抖阴社区

                                    

වැස්ස දිහා බලාගෙන කල්පනා කරන ,
වැහි බූතයා...

ප.ලි - වැස්ස වෙලාවට ටයිඩ්‍රැක්ස් එකේ උණු කෝපි කෝප්පයක් බොන්න ඔයා ආස නැති වෙන්න බෑ ? මට ඒ ගැන කියලා එවන්න.....

.
.
.
.
.
.
.
.
.
.

මට ගස්සගෙන ගිය මුරණ්ඩු කෙල්ලට ,

මුලින්ම ඔය කේන්තියට බොමුද සීතල වතුර වීදුරුවක් ? මේ ටිකේම වගේ අප්පච්චිගේ වැඩ වගයක් නිසා මට හෙළවෙන්නවත් උනේ නැ කෙල්ලේ... ඉතින් ඇත්තටම ඔයාට ලියන්න අතපසු වුනා... බැරි වෙලාවත් ඊයේ ඔයා හිනාවත් නොවුනේ ඒක හින්දා ද ? ඒක එහෙම නම් , මට ඇත්තටම දුක නෑ.. ( එතකොට මං හිතන්න පෙළඹෙනවා මං කතා නොකර ඉදියාම ඔයාට තරහා යන්නේ මොකද කියලා... )

ඒත් , මං අවංක වෙන්නම ඕන.. මේ සති තුනට මං දෙයක් තේරුම් ගත්තා... මං හිතන්නේ දැන් නම් මට ඔයාගේ කතාවේ , ලියුම් ලියන හතුරාට වඩා ඉඩක් ඕනවේවි, දැරිවි... (දැරිවි කිව්වම වෙනදා වගේම කේන්තියට ඔයාගේ ඇස්පිහාටු වෙව්ලනවා ඇති කියලා මං හිතනවා... )

මගඇරුන බූතයා...

ප.ලි - අනිවාරෙන්ම දැන් නම් මට ඉක්මනින්ම ඔයාව මුණගැහෙන්නයි ඕන. මේ සති අන්තිය ඔයා නිදහස් නම් , මං පුරුදු තැන , පුරුදු වෙලාවට ඉන්නවා...

.
.
.
.
.
.
.
.
.

සිනල්යා ,

මං හිතන්නේ මං මේ ගැන කතා කරන්න ඕන.. මේක අපිට හැමදාම මගඅරින්න පුළුවන් මාතෘකාවක් නෙවේ.. දැන් සති ගාණක්ම ඔයා මාව මග ඇරියා.... මං මොන තරම් ආඩම්බර මනුස්සයෙක් උනත් , මගේ හැසිරීම නින්දිතයි කියලා මං පිළිගන්නවා....

හොදයි ,මට අවංකවම කියන්න , එදා මං ඔයාව සිපගත්තේ ඔයාගේ කැමැත්තෙන් නෙවේ ද ? මේකට උත්තරයක් දැනගන්නකම් මට ඇත්තටම සැනසීමක් නැහැ සිනල්යා... ( උත්තරයක් දැනගත්තත් මගේ හිතට සැනසීමක් තියේවි කියලා හිතන්න අමාරුයි... ) මොකද මං විශ්වාස කළේ ඔයාගේ රතු ඇස් මට ඒ අවසරය දුන්නා කියලයි.... ඒත් පස්සේ ඒක මහ මෝඩ අදහසක් කියලා මට අනන්තවත් හිතුනා , මොකද ඔයාට තරහා ගියාමත් ඇස් දෙක ක්‍රිස්ටල් රතු වෙන්න පුලුවන් කියලා මට අමතක උනා !!!.. ඒක කොච්චර ලොකු අතපසුවීමක්ද කියලා මට කල්පනා වුනේ ඔයා වචනයක්වත් නොකියා ගිය වෙලාවේ...

-Plot 23 -Where stories live. Discover now