抖阴社区

                                    

වැදගත්ම දේ මං අදහස් කළේ , ඔයාට මං නැතුව මුකුත් කරගන්න බැ කියලා නෙවේ !. එහෙම නම් අවුරුදු දහනවයක පොඩි ගෑනු ළමයෙක්ට කවදාවත් යාදම් උත්සවේ බර තනියම අදින්නේ බැහැනේ සිනල්යා ? නිකන් .... නිකන් මට ඇත්තටම ඕන වුනේ මට සිද්ධ වුන දේවල් ඔයාට සිද්ධ නොවෙන්න විතරමයි... මං කිව්වේ ඕනම දේකට ඔයත් එක්ක ඉන්නවා කියලා , මිසක් මං ඔයාගේ දේවල්වලට අත දානවා කියලා නෙවෙයි... ( මං දන්නවා ඔයාට මේ දවස්වල තියන පීඩනය , ඒ අස්සේ මං තරහා යන දෙයක් කිව්ව නම් ඇත්තටම මං ඒක ගැන පසුතැවෙනවා...)

ලාවට වාගේ හිත රිදුන බූතයා....

ප .ලි - මේ අමාරු කාලේ අල්ලගෙන ඉන්න ළමයො !!! වෙන මුකුත් නෙවේ ඔයාවම....

.
.
.
.
.
.

බොරුවට හිත රිද්දගත්ත මෝඩ කෙල්ලට ,

අර මොනවාද මේ ලියලා එවලා තියෙන්නේ හැබෑට ? අවංකවම මං ඒකට කැමති නෑ කියන්නත් බෑ...( මොකද ඔයා එක ලියමනක එච්චර වතාවක් මගේ නම ලියලා එවපු පළවෙනි වතාව....) අනික ඔයාට සමාව ඉල්ලන්න තරම් දෙයක් වුනේ නැහැ . අනේ මේ ගැනූ ළමයි ගැන තේරුම් ගන්න මට ඇත්තටම බැහැ... !! අපි ඒක ගැන ආයේ කතා නොකර ඉමු.. ( බලාගෙන ගියාම මාතෘකා කීයක් නම් තහනම් උනා ද ? )

අද හය්යෙන් වහිනවා. මං හිතන්නේ උතුරට දකුණට කියලා වෙනසක් නැහැ ඔයාලාටත් මේ වෙද්දි හය්යෙන් වහිනවා වෙන්නට ඕන.. ගගේ වතුර වැඩි වෙන්න කලින් මං පොඩි ගමනක් යන්න හිතාගෙන ඉදියත් දැන් නම් ඉතින් වැහි කාලේ ඉවර වෙනකම් යන්න වෙන එකක් නැහැ... මං ඔයාට එතැන ගැන කියලා තියෙනවා.. ඔයා අර ලිට්ල් හවුස් පොත් ටික ගැන මාත් එක්ක කතා කරපු දවස්වල... මට මතක හැටියට ඒ වගේ තැනකට ඔයාට ගොඩක් ආසවෙයි... දැන් වැස්ස පායනකම් ඉමු.. ( මං ඒකෙන් අදහස් කළේ මං ඔයාව එතනට එක්කගෙන යනවා කියන එක කියලා ඔයාට තේරුම් යන්න ඇති කියලා මං විශ්වාස කරනවා...) මට ඒ ගැන ඔයාගේ අදහස ලියලා එවන්න අනිවාරෙන්ම...

අහ් වැදගත්ම දේ - යාදම් උත්සවය තිබිලා පෙරේදාට අවුරුද්දක්ම වෙලා... හිතාගන්නවත් පුළුවන් ද ? ඔයාට හිතාගන්නවත් බෑ කෙල්ලේ , එදා පහන් පූජා උත්සවයට මං කොච්චර ණයයි ද කියලා... ( ඇයි කියලා අදහසක් තියෙනවා ද ? ) ඉතින් වැස්සට ඔයා මොනවා කරනවා ඇති ද කියලා මට නිතරම වාගේ කල්පනා වෙනවා.. සමහර විට දැන් ඔයා කඩදාසි බොට්ටු දුසිම් ගාණක් පා කරලා ඇති ඔයාගේ අර වසවර්තී පොඩි ඇච්චො ටික එක්කලා... ( හැබැයි මං එවන ලියුම් ඒ කඩදාසි බෝට්ටුවලට ගන්නැතුව ඇති කියලා මං බලාපොරොත්තු වෙනවා ???? )

-Plot 23 -Where stories live. Discover now