'' අහ්.. සීයාගෙන් අහන්න ඕන මං මේච්‍යුරි ගහ ගාව ඉන්න ඕනම ද නැද්ද කියලා... නැති උනොත් මාත් එන්නං එතනට.... '' ගවීෂ් කිව්වේ අඩියට දෙකට පඩිපෙළ නගින ගමන්...
'' ගවීෂ් .. '' ගවීෂ් පඩිපෙළ දිගේ උඩට නැග්ගට මොකද ආර්ය වේඝර්ණාරච්චි , තාම පහළ මළුවේ ඉදන්, කලබලේට උඩට දුවපු ගවීෂ්ට කතා කළේ , ගවීෂ් පඩිපෙළ නැග්ග වේගේටම ආයේ පහළට බහිද්දි.. .
'' ඔව් සියේ ? '' සීයා ගාවට දුවගෙන ඇවිත් අත් දෙකත් පිටිපස්සට තියාගෙන කෙළින් හිටගත්ත ගවීෂ් ඇහුවේ , ආශදීත් එතනම නවතිද්දි...
'' හදිසි වැඩකට ද ගියේ ? '' ආර්ය වේඝර්ණාරච්චි ඇහුවේ බරපතළ විදියට... එයාගේ එහා පැත්තේ ගවීෂ්ගේ පුංචි අම්මා... යොවන්දිගෙයි ඩියෝන්ගේයි අම්මා.. ගවීෂ් පුංචි අම්මත් එක්කත් හිනා වුනේ නෑ කියන්න ඔළුව වනන ගමන්..
'' සීයාව හම්බුවෙන්න ආවේ.... දැන් ආශක්‍යසිංහලා යාදම් කවය හදනවලු ... මං ගහ ගාව ඉන්න ඕන ද නැත්තන් ? .. ''
'' අහ්... ගවීෂ් ඩියෝන් එක්ක යන්න....ආශදී මේච්‍යුරි ගහ ගාවට යන්න.... '' ආර්ය වේඝර්ණාරච්චි කිව්වේ කර්ව් එක හදන්න යන්න බලාගෙන ඉදපු ආශදීගේ මූණ ඇද වෙද්දි..
'' හරි සීයේ.. තව මොනව ද වෙන්න තියෙන්නේ ? '' ගවීෂ් ඇහුවේ ආශදීට සද්ද නැතුව උඩට යන්න කියලා සන් කරන ගමන්...
'' ගවීෂ් එක්ක මං මේ කතා කරන්නමයි ඉදියේ කොහොමත්.. '' ආර්ය වේඝර්ණාරච්චි කිව්වේ , එයාගේ පොඩි දුවගේ මූණ දිහාත් බලන ගමන්... ගවීෂ් මුකුත් කියන්නැතුව බලාගෙන ඉදියේ සීයා කතා කරනකම්... කෝමත් අහන්න පුළුවන් ඕනම නරක දේකට ගවිෂ් ඉන්නේ හිත හදාගෙන.....
'' අනිද්දා නෙවේ , ඉන් අනිද්දා විතර වේවි බාගේ විට ... අපි තීරණයක් අරන් තියෙන්නේ මෙතුල ගැන.... '' ආර්ය වේඝර්ණාරච්චි බැරෑරුම් කිව්වේ , ගවීෂ්ගේ අත පය ඉදන්ම දරදඩු වෙලා යද්දි.... බොහොම අමාරුවෙන් වෙව්ලන තොල් දෙක තද කරගෙන ගවීෂ් සීයා දිහා බැලුවේ කියාගන්න බැරි ඇස් වචන ගොඩක් ඇස්වලම හිර කරගන්න ගමන්...
'' ගහක පිළිලයක් හැදුනම , මුලින් ගහේ සාරය උරලා හැදෙනවා... ඒත් පිළිලය ගහම බිළිගන්න කලින් ගහෙන් අයින් කරන්නම වෙනවා.... '' ආර්ය වේඝර්ණාරච්චි සන්සුන්ව ඒත් අමුතු හඩකින් කිව්වේ ගවීෂ් පිටිපස්සට කරලා තියාගෙන ඉදපු අත් දෙක තද කරගනිද්දි.... සුදු මාමා මේකට ලැස්ති වෙලා ඉදිය විත්තිය ගවීෂ් දන්නවා.. ඒත් ..... සුදු මාමා පිළිලයක් නෙවේ !!! ගවිෂ් වචන කටේ හිර කරගත්තේ එයාගේ සාක්කුවේ තිබ්බ ෆෝන් වයිබ්ට්‍රේට් වෙන සද්දේට ඇගම ගැස්සිලා යද්දි......මුලින් නෑහුන ගානට ඉන්න හැදුවත් , ආර්ය වේඝර්ණාරච්චි ඒ දිහා බලපු බැල්මටම ගවීෂ් , ෆෝන් එක සාක්කුවෙන් ඇද්දේ වෙව්ලන අතින්... ස්ක්‍රීන් එක පුරා වැටිලා තිබ්බ මියුන්ගේ ෆොටො එකයි , කොළ පාට හාට් එකයි නොපෙනන විදියට එයාගේ පැත්තටම හරවගෙන ගවීෂ් කෝල් එක කලේ යටි තොල හපාගන්න ගමන්... ෂිට් !! අන්ස කරන්න විදියක් නෑ දැන් , කට් කරනවා ඇර.... ගවීෂ් දන්නවා, එයා හොදටම දන්නවා... ඒක තත්වය තවත් නරක් කරනවා...
