'' තිමෞර්ය.... '' ඒ අස්සේ මියුන් කන ගාව මුමුණනකොට ඇගම හිරි වැටෙනවා... මියුන්ගෙන් ටිකක් එහාට උන ගවීෂ් පපුවට අත තියාගත්තේ හිනා වෙලා ලොකු හුස්මක් ගන්න ගමන්..... තිමෞර්ය ~ .... යදආයදසඅංඅදසංඅසදමසදපස !!!
''අත අත අත !!!! '' ගවීෂ්ට කෑගැහුනේ එයා පපුවට තියාගත්ත අත උඩින්ම මියුන් එයාගේ අත තියපු නිසා.....
'' මුහුද හොයාගන්න ඕනම නම් , ගගකට මග නැවතීමක් නෑ.. තමුසේට තේරුණා ද ? '' මියුන් සන්සුන්ව කිව්වේ එයාගේ හිතේ තිබ්බ දේම නම් නෙවේ කියන්න ගවීෂ් දන්නවා... අඩ අදුරේම උනත් එයාගේ ඇස් පිහාටු පහළට බර වෙලා කියලා ගවීෂ්ට පේනවා... පුදුම ඉමෝෂන්ස් ගොඩක් !!! කී පාරක් දවසට සප්‍රයිස් උනා ද ?
'' කවුද දැනන් ඉදියේ තමුසේ ගාව මෙච්චර වචන තියේ කියලා ? සුදු මාමා වගේ හෙන පොත් ගොඩක් කියවලා ඇති ??? '' ගවීෂ් අනුමාන කළේ මියුන් දිහා බලන ගමන්....
'' හ්ම්... රියැලිටියේ ඉදන් වැළපෙන එකාටයි , ෆැන්ටසියේ විතරක්ම හීන දකින එකාටයි, දෙගොල්ලන්ටම ජීවතේ අල්ලන් ඉන්න අමාරුයි.... එතකොට තමුසේ බැලුවොත් රියැලිටියට බරයි ...''
'' හ්ම්.... අවුලක් නෑ..... රියැලිටියට හරිම ඩෝස් එකෙන් ෆැන්ටසිය කලවම් කරන්න පුළුවන් එකෙක් ළග ඉන්නවා ............-
'' කියලා හිතනවා ?? '' ගවීෂ් සම්පූර්ණ කළේ ඒ පරක්කුවට මියුන්ගේ කටින් පැන්න හිනාවේ සද්දේට ඇස් දෙකත් ලොකු කරන ගමන්....
'' වට් ද හෙල් - '' ගවීෂ් අතට බර දීලා ඔළුව ඉස්සුවේ මියුන්ගේ මූණ හරියට බලාගන්න... දැන් තමයි මෙච්චර වෙලා තිබ්බ අදුරට සාප කරන වෙලාව.... ගවීෂ් ඔළුව උස්සපු විදියටත් යන්තං හිනා වුන මියුන් ගවීෂ්ව ආපහු තණ බිස්සට තල්ලු කළේ , මිනිහා ආයේ භූමිතෙල් වැදිච්ච ගැරඩියා වගේ නැගිටින්න කලින් ගවීෂ්ගේ උරහිස් දෙකෙන් අල්ලගෙන තණබිස්සට තද කරන ගමන්....
'' තමුසේ බරයි !! ''
'' තමුසේට දරාගන්න වෙනවා.. සොරි... '' මියුන් ඒක කිව්වේ නෝන්ඩියට ද නැත්තන් ඒත් නෝන්ඩියට ද , කෝම නමුත් නෝන්ඩියටම තමයි කියලා තේරුන ගවීෂ් ඊළග කුණුහර්ප වැල කියන්න කට අරින්න කලින් මියුන් එයාව බ්ලොක් කළේ ඒකට ලෑස්ති පිට ඉදපු ගවීෂ් මියුන්ව තවත් පහළට ඇදලා ගනිද්දි...
Apocalypse !!!
ඒක ස්වීට් නැති ස්වීට් ස්ට්‍රෝබෙරි , ඇල්කොහොල් නැති ඩ්‍රග් , රොමෑන්ටික් , මොන මගුලක්වත් නෙවේ තනිකරම Apocalypse රිදම් එකක්.... හොදට වෙලාවට තමුසේ දැනටම බිම ඉන්නේ... තවත් හුළග..... තවත් හුළග..... මියුන්ගේ කන් පෙති ඇගිලිවලට අහුවෙනවා ගවීෂ්ට දැනෙනවා.... ඒවා රතු වෙලා ද ? ඇස් ඇරලා බලන්න තරම් සිහියක් නෑ මිනිහාට කෝමත්.... දවල්ට වඩා නම් මියුන් ගොඩක් සන්සුන්.... හුළග වගේ කිසිම කලබලයක් නැ....
'' උබට ඇති තරම් , ෆැන්ටසිය කලවම් කරන්න මට පුළුවන්.. ට්‍රස්ට් මී !!.. '' මියුන්ගේ ගැඹුරු කටහඩ හුළගට වඩා ඉක්මනින් එයාගේ කන ගාව මිමිණෙනවා ගවීෂ් අහගෙන ඉදියේ ඇස් දෙක පියාගෙනම....
'' එතකොට තමුසේ ගාව මට ඕන රියැලිටිය තියෙනවා... '' මියුන් කිව්වේ ගවීෂ්ගේ බෙල්ල හරිය තදින් තොල් තියන ගමන්....
'' උබේ හැම ෆැන්ටසියක් එක්කම...... තමුසේව බාරගන්නවා.... ඒ වගේම , මට ඉඩ දීපන් තමුසේගේ එකම රියැලිටිය වෙන්න...... -
'' මියුන්.... '' ගවීෂ් සම්පූර්ණ කළේ , මියුන්ගේ ඔළුවත් නළලත් අතර දිගම දිග කිස් එකක් තියලා ඇස් දෙක හිමින් පියාගෙන.... උතුරටත් , දකුණටත් පොදු හුළග තාමත් නිහඩතාවය අරක්ගත්ත නිම්නය පුරා පැතිරිලා ගියේ දිග රැයකට සාක්ෂි දරපු තරු බටහිර අහසේ එකින් එක ගිලිලා යද්දි......
'
'
'
'~ මතු සම්බන්ධයි ~
.
.
.'' You are not to worry , cause I can bring my fantasy in to your reality .. ''
- මියුන් -
'' You are welcomed here with all your fantasies and , let me be your only reality. ''
- ගවීෂ් -
.
.* අදහස් ආවාට වචන කරන්න බැහැ - හරි යාන්ත්‍රකයි ඔළුව මේ ටිකේ... මේක ලියන පැයට , ආයේ රවුලි නියමය ෆැන්ටසියක් වෙනවා... !!! ඒත් බෑ දෙකම කලවමේ ඕනනෙව...

- 43 -
Start from the beginning