抖阴社区

                                    

'' හහ් .... ඒ සේසත්වල වටිනාකම තමුසේගේ කුනු ලේවලට දෙන්න බෑ ගවීෂ් ,හැබැයි තමුසේ එක්ක බලාගන්නම් මං...  '' අරවින්ද්නුත් අත අරින්නේ නැතුවම කිව්වේ දත් කූරු කන ගමන්... අරවින්ද් විතරක් නෙවේ , මියුන්ගෙත් මළ පැනපු මූණ ගවීෂ්ට ඇස් අයිනට පේනවා.... 

'' වේඝර්ණලාට තව වචනයක් කියපන් උබලගේ එකෙක් නෑර මගෙන් කනවා අරවින්ද්.. මූ ඉවසුවට මං ඉවසන්නෑ !!! '' ගවීෂ් උත්තර දෙන්නත් කලින් ඩියෝන් පැන්නේ අරවින්ද්ට ඇගිල්ල දික් කරන ගමන්... පෙරහැරට විනාඩි දෙකයි !!! හැමෝම ලැස්ති පිට.....මෙතුල ගවීෂ්ව ඒ පැත්තට ඇද්දේ පෙරහැරට ලැස්ති වෙන්න සන් කරන ගමන්... අරවින්ද්ව විනිවිද යන්න බලපු ගවීෂ් ආපස්සට හැරුනේ , දෙගොල්ලොම මල් වෙඩි එකින් එක පත්තු කරන්න ලෑස්ති පිට ඉද්දි..

'' සේසත් නැති වුනා කියලා අපිව නවත්තන්න පුළුවන් කියලා හිතනවා නං උබලාට වැරදිලා.. අපි ගාව තව තියෙනවා..... ඒත් අරකි නැතුව උබලාගේ පෙරහැර අසම්පූර්ණයි.. '' අරවින්ද් කිව්වේ ගවීෂ් ඉස්සරහට තිබ්බ අඩිය අරගෙන ආපස්සට හැරෙද්දි.....

'' එහෙම ද ? '' ගවීෂ් නෝන්ඩියට හිනා වුනේ , අඩි තුනක පරතරයෙන් ඉදපු යොවන්දිගේ ඇග වටේ අත දාලා කිසිම ගානක් නැතුව එයාව හරහට උස්සලා අත් දෙකට ගන්න ගමන්.... මෙතුල ඇස් දෙක ලොකු කළේ ගවීෂ් දිහා ආයේම බලන ගමන්... මෙතුල විතරක් නෙවේ එතන ඉදපු වේඝර්ණලාගේ පැත්තෙන් උණුසුම් සද්දයක් ආවේ ගවිෂ් යොවන්දිව සැහැල්ලුවෙන් උස්සලා ගත්ත විදියට... ආශදියි , ඩියෝනුයි දෙන්නම කටත් බාගේට ඇරන්... යොවන්දිව උස්සගෙනම ආශක්‍යසිංහලා දිහාවට හැරුන ගවීෂ් දැන් මොකද ගානට අරවින්ද් දිහා බැලුවේ නෝන්ඩියට..

'' මේකිව උස්සන් යන එක මට මහ දෙයක් වගේ පේනවා ද උබට ? ''

'' *** '' අරවින්ද් කිව්වේ ආපහු හැරෙන ගමන්....

. මැහුම් දාපු අත කොච්චරවත් තියාගෙන , ගවීෂ් යොවන්දි උස්ස ගත්ත විදියට වේඝර්ණලා සද්ද නොකෙරුවොත්නේ පුදුම.. එයාලාගේ අනාගත මේන් ෆැමිලි එක....  පෙරහැරට විනාඩියයි !!! ගවීෂ් එහෙමම අනිත් පැත්ත හැරුනේ පළවෙනි මල් වෙඩිල්ලට හිනා වෙන ගමන්.... සේරමලා තම තමන්ගේ තැන්වලට , ඉක්මනින්ම ගියේ ආවාට විල්ලුව දෙපැත්ත පිළිවෙලක් කරන ගමන්...

-Plot 23 -Where stories live. Discover now