'' ඔයාට සැහැල්ලු හිතෙන ඕන දෙයක් දරුවො.... '' මෙතුල කිව්වේ මියුන්ට නැගිටින්න අප් එකක් දෙන ගමන්....
'' මෑන්ස්ට සිංදු කියන්න පුළුවන් ද ? '' අවිනාශ් ඇහුවේ මෙතුලව තව තද කරලා බදාගෙන ස්ටේජ් එක දිහා හැරෙන ගමන්....
'' බැරි උනත් කමක් නෑ ඒ දරුවාගේ හිත නිදහස් වෙනවානේ... හැබැයි පුළුවන් ඇති කටහඩත් ටිකක් ඩීප්නේ... ''
'' කමෝන් මියුන් !!! '' මෙතුල විස්ල් එකකුත් ගහන ගමන් කෑගැහුවේ ස්ටේජ් එකට නැගලා ගිටා එක අතට අරන් වාඩි වුන මියුන්ට විසිල් එකකුත් ගහලා... කැෆේ එකේ ඉදිය පස් හය දෙනාගෙත් සම්පූර්ණ අවධානේ මියුන්ට.... ඇස් දෙක හිමින් පියාගත්ත මියුන් ගිටා එකේ ස්ට්රින්ස් දිගේ ඇගිලි තුඩු අරන් ගියේ බර කාලේකින් ටියුන් කරලා නොතිබුන අවිනාශ්ගේ ගිටා එක ටියුන් කරගන්න ගමන්..... හුස්මක් අරගෙන ඇගිලි තුඩුවලින්ම ෆ්රෙට්ස් අතර තද කරපු මියුන් ආයේමත් ඇස් දෙක පියාගත්තේ කාලෙකින් සිංදුවක් කියන පළවෙනි පාර නිසා....
'' එක වසන්තයක...... එක රාත්රියක....
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද ''මියුන්ගේ පළවෙනි වර්ස් එකෙන්ම , මෙතුල අවිනාශ් දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරන ගමන්.... වාව්.... !!!!
'' ....එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...
හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවද...
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර.. '''' ඔබම ද ඒ සොදුර.... '' අවිනාශ් පවා මිමිණුවේ මෙතුලගේ බෙල්ල පිටිපස්සෙන් තොල් තියන ගමන්.....
'' කොල්ලාගේ කටහඩේ තියන හැගීම් .. '' මෙතුල කිව්වේ අවිනාශ්නුත් ඔළුව වනද්දි... මූණේ හැගීම් ඇදින්නේ කොච්චර තදින් ද ඒ තරම්ම තදින් මියුන්ගේ ඇගිලි ෆ්රෙට්ස් අතරට තද වෙනවා.....
'' මේ වසන්තයේ හමුවෙන සුලග සමග
සසැදී පැහෙන්නට හිතයි මට....
ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද......
සිහිවනු පිණිස...... සොදුර....''වින්ඩ් චෑම්ප් එක හෙළවෙන සද්දේ..... අවිනාශ්ගේ උරහිසට හේත්තු වෙලා ඇස් පියාගෙන ඉදපු මෙතුල ඇස් ඇරියේ ඒ සද්දේට.... දොර වහන්නෙත් නැතුව , දොරත් අල්ලගෙන එහෙමම නැවතුන කොල්ලාව අදුරගන්න මෙතුලට ගියේ තත්පර ගානයි.....

- 41-
Start from the beginning