抖阴社区

                                    

''ඉතින් පිනි බිංදු කියක් ද ඕන මේ ඇස්ටර් මලට ? ''

'' සීමාවක් නෑ.... වැටෙන තරමක් බාරගන්නවා... ''

'' අහස කොච්චර හිර කරගෙන ඉන්නවා ඇති කියලා ද හිතන්නේ ? '' මෙතුල ආපහු ඇහුවේ මියුන් ආයේ ඔළුව උස්සලා මේසේට අායේ පාරක් ගහද්දි....

'' මුරණ්ඩු වැහි වළාකුළු !!! තාම මුකුත්ම කිව්වේ නැද්ද ? ''

'' නෑ... තාම විල්ලුවෙන් ඈතනේ....අනික දැන් පෑවිල්ලට අහුවුන ඇස්ටර් මලක් බලාගෙන ඉද්දි , වැහි වළාකුළු කොච්චර බර උනත් වැස්සට හැම තැනටම ඇදන් වැටෙන්න බැනේ ?? '' මෙතුල සන්සුන්ව කිව්වේ මියුන් තොල් දෙක තද කරගනිද්දි...

'' මේම අල්ලන් ඉන්න එකත් ලේසි නෑ.... මේ ගින්නට විල්ලුවම අළු කරන්න පුළුවන්... '' මියුන් මිමිණුවේ කේන්තියෙන් ආයේ ඔළුව මේසේ උඩින් තියාගන්න ගමන්....

'' ඇයි මේ මෑන්ස් මොක ද මේ ? '' අවිනාශ් ඇහුවේ මෙතුලව නැගිට්ටවලා එයා ඉදපු පුටුවෙන් වාඩි වෙලා , ආයේත් මෙතුලව උකුල උඩින්ම වාඩි කරන ගමන්....

'' අවී... අපි මියුන්ව මෙහේ තියාගමු ටික දවසක් යනකම් ? '' මෙතුල ඇහුවේ අවිනාශ්ට හේත්තු වෙන ගමන්.....

'' අහන්න දෙයක්ද මේප්ල් ? ඒයි මෑන්ස්.. මෙහේ ඉන්න පුළුවන්... '' අවී කිව්වේ මියුන්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන්..... මියුන් මුකුත්ම නොකිය ඔළුව වැනුවේ පුංචි ස්ටේජ් එක දිහා බලන ගමන්....

'' අද ඩ්‍රෑන් නැද්ද ? '' මියුන් ඇහුවේ ස්ටේජ් එක හිස් නිසා...

'' අක්කාගෙන් තමයි අහන්න ඕන මෑන්ස්... '' අවිනාශ් හිනා වෙලා කිව්වේ මෙතුල වැලමිටෙන් ඇනලා රවද්දි.....

'' ඇයි ඉතින් ඇත්තනේ... අද මං සින්ග් කරන්න බැලුවේ.... '' අවිනාශ් කිව්වේ හිනා වෙලා ස්ටේජ් එක ගාව තිබ්බ එයාගේ ගිටා එක දිහා බලන ගමන්.....

'' අද එන මිනිස්සු ටිකත් හැරිලා යනවා බලන්නකො ඔන්න... '' මෙතුල කිව්වේ එක අතක් නළලට තියාගෙන හිනා වෙන ගමන්....

'' ආයේ මට සිංදු කියනවකො බලන්න ... '' අවිනාශ් මෙතුලගේ ඉණෙන් අල්ලලා හිමින් කෙනිත්තුවේ හිනා වෙන ගමන්....

'' මං යන්න ද ? '' මියුන් ඇහුවේ ටිකක් වෙලා ගිටා එක දිහා බලාගෙන ඉන්න ගමන්....

-Plot 23 -Where stories live. Discover now