抖阴社区

                                    

'' උබට මුලින්ම කළොත් හොදයි වගේ හිතෙන්නේ මොකක් ද ? ''

'' මුලින්ම...... මුලින්ම සුදු මාමාගේ කාමරේට මාරු වෙනවා... උඩම තට්ටුවේ අර පේන කුළුණේ කාමරය.. '' ගවීෂ් කිව්වේ වේඝර්ණ මැන්ෂන් එක දිහාවට අත දික් කරන ගමන්...

'' ඒක ලිස්ට් එකේ තිබ්බේ නෑ ? '' මියුන් ඇහුවේ ගවීෂ් රවද්දි....

'' ඉතින් ?? දැන් තියේ !! හහ් ඒක තමයි මුලින්ම කරන්න ඕන..!! ..ඊට පස්සේ -  .. ම්ම්ම් - අපි මේක මෙහෙම යන්න දෙනව ද ? '' ගවීෂ් සිරියස් පිට ඇහුවේ ආයේම තණ බිස්සෙන් හාන්සි වෙන ගමන්.... මියුන් මුකුත් කියන්නැතුව ගවීෂ් දිහාවට හැරුනේ ගවීෂ් තාමත් බොද වුන ඇස්වලින් බලන් ඉද්දි... .....

අනිත් අතට එයාට හිතෙන දේවල් කිව්වොත් ගවීෂ් තවත් අසරණ වෙනවා විතරයි කියන්න මියුන් හොදටම දන්නවා.... මියුන් සද්දයක් නැත්තේ , එයාට කියන්න දේවල් නැති නිසා නම් නෙවේ කියන්න ගවීෂ්ට පවා තේරෙනවා... මේ කොල්ලාට පෙන්නන තරම්ම , දරාගැනීමක් නෑ කියලා සුදු මාමා කිව්වේ නිකන් නෙවේ කියලා ගවීෂ් දැන් නම් හොදටම දන්නවා.... මූඩිය වහලා තියන කං සේයාවක්වත් පේන්නැති , ඒත් අරිනකොට බුබුළු සේරම එක පිම්මෙන් උඩට එන ස්ප්‍රයිට් බෝතලයක වගේ , හිටි ගමන් එළියට දාන මියුන්ගේ හැගීම්වල ඒ තරම් ලස්සනක් ගවීෂ් අද හොදටම වින්දා...කිසිම දවසක ජිවිතේ මේ දවස අමතක නොවෙන තරමට......

මේම මූණට මූණ බලාගෙන කියන්න කිසිම වචනයක් නැතුව ඉන්න දැන් පුරුද්දට ගිහින් ද ? .. හරි අරූට තරං ලස්සන වචන තමුසේට එන්නැති බව ඇත්ත.... සමහර විට එක වචනයක් නැතුවම උනත් මෙතන ඊට වඩා ඝෝෂාකාරියි ද ? සහ - වැදගත්ම දේ..... මියුන්ගේ ඇස්... !! සුරය එහෙමමයි... ඒත් ටිකකට කලින් මෙච්චර කල් කොයි ලෝකේ තිබ්බ ද දන්නැති වචන වගේකින් එයාගේ මූණටම දමලා ගහපු වෙලාවේ වගේම ආයේත් මියුන්ගේ ඇස්වල ඇදිලා අතුරුදහන් වෙන කොළපාට ඡායාව ගැන මියුන්ට කිසිම අවබෝධයක් නෑ කියන්න ගවීෂ් දන්නවා... අවුරුදු එකහාමාරේ ඉදන්ම ගවීෂ්ගේ ජීවිතේ භයානක අදුරු හීනයක් වෙලා තිබුන කොළ ඇස් ~... ඒත් දැන් සීමාවක් නැති ලස්සන හීනයක් වගේ දැනෙන කොළ ඇස්....

'' හ්ම්.....''  මුණින් අතට හැරෙන ගමන් ගවීෂ් ලොකු හුස්මක් පිට කළේ ආයේ අහස දිහා බලන ගමන්.... මේම ඉදියාම බොද වුන ඇස් හරි ඉක්මනින් වේලෙනවා....

-Plot 23 -Where stories live. Discover now