'' ගවීෂ්... දැන් බිමින් තියන්න .. '' යොවන්දි හිමින් ගවීෂ්ට මිමිණුවේ , අරවින්ද් ටිකක් එහාට යනකං ඉදලා..
'' නෑ ඕම ඉදපන් උබට ඇවිදින්නත් බෑනේ... ගවීෂ් තිමෞර්ය නිළ ප්‍රවාහන සේවය.. '' ගවීෂ් හිනාවෙලා කිව්වේ යොවන්දිව අත අරින්නේ නැතුව... එක අතකට ඇති බරකුත් නෑ මේකි නං... කෝමත් හැම අතකින්ම බේරෙන්න සේෆ්ම විදිය මේක... පොඩ්ඩක් ලැජ්ජයි නං තමයි කෙල්ලව උස්සන් යන්න... නිකන් නෙවේනේ බ්‍රයිඩල් ස්ටයිල් එකටනේ... ඔය දැනටම ආශදී දාන් ඉන්නේ එසේ මෙසේ නෝන්ඩි හිනාවක් ද ඉතින්...
'' කොන්ද ඒම අමාරු ද ඒයි ? '' ගවීෂ් ආයේම යොවන්දිගෙන් ඇහුවේ ආශදී දිහා බලන ගමන්... ආශදී ආයේ හිනා වුනේ ගවීෂ්ව හිනාවෙන්ම නෝන්ඩි කරන ගමන්... ඇයි යකූ , ඒම පස්නයක් අහන්නත් බැයිද දැන් ?
'' නෑ ඇයි ? ''
'' කොන්ද රිදෙන්නත් ගන්නවලුනේ ? '' ගවීෂ් ඇහුවේ අර හාදයා කිව්ව ටික මතක් කරන ගමන්... අතනත් ආවනේ පැටලෙන්නම.... පැටලෙන එක ජානවලම තියේද මන්දා.. හහ් , බෝතල් කටු වැඩේට ඌ සම්බන්ධ නෑ , සම්බන්ධ නං ඔහොම කියවන් එන්නෑ කට පියන් ඉන්නවා මිසක...
'' කවුද ගවීෂ්ට ඕවා කියන්නේ දැන් ? '' යොවන්දි ඇහුවේ ගවීෂ් හිනාවක් දාලා කට පියාගනිද්දි... නිරුත්තර වෙනවනේ ඉතිම් මෙව්වට... මොනා උනත් කියන්න ඕන ඉතිම් , අර ඇදුමට මිනිහා - - මොකක්ද වචනේ... ආහ්හ්.. නියම ගස් ගදයෙක් වගේ.. හහ්...
ගම වටේම පැති දෙකකින් එකකට එකක් දෙවෙනි නැති පෙරහැරවල් දෙක බන්ෂ් එකට කිට්ටු කරන කොට රෑ වීගෙන ඇවිත්.... යොරෙල්ස්ලාගේ දවසේ කතාව , යොවන්දිව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සගත්ත එයාලාගේ වේඝර්ණ උරුමය... සම්පූර්ණ හැතැම්ම කීයක් යොවන්දිව උස්සන් ආවාද කිය්නන ගවීෂ්ට මතකත් නැ....හැබැයි බරක් නෑ බරක් නෑ කිව්වට මොකද එකම විදියට අත තියන් ඇවිත් ගවීෂ්ගේ අත් දෙක නං ලෙසටම රිදෙනවා... නිකන් නෙවේ , අත් දෙක මේ දැන් ගලවලා දාන්න පුලුවන් ගානට... පොඩ්ඩක් පොර වෙන්න ගිහින් කෙළ වුන අවස්ථා යටතේ මේකට රතු පෑනෙන් තරුවක් දාලා තියාගනිම් ගවීෂ්.... තේවාවන්වලට ඉදලා , ශ්ලෝක සමාදන් වෙලා , වත් පිළිවෙතුත් ඉවර කරපු ගවීෂ් යොවන්දිව ඩියෝන්ට භාර දීලා උරහිසත් මිරිකගන්න ගමන් බන්ෂ් එකේ පහළ පඩිපෙළට ආවේ මෙතුල එයාව ඇදලා ගනිද්දි....

-36 -
Start from the beginning