෙනුත් අඩු පුංචි වෙලාවක්...
'' හහ් , උබට ඔච්චර රිදෙයි ද උබේ වයිෆ්ගේ කකුල තුවාල උනේ නැත්තන් ? අහ් ? ''
'' කට වහපන් අරවින්ද් !!...'' ගවීෂ් වෝන් කළේ , ඩියෝන් ඒ පරක්කුවට යොවන්දි දිහා හැරෙද්දි.. ආශදීට බර වෙලා ඉදපු එයාගේ අක්කාගේ කකුල තුවාල වෙලා කියලා ඩියෝන් දැක්කේ දැන් !!
'' පර #&#*) &(*& උබලාට මං .. '' ඒ පරක්කුවට ආශක්‍යසිංහලාට ගහන්න පැන්න ඩියෝන්ව ගවීෂ් උරහිසින් අල්ලලා එයාගේ පැත්තට ඇදලා ගත්තේ එයාගෙත් කේන්තිය පාලනය කරගන්න ගමන්.... එක අතකට ඩියෝන්ව දැන් අත ඇරියොත් , පෙරහැර කෙසේ වෙතත් මෙතනම ආශක්‍යසිංහලා දෙතුන් දෙනෙක්ව බාවනවා කියන්න ගවීෂ්ට හොදටම විශ්වාසයි....
'' මේක රෙද්දේ උත්සවේ ඉවර උන ගමන්ම !!! තමුසේයි මායි !! මෙතන තනියම !! මේක ඉවරයක් කරනවා ... විසි හතරදෙනෙක් , මගේ මිනිස්සු විසි හතර දෙනකුගේ ලේවලට තමුසේ වන්දි ගෙවපන්... '' ගවීෂ් කිව්වේ වචනෙන් වචනේ නවත්තන ගමන්.. පෙරහැරට විනාඩි පහයි !!

-36 -
Start from the beginning