'' වේඝර්ණාරච්චිලාගේ ,පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැති අදහස කාගේද කියලා අදහසේ හැටියෙන්ම පේනවා... '' මියුන් කිව්වේ ගවීෂ් බෙල්ලත් කසලා කට පියාගනිද්දි... මේමයි ඉතින් - ඒ බුද්ධිමත් අදහස වෙන කාගෙන් ද ඉතින් මේ ශ්‍රේෂ්ඨ මොළයෙන් මිසක්... ඒ වුනාට පොඩ්ඩක් අවුල් ගිය එක වෙනම කතාවක්...
'' ඒ වුනාට තමුසේලාගේ කාටවත් තුවාල උනේ නැනේ ... පරාර්ථකාමී ප්ලැන් ක්‍රියාත්මක කරපු මටයි මඩුවලිගෙම් ගහන්න ඕන !!! හෙට මං අරකාව- ''
'' උබ කියෙව්වට උබට හෙට අරවින්ද් අය්යා එක්ක හැප්පෙන්න බැ... පුළුවන් ද ? '' මියුන් කෙලින්ම ඇහුවේ ගවීෂ් මිඩ්ල් ෆින්ග එක අදුරේම මියුන්ගේ ඇස් ඉස්සරහට ගෙනෙද්දි....
'' ඒක මංනේ කරන්නේ හහ්...හහ් හාචුහ් !!! '' ගවීෂ් ගැම්මට කිව්වට මොක ද , හෙට අරවින්ද්ට එයාව ගේමක් නෑ කියන්න ගවීෂ්ගේ යටිහිත පවා දන්නවා... දැන් ෆයිට් කරන්න ? තමුසේට දැන් ඕන නින්දක්.... ටිකක් දිග... නපුරු හීන නැති... කමක් නෑ දැන් නම් මේ තැනිතලාවේම මැරිලා ගියත්.....
'' මේ කරදර අස්සේ ඌ උබ එක්ක පැටලෙන්න එන්නේ නෑ... ''
'' හහ් වගකීමෙන් ද කියන්නේ ? උබ ඌව දන්නේ නෑ .. ''
'' තමුසේට හෙට යන්න , උබ මෙතනින් පහළට යන්න එපැයි ඉස්සෙල්ලා ... '' මියුන් නෝන්ඩියට කිව්වේ තැනිතලාව පහළ පේන විලේජ් එකේ එළි දැන් නම් එකින් එක නිවෙනවා බලාගෙන.... ඇත්තනේ... මේ යකාගේ පස්සේ ගොනා සේ ආවාට මොකද පහළට යන පාරත් එසේ මෙසේ ලේසි පාරක් නෙවේනේ... ගල් උඩට නැග්ගා වගේම බහින්නත් එපැයි....
'' ආයේ පහළට ගියාම මං -.... මං මොකක් ද කරන්න ඕන ? '' තණබිස්සෙන් ආයේමත් වාඩි වෙලා , ඈත පේන වේඝර්ණ මැන්ෂන් එක දිහා බලපු ගවීෂ් ඇහුවේ තාම හාන්සි වෙලා අහස බලාගෙන ඉදපු මියුන්ගෙන්...
'' තමුසෙට ලිස්ට් එකක්ම වගේ ඇති ? '' මියුන් ඇහුවේ ගවීෂ් යන්තං හිනා වෙද්දි...
'' ම්මම්හ්...... අපි බලමු.....බන්ෂ් එකේ යුවනිදු අය්යාගේ මෙමෝරියල්ස් තියන්න ඕන... ආශදීව ටික දවසකට මෙහෙන් ඈතක තියන්න ඕන.... ම්ම් -ලොකු තාත්තාත් ලෙඩින් නිසා , අය්යාගේ මරණෙන් පස්සේ පුංචි අම්මා තවත් මෙහේ ඉන්න පාටක් නෑ , ඉතින් වාශිත්ව බාර ගන්න වෙනවා... ඒ පොඩි එකා තාම බලන් ඉන්නේ , යුවනිදු අය්යා ඊළග පාර ආවාම චොක්ලට් කන්න... හහ්.... හෙට නෙවේ අනිද්දා බැන්ක්වේට් එකක් තියෙනවා බර්ඩ්‍රේන් සීනීයර්ස්ලාගේ... ඊට කලින් යොවන්දි එක්ක කතා කරන්නත් ඕන.....සුදු මාමාගේ ආසම පොත් ටිකයි , මූන් ලැම්ප් එකයි මැන්ෂන් එකෙන් පන්නලා කෝම හරි සුදු මාමාට දෙන්න ඕන... ම්ම්ම්ම් - දැනට එච්චරයි..... '' ගවීෂ් කියාගෙන කියාගෙන ගියේ මියුන් සන්සුන්ව ඔළුව වනද්දි...

- 43 -
Start from the beginning